IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රෝහල් අද කොට උඩ

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය කැදවූ වැඩ වර්ජනය අද උදෑසන සිට දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක විය.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, රාගම, මහනුවර, කරාපිටිය, යාපනය ඇතුළු ශික්ෂණ රෝහල් 21ක , මහ රෝහල් හතක හා සෞඛ්‍ය ආයතන 14ක   වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥයෝ, ඖෂධවේදීහු, විකිරණ ශිල්පීහු, භෞත චිකිත්සක නිලධරයෝ ඊට එක්වූහ.

රසායනාගාර සේවා, ඖෂධ නිකුත් කිරීම්, එක්ස්රේ , ස්කෑන් පරීක්ෂණ ප්‍රතිකාර කිසිවක් අද සිදුවූයේ නැත.

කොළඹ ජාතික රෝහලේ ද බාහිර රෝගී අංශයේ ප්‍රධාන ඖෂධවේදියාගේ කාමරය ඉබි යතුරු දමා සිල් කර තිබූ අතර බෙහෙත් නිකුත් කරන කවුළු වසා දමා තිබිණි.

පරිපූරක වෛද්‍ය සේවකයන්ට හිමි විය යුතු දීමනා මෙතෙක් නොලැබීම මේ වැඩ වර්ජනයට හේතු වී තිබිණි.



අදහස් (0)

රෝහල් අද කොට උඩ

ඉන්දු Thursday, 21 February 2013 12:24 PM

මේ වැඩේ අසාධාරණයි (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 21 February 2013 12:24 PM

" මහජන මුදලින් ඉගෙනගෙනත්.., මේ අයගේ ඉල්ලීම් ඉවරයක් නෑ .., අසරණ ජනතාව තමයි තැලෙන්නේ..., දෙන්නම එපා ඔය ඉල්ලන ඒවා..., මේ අයගෙන් වැඩක් නෑ..., රජකාලේ දඬුවම් දෙන්න ඕන..," ඉහත සඳහන් වචන යොදා වාක්‍ය තනන්න අර 'හොඳ තීරණයක්/ මගේ රටට දළදා හිමි සරණයි' කල්ලියට දැන් අවස්තාව.. (භාණ්ඩාගාර අනුමැතිය නැතැයි කියමින් මෙතෙක් කලක් හමස් පෙට්ටියේ ලා තිබුන විසඳුම, භාණ්ඩාගාර අනුමැතිය ලැබී දෙමසක් ඉක්මිලාත් තවම ඉටු නොවී පවතින බවත්, අසාධාරණයට ලක්වූ සේවකයින් අවුරුදු කීපයක් තිස්සේ රජයේ නියමිත වැටුපට වඩා අඩු වැටුපක් ලබමින් සිටින බවත් නොදැන හිටියාට කමක් නැත) (දී)

:       0       0

ඉන්දු Thursday, 21 February 2013 12:28 PM

හැමතැනින්ම කවුද අසරණ වෙන්නේ (දී)

:       0       0

ගාමා Thursday, 21 February 2013 01:00 PM

අනේ අර අසරණ මිනිස්සු (දී)

:       0       0

අයිවන් Thursday, 21 February 2013 01:15 PM

අපි ඕක කිවුවා කලින්ම. (නි)

:       0       0

කමල් Thursday, 21 February 2013 01:29 PM

දැන් ඉතින් පරිපුරක අයට බනින්න පටන් ගමු (දී)

:       0       0

ලාල් Thursday, 21 February 2013 01:57 PM

වසරේ වැඩි දවසක් කොට උඩ තමයි (දී)

:       0       0

හේමසිරි Thursday, 21 February 2013 02:02 PM

කාට කියන්නද අප්පා මේ අවනඩුව (දී)

:       0       0

සාලිය Thursday, 21 February 2013 02:21 PM

අහිංසක මිනිස්සු අමාරුවේ දානවා (දී)

:       0       0

පෙරේරා Thursday, 21 February 2013 02:40 PM

සන්තෝසයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 82 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site