අපරික්ෂාකාරීව සහ නොසැළකිලිමත් ලෙස සැත්කමක් සිදුකිරීම නිසා මගේ බිරිය මිය ගියා. දහතුන් හැවිරිදි දියණියට ආදරණීය මවක් නැතිවුණා. මගේ බිරියගේ ජීවිතයට සිදුවූ හානිය සම්බන්ධයෙන් වරදකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවායැයි තුම්මෝදර වග ඉරිදාපොල පදිංචිකරුවකු වන ජී උපාලි ගුණතිලක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කියා සිටියේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේ සාක්කි දෙමින් ඔහු මෙසේ කියා සිටියේ සිය බිරිය වූ දයානි හේමමාලා (35) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් පැවැති මහේස්ත්‍රාත් සාක්කි විමසීමේදීය.
නිරෝගීව සිටි කාන්තාවක අපරික්ෂාකාරීව හා නොසැලකිළිමත් අන්දමින් සැත්කමකට භාජන කර ඇගේ ජීවිතය අන්තරාකාරී තත්ත්වයකට පත්කීරීම සහ එකී කරුණු හේතුකොට ගෙන ඇයගේ මරණය සිදුවීම ගැන 2012 ඔක්තෝබර් 4 වැනිදා පොලිසියට කර තිබුන පැමිණිල්ලට අනුව මෙම සාක්ෂි විමසුම පැවැත්වේ.අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සරත් සිරිවර්ධන මහතා සමග පෙනී සිටි නීතිඥ ඒ.එම්.එස්. මිස්බා මහතාගේ මෙහෙයවීමෙන් තවදුරටත් සාක්ෂි දුන් උපාලි ගුණතිලක මහතා මෙසේද කියා සිටියේය.
‘මගේ බිරිය සැත්කමකට භාජන කළා. දොස්තර මහතාගේ වැරදීමකින් බිරිය මියගියා. එවකට මා සේවය කළේ එක්සත් රාජධානියේ. මම හැමදාම ගෙදරට කතා කරනවා. බිරිය එක දවසක් කිව්වා කැරකිල්ලක් තියෙනවා කියා. මම කීවා දොස්තර කෙනෙකුට පෙන්නන්න කියා. ඒ අනුව ඇය මහාචාර්ය රන්දෙ‚ය ළඟට ගොස් තිඛෙනවා. එතනදී ඔහු ඇය පරීක්ෂා කර බලා ඩිම්බ කෝෂයේ ගෙඩියක් තිඛෙනවා යැයි කියා තිඛෙනවා.
ස්කෑන් පරීක්ෂණයක් කරලා අපි ඉන්ජෙක්ෂන් එකක් ගහලා මෙය මැඩපවත්වමු යැයි වෛද්‍යවරයා කියා තිඛෙනවා.
වෛද්‍යවරයාගේ උපදෙස් අනුව මගේ බිරිඳ රුපියල් 20,000 බැගින් ඉන්ජෙක්ෂන් තුනක් මාසයකට එක බැගින් ලබාගෙන ඇතත් ප්‍රතිඵලයක් නොලැබුණු නිසා වෛද්‍යවරයා ශල්‍යකර්මයකට දින නියම කර තිඛෙනවා.
ශල්‍යකර්මය කරන්නට පෙර මා එංගලන්තයේ සිට දොස්තර මහතාට හැම මොහොතකම කතා කළා. එයා මේවගේ ඔපරේෂන් දහස් ගණනක් කරලා තියෙනවා කීවා. සැත්කම කරන විට එයට බඩවැල් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු සම්බන්ධ වෙනවා කිව්වා. නමුත් මේ ඔපරේෂන් එක කරලා තිබුණේ බඩවැල් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවයි.
අප්‍රේල් 5 වැනිදා සිට 9 වැනිදා වනවිට මගේ බිරිඳට හුඟක් අමාරු වුණා. මා හැම තිස්සේම කතා කළත් අදාළ වෛද්‍යවරුන් හෝ හෙදියන් ලෙඩාට අමාරු බව මට කීවේ නැහැ. ඇය හොඳින් ඉන්නා බව පමණයි මට පැවැසුවේ.
බිරිඳ නැවත සැත්කමක් කර හදිසි ප්‍රතිකාර ඒකකයට යවා තිබුණා. ඊට පස්සේ මගේ නංගි වෛද්‍යවරයකුගෙන් අසා තිඛෙනවා රෝගියාට කොහොමද කියලා. එයාට ජීවත්වෙන්න වාසනාව තියෙන්න ඕනෑ මට සාත්තර කියන්න බැහැ. පැය 24ක් යනතුරු මොකවත් කියන්න බැහැ. ස්වභාව ධර්මය අනුව යම්කිසි දෙයක් වුණොත් එය බාරගන්න ලැස්තිවෙලා ඉන්න කියා වෛද්‍යවරයා කියා තිඛෙනවා. පසුව මමත් දොස්තර මහතාට කතා කළා. මොකුත් කියන්න බැහැ කියා දොස්තර මහතා කීවා.
අප්‍රේල් 17 වැනිදා ඔයාලගේ ලෙඩා කළුබෝවිල ගෙනියනවා. හෙට උදේ 7.00ට එන්න කියා මගේ බිරිඳ ළඟ සිටි ඥාතීන්ට රෝහලෙන් කියා තිඛෙනවා. මේ වනවිටත් ලක්ෂ දෙකකට අමතරව තවත් ලක්ෂ දෙකක් විතර රෝහලට ගෙවලයි තිබුණේ.
මගේ ඥාතීන් රෝහලට යනවිට එහි ලොබියේ ඇඳක දමා ලෙඩාට බටදාලා තියෙනවා දැක තිඛෙනවා. අපි මෙයාව කළුබෝවිලට අරින්න ඕනෑ. ඉතුරු සල්ලි ගෙවන්න කියලා රෝහලෙන් කියා තිඛෙනවා. එතකොට ලක්ෂ 10ක බිලත් අතට දීලා තිබුණා.
බිරිඳගේ පොතේ තමයි සල්ලි තුබණේ. එයා අසනීප නිසා සල්ලි ගහන්න විදියක් තිබුණේ නෑ. දුව මට කතා කරලා කීවා මගේ මස්සිනාගේ පොතට ඉක්මනට සල්ලි එවන්න කියලා. මගේ බිරිඳ කළුබෝවිල රෝහලට මාරුකර තිබුණේ අපෙන් කිසිම අත්සනක්වත් නැතිවයි.
සල්ලි ගේන්න වෙලාවක් යන නිසා මගේ මස්සිනා කෑගහල තියෙනවා, ලෙඩාව දැඩි සත්කාර ඒකකයට දාන්න නැත්නම් කළුබෝවිල යවන්න කියා.
මගේ බිරිඳ අමාරුවෙන් හුස්ම ගන්නා නිසා ඇය කළුබෝවිල යවලා මගේ දුව වෙනම කාමරයකට අරන් තිබුණා. ඉතුරු සල්ලි ගෙවලා දුව නිදහස් කර ගන්න කියා තිබුණා. පසුව මගේ මස්සිනා ඉතුරු සල්ලි ගෙනත් බිල ගෙවලා නර්ස්ට එය පෙන්නලා. දුව කාමරයෙන් එළියට අරන් තිබුණා.
දොස්තර මහතා තීරණය කර තිබුණා බඩ විවෘතව තබන්න. එදා ඉඳන් මගේ බිරිඳගේ බඩ විවෘතවයි තිබුණේ. කන බොනදේවල් එලියට එනවා.
මම ලංකාවට ඇවිත් කෙලින්ම කළුබෝවිල රෝහලට ගියා. මට මගේ බිරිඳ හදුනාගන්න බැරිවුණා. මම ලක්ෂ 5ක් පමණ වියදම් කරලා ඛෙහෙත් අරන්දුන්නා.
වෛද්‍යවරයෙක් කීවා මට කතා කරන්න ඕනෑ කියලා. ඒ මහතා මගේ බිරිඳගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම මට පැහැදිලි කලා. එයාගේ බඩවැල් හයපොලකින් හානිවෙලා ආහාර දිරවන නාලය ගොඩක් හානිවෙලා තිඛෙනවා. ඇසිඩ් අම්ලය කාන්දුවෙලා බඩවැල් නරක්වෙලා කීවා.
ඒගොල්ලන්ට හොයා ගන්න බැරි ස්ථාන තිඛෙනවා. ඒ නිසා ඕපන් කරලා (විවෘතකර) තිඛෙනවා කිව්වා. බිරිඳගේ ජීවිතය ගැන විශ්වාසයක් තබා ගන්න එපා කියා මට කීවා. මා දැඩි සත්කාර ඒකකයේ සිටින දොස්තර මහත්වරුන් සමග කතාකළා. ඒගොල්ල කීවා ජීවිතේ ගොඩදාන්න බැරි තත්ත්වයකට විනාශ කරලා තමයි එවලා තිඛෙන්නේ කියා.
මගේ බිරිඳගේ තත්ත්වය එන්න එන්නම බරපතල අතට හැරුණා. මගේ බිරිඳ නොවැම්බර් 23 වැනිදා මියගියා.
මට ආදරණීය බිරිඳත් නැතිව ගියා. අපි විවාහ වුණේ වසර 7ක කාලයක් ආදරවන්තයන් ලෙස ඉඳලයි. මගේ 13 හැවිරිදි දැරියට ආදරණීය මවක් නැතිවුණා. මගේ දුවයි බිරිඳයි ගහයි පොත්තයි වගේ හිටියේ.
මම එංගලන්තයේ මාසයකට රුපියල් ලක්ෂ 5ක් පමණ උපයමින් කළ රස්සාව නැතිවුනා. මගේ බිරිඳ තරුපහේ හෝටල්වලට කැපූ මල් සැපයීමේ ව්‍යාපාරත් පවත්වාගෙන ගියා. අපි එංගලන්තයේ පදිංචියට යන්නයි හිතාගෙන හිටියේ. මේ සියල්ලම නැතිවුණා.
මට මුදල් නොතිබුණානම් බිරිඳ මිය යන්නේ අප්‍රේල් මාසයේදීමයි. රුපියල් ලක්ෂ 16ක් පමණ මට වියදම් වවුණා. ඛෙහෙත්වලට ඊට අමතරව රුපියල් ලක්ෂ 10ක විතර රෝහල් ගාස්තු ලෙස වියදම් වුණා. මගේ 13 හැවිරිදි දිය‚යට අම්මා ළගින්ම ඉන්න අවශ්‍ය කාලයේදී ඇය නැතිව ගියා.
වැඩිදුර සාක්ෂි විමසුම මෙම 28 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ රෝහල් හොදයි කියන අයට දැන් අචලා අමතක වෙලා.(නදී)
මෙම පෞද්ගලික රෝහල පිළිබඳව තොරතුරු හෙළිකරන්න. (දී)
අපේ රටේ ඕපා දූප වෙබ් අඩවි සහ මාධ්‍ය වලට පින් සිද්ද වෙන්න මේවා එලියට එනවා. මේවට නිසි දඩුවම් දෙන්න ඕනා. මෙතන වැරදි කිහිපයක්, එහෙම හිරකරන් ඉන්න බැහැ ළමයෙක්ව. (නදී)
මේ මිනිස්සුන්ට දඩුවම් ලබා දෙන්න දෙවියනේ (දී)
පුද්ගලික රෝහල් වල ගොඩක් ඉන්නේ අදාල අංශය ගැන පලපුරුද්දක් නැති දොස්තරලා.(නදී)
ළමයා සිරකරගෙන සිටි කෙනා වහා සිරබාරයට ගත යුතුයි. එයාලා කොහොමද අවුරුදු 13 ළමයෙක් නිවාස අඩස්සියට ගත්තේ. (නදී)
මේ සිද්දියට සාධාරණයක් ඉෂ්ට කරන්න (දී)
මෙවැනි දේවල් යළි සිදු නොවෙන්න දොස්තරලාටයි රෝහලටයි දැඩි දඩුවම් දියයුතු වගේම අදාල පුද්ගලයින්ට නිසි වන්දියක් දියයුතුයි. (නි)
බොහොම කණගාටුයි. (නි)
රජයේ රෝහල් අපිට හොදයි (දී)
සමහරක් දොස්තරලා අර කොන්දොස්තරලා වාගේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ සල්ලිමයි. (නි)
මෙම පෞද්ගලික රෝහලේ නම හෙළිකරන්න .අඩු ගානේ අපට ඒකට නොයා ඉන්නවත් (නදී).
ඒ වැඩේ වරදක් නොවෙයිද (දී)
පළමුව මගේ කණගාටුව. අහන්න දකින්න තිබෙන දේවල් හදවත කම්පාකරවන සුලුයි. ඇත්තෙන්ම ලංකාවේ පුද්ගලික රෝහල් වලත් දොස්තරලාගෙ තත්වය මෙයයි. මුදල් හම්බ කිරීම ඔවුන්ගෙ එකම අරමුණයි. (නි)
රජයේ රෝහලක් නම් නම දානවා නේද? (නි)
මිනිස්සු අසරණ උනාම ඔය විදිහට සලකන එක වැරදි (දී)
කොල්ලුපිටියේ පුද්ගලික රෝහළක තමයි ඕක වෙලා තියෙන්නේ. (නදී)
මමත් මේ දොස්තරලා සහ හෙදියන් යන දෙකොට්ඨාශයෙන්ම බැට කාලා තියෙනවා. (නි)
රෝහල මෙම අසාධාරණයේ වන්දිය ගෙවිය යුතුයි. (නි)
ඇයි මේ රෝහලේ නම පළ නොකරන්නේ? (නි)
මේ වතාවේ දොස්තරට සමාව දෙමු නේද.....(ස)
මෙම පෞද්ගලික රෝහල පිළිබඳව තොරතුරු හෙළිකරන්න. (නි)
පුද්ගලික රෝහල් කරන්නේ රෝගියාට අන්තිම වෙනකල් එහේ තියාගෙන බැරි වෙද්දී රජයේ රෝහලකට යවන එක. (නි)
මහාචාර්ය දොස්තරට විදේශ සවාරියක් යන්න තියෙනවා කියලා ලෙඩා බලන්න බැහැ කිවුවලු. (නි)
මොකක්ද මේ රෝහල? (නි)
අනේ අනේ මේවා කාට කියන්නද? (නි)
මේ තමයි උගත් මහත්'හොරු'... (නි)
මේ අපරාධය කරපු දොස්තර මහාචාර්යවරයාගේ නම ගොසිප් ලංකා එකේ තිබෙනවා නේද? (නි)
ඊයේ පෙරෙයිදා වුණෙත් ඔහොම එකක් නේද, ස්කෑන් කරන්න ගිහින්? (නි)
මෙම පෞද්ගලික රෝහල පිළිබඳව තොරතුරු හෙළිකරන්න. (නි)
නීතියෙන් ඔය අපරීක්ෂාකාරී දොස්තරට අවුරුදු 5 කටවත් අවම වශයෙන් හිර දඩුවමක් ලබාගත නොහැකි වුණොත් ආදරණීය ස්වාමි පුරුෂයෙක් වශයෙන් ඔබට පෞද්ගලිකව, මියගිය බිරිදට ඉටු කළයුතු යුතුකමක් ඇති බව තරයේ හිතට ගන්න. (නි)
රජයේ රෝහලේ නම දැම්මා නම් ඇයි පුද්ගලික රෝහලේ නම දාන්න බැරි? (නි)
මෙම අසාධාරණයට රෝහල් බලධාරීන් වගකිව යුතුයි. (නි)
දුප්පත් අපිට නම් පුද්ගලික රෝහල් වලට වඩා රජයෙ රෝහල් ගැන විශ්වාසයි. (නි)
මනුස්ස කමට වඩා සල්ලි ලොකු වෙලා (දී)
වෛරයෙන් වෛරය නොසන්සිදේ. සොයුරිය, නුඹට නිවන් සුව! වෛද්‍යවරයාට සොබාදහම නිසි දඩුවම් පමුණූවාවි. (නි)
http://www.nethfm.com/site/දොස්තර_බිල්ල-11-330-v.html
අසරණ කම තවත් අසරණ කරලා (දී)
රෝහල පිහිටා තියෙන්නේ කොල්ලුපිටිය පැත්තේලු. (නි)
දෙවියනි, ඔබ කොහිද? (නි)
තවත් අහිංසක දුප්පත් ජනතාව බිලි නොවීමට මෙම රෝහලේ නම හෙළිකරන්න. (නි)
මේ දොස්තරලද, කොන්දොස්තරලද? කොන්දොස්තරලාවත් ඔය වගේ ජරා වැඩ කරන්නෙ නැහැ. (නි)
නිතිය අතට ගත්තේ කොහොමද (දී)
මම මේ ආවේගයෙන් කියන්නේ ...මේ දොස්තරු කරන්නේ මහ කැත වැඩ...මේ අය උල තියන්න වටින්නේ.... (දී)
මේ පෞද්ගලික රෝහල් වල ගිය ගමන් පරීක්ෂණ මහා ගොඩක් කරවනවා. අත්‍යවශ්‍ය නැති දේවලටත් ලොකු ගානක් යනවා. එකතරා රෝහලක වෛද්‍යවරයෙකු ඉන්නවා ගිය ගමන් සැත්කම් කරන්න යෝජනා කරන. වෛද්‍යවරයෙකු ලොකු ප්‍රතිකාරයක් යෝජනා කළොත් දෙවැන්නකුටත් පෙන්වන එක නුවණට හුරුයි. (නි)
ස්තූතියි.. මෙවැනි දෑ ගැන රටට හෙළිකිරීම ගැන නැවත වරක් ස්තූතියි. (නි)
එදිරිසිංහ මහත්මයා , පුද්ගලික රෝහලේ නම සදහන් කළා නම් සමහරවිට අපහාස කළාය කියලා රෝහල් බලධාරින් පත්‍රයේ බලධාරින්ට විරුද්ධව නඩුපවරලා වන්දි ඉල්ලන්න පුලුවන්. (නි)
සමන්, මේ නමත් සම්පූර්ණ සිද්ධියත් ඒ දවස්වල ඉංග්‍රීසි පත්තරයක තිබුණා. (නි)
පේනවා නේද මේ උගත්යැයි කියා ගන්නා වෛද්‍යවරයෙක් කතාකරන හැටි? අපගේ සමහර වෛද්‍යවරුන්ගේ 'වෘත්තීය හැසිරීම' සහ ඔවුන් සාමාන්‍ය මිනිසුන් වෙත දක්වන උද්ධච්ච,අධම සහ ග්‍රාම්‍ය ආකල්ප මෙම ප්‍රකාශය තුල ගැබ්වී ඇත.මෙවැනි මනුෂ්‍යත්වයක් නැති අධමයින් වෛද්‍ය විද්‍යාල වලට ඇතුළුවීමට පෙර හඳුනාගැනීමට ක්‍රමයක් අපට නොමැති වීම අවාසනාවකි. (නි)
බිල ගෙවුවේ නැත්නම් ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ඇරෙන්න කාවවත් ඇපයට තියාගන්න බැහැ (නි)
මට "සාගරයක් මැද" චිත්‍රපටිය මතක් වුණා. (නි)
මමනම් කියන්නේ එහෙම කාවවත් එහෙම හිරකරලා තියා ගන්න බැහැ (දී)
පුද්ගලික රෝහල්, පුද්ගලික බස් වල විදියට මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට අරගෙනයි ඉන්නේ. (නි)
මොන රෝහලට ගියත් ගෙදර එනකල් විශ්වාස නැහැ. (නි)
මේක මහ මිනීමරු ඉස්පිරිතාලයක්. (නි)
මේ රෝහලේ ඉන්නේ මිනිස්සුද ඇත්තටම? (නි)
පුද්ගලික රෝහල් වල වැඩ කරන අය හිතන්නේ වැඩිපුර සල්ලි තියෙන අය තමයි ඒවට එන්නෙ කියො. ඒ නිසා බලන්නේ මුදල් ගැනම විතරයි. අෙප් සමහර උදවියත් රාජ්‍ය අංශ රෝහල් ගැන බලන්නේ අවතක්සේරුවෙන්. අන්තිම ට කියන්න තියෙන්නේ ලෙඩා මළත් සල්ලි දොස්තරගේ මල්ලට ... (නි)
මේ වගේ සල්ලි අරන් මිනිස්සු අමාරුවේ දාන වෛද්‍යවරුන්ට නිසි දඬුවම් දිය යුතුයි. 13න් හැවිරිදි දරැවට අම්මා නැති වුණා. ස්වාමියාට බිරිඳ නැති වුණා. ඒ වගේ මේකට සම්බන්ධ වූ අයට වැඩි කාලයක් නෑ එයාලටත් මේ වගේ අමාරුවක වැටේයි...(ස)
අමනුස්ස දොස්තර කෙනෙක්නේ... (නි)
රජයේ රෝහල් වල තත්ත්වයත් මීට සමානයි තමයි. (නි)
ඔය රෝහලේ නම ප්‍රසිද්ධ කරන්න. (නි)
නඩු දාන්න බැරිද රෝහලට විරුද්දව (දී)
අසරණ කම දෙපිටින් ගිහින්.පව් (දී)
මේ වැඩේට නම් සාධාරණයක් ඉෂ්ඨ වෙන්නම ඕනේ (දී)
පෞද්ගලික රෝහලකදී අට සත් කමක් කරන්න වුනා දොස්තර මගෙන් ඇහුවා අපි දැන් ඔයාව සිහිනැති කරන්න යන්නේ එක කරන්න ඉන්ජෙක්ෂන් එක ගනන්නද බිල පෙන්නන්නද කියලමම කිව්වා බිල පෙන්නන්න කියල ?සිහිනැති උනා අගේට (ස)
රෝගියා මලාට පස්සේ බිල් ගෙවන්නේ මොකටද? මැරුවටද?(නදී)
ඉතාම කනගාටුදායක කතාවක් .. කියවද්දී ඇහෙන් කඳුළු පනිනවා . (දී)
දැන් රජයේ රෝහල් හොදයි කියලද කියන්නේ. එතකොට අචලාගේ අත.(නදී)
අචලාගේ අත අමතකද දැන් (ස)
ලංකාවේ දොස්තරලගේ පන්ති බේද. ඒකනේ මෙහෙම කතා කරන්නේ.(නදී)
මම ඉන්නේ ජර්මනියේ... මෙහෙ නම් වෛද්‍යවරුන්ගේ පන්තිභේද නෑ. (ස)
දැන්වත් සියලු පුද්ගලික රෝහල් රජයට පවරාගෙන පුද්ගලික චැනල් සේවා වහා ඉවත් කරන්න. (නි)
අර ස්කෑන් එකේදී මියගිය දැරියගේ වැරදිකරුවන්ට දඩුවම් නැද්ද? (නි)
දෙවිවරුන් වගේම මෙහෙම දොස්තරලත් ඉන්නවා. (නි)
කණගාටුදායක පුවතක්. කරුණාකර එම රෝහලේ නම හා දොස්තර මහතාගේ නම ප්‍රසිද්ධ කරන්න. ඒ මගින්, ඔවුන් අනාගතයේදී ලෙඩුන් ගැන මීට වඩා සැළකිලිමත් වේවි. අනිකුත් දොස්තරවරුන් හා රෝහල්ද තම සේවාවන් ගැන වඩා සැළකිලිමත්ව කටයුතු කරාවි. (නි)
මවගේ වියෝව දැනෙන දියණියට මොනවා හිතෙන්න ඇද්ද (දී)
මේ රෝහල වැසිය යුතුයි. මෙහි නම පළකරන්න. (නි)
වරදවල් දෙකයි (දී)
මොන තරම් අසාධාරනයක්ද (දී)