(රංජිත් රාජපක්ෂ)

හැටන් සිට හැටන් වැලිඔය දක්වා ධාවනය වන ලංගම බස් රථයට ගොඩ වූ පිරිසක් එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරට බැන තර්ජනය කර පහර දීමට තැත් කිරිමත් සමග බස් රථයේ රියදුරා බස් රථයේ සිටි මගීන් සමගම බස් රථය හැටන් පොලිසිය වෙත රැගෙන ගොස් ඊයේ (16) දින පස්වරුවේ පැමිණිල්ලක් කර ඇති බව හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාර පාලිත වීරසූරය මහතා පැවසිය.

බස් රථය වැලිඔය දක්වා පස්වරු 5:15ට පමණ ධාවනය කිරිමට හැටන් බස් නැවතුම්පොළේ ගාල් කර තිබියදී එම බස් රථයට ගොඩ වූ එම මාර්ගයේම ධාවනය කරවන පෞද්ගලික බස් රථ කිහිපයක රියදුරු සහ කොන්දොස්තරවරුන් නැග බස් රථය ධාවනය කිරිමේ වේලාවක් සම්බන්ධයෙන් තම ඩිපොවේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට බැන තර්ජනය කර ඇති බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ.

එම මාර්ගයේම ධාවනය වන තම ඩිපෝවට අයත් තවත් බස් රථයක රියදුරුට ඊට පෙර (15) දින බැන වැදී කොන්දොස්තරවරාට පහර දීමක් සම්බන්ධයෙන්ද එම මාර්ගයේම ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරවරයාට එරෙහිව පැමිණිල්ලක් සිදු කර ඇත.