
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දිනකට රුපියල් කෝටි දෙකක පාඩුවක් සිදුවන බව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී ඇත
එම අධීක්ෂණ කාරක සභාව හමුවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක් කැඳවූ අවස්ථාවේ ඒ් බැව් අනාවරණ විය.
රාත්‍රි කාලයේ ධාවනය කෙරෙන බස්රථවලවල කොන්දොස්තරවරුන් මගීන් වැඩි පිරිසකට ටිකට් පත් ලබා නොදීම හේතුවෙන් මෙවැනි අලාබයක් සිදුවන බවත් ඉදිරියේදී මුදල් භාවිත නොකර කාඩ් පත් මගින් ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එහිදී ප්‍රකාශ විය
එය නගරවල පමණක් නොව ඈත ගම්බද ප්‍රදේශවල පවා ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එවිට මෙම අලාබය පියවාගත හැකි වනු ඇති බවත් එම අවස්ථවේ ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරින් විසින් සඳහන් කර තිබේ.
මෙම කටයුතු ප්‍රමාද වෙමින් පවතින්නේ රජයේ ක්‍රමවේද අනුව කටයුතු කිරීමට සිදුව තිබෙන නිසා බවද නොවැම්බර් මාසය වන විට මෙම ක්‍රමවේදය සපුරා ගත හැකි වනු ඇති බවද ඔවුහු එහිදී පෙන්වා දුන්හ
ශ්‍රී ලංගමය බස්රථ 4800 ධාවනයට යොදවා ඇති අතර ඒය පෞද්ගලික බස්රථ 3කට 1ක් වැනි ප්රමාණයකි.
යුරෝපීය මෙට්‍රෝ ප්‍රවාහන සේවයට සමාන ප්‍රවාහන සේවයක් ආරම්භ කර ඇති බවත් නොවැම්බර් මාසයේ සුපර් ලක්ෂරි බස් රථ 200ක් පමණ ධාවනයට යෙදවීමට කටයුතු කරමින් සිටින බවත් නිලධාරීහු පැවසූහ
දුරගමන් සේවා සඳහා තවත් නවතම බස්රථ 200ක් ගෙන්වීමට පියවර ගෙන ඇතැයිද ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි මෙට්‍රෝ බස් දාන්න කලින්, රට පුරා අඛණ්ඩ බස් සේවයක් දාපල්ලා, කොළඹ තදාසන්න ප්‍රදේශවල පවා රාත්‍රි හත පහු උනාම ගෙදර යන්න බස් එකක් නැහැ, මුලින්ම ඒවා හදලා හිටපල්ලා........