(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රුපියල පහළ යෑමෙන් ගැටළුවක් ඇති නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
වාහන ආනයනය නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය
ඔහු මෙසේ පැවසුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද
පැවසීය.
වාහන ආනයනය නතර කිරීමට තීන්දුවක් අරගෙන නැහැ. වාහන ගෙන්වීම නතර කරන්න කිසිදු තීරණයක් අරගෙන නෑ. පුද්ගලික වාහන ඇණවුම් කිරීම මාස කීපයක් පමා කිරීම තමයි වෙලා තියෙන්නේ. වාහන විතරක් නෙවෙයි කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමකට හෝ ආර්ථිකය හැකිලීමට තීරණයක් අරගෙන නැහැ.
තොරතුරු පාදකව මේ සඳහා මැදිහත්වීමට බලාපොරොත්තු වෙනවා. පුළුවන් ආකාරයට ආර්ථිකය ප්‍රසාරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ආයෝජන කැඳවීමට . ඉන්ධන සහනාධාරය සඳහා බිලියන පනස් හතක් වෙන් කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ ඔබතුමාත් තවත් එක් හොර උපාධිකාරයෙක්. නැත්තං පැලවත්තෙන් ලබාගත් මාලිමා උපාධි හිමිකරුවෙක්...!
තමුන් ලබා ගත්තා යැයි කියා සිටින උපාධියේ ගරුත්වයවත් තියන්න බලනවා...