පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය කැදවූ වැඩ වර්ජනය අද උදෑසන සිට දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක විය.
කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, රාගම, මහනුවර, කරාපිටිය, යාපනය ඇතුළු ශික්ෂණ රෝහල් 21ක , මහ රෝහල් හතක හා සෞඛ්‍ය ආයතන 14ක වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥයෝ, ඖෂධවේදීහු, විකිරණ ශිල්පීහු, භෞත චිකිත්සක නිලධරයෝ ඊට එක්වූහ.
රසායනාගාර සේවා, ඖෂධ නිකුත් කිරීම්, එක්ස්රේ , ස්කෑන් පරීක්ෂණ ප්‍රතිකාර කිසිවක් අද සිදුවූයේ නැත.
කොළඹ ජාතික රෝහලේ ද බාහිර රෝගී අංශයේ ප්‍රධාන ඖෂධවේදියාගේ කාමරය ඉබි යතුරු දමා සිල් කර තිබූ අතර බෙහෙත් නිකුත් කරන කවුළු වසා දමා තිබිණි.
පරිපූරක වෛද්‍ය සේවකයන්ට හිමි විය යුතු දීමනා මෙතෙක් නොලැබීම මේ වැඩ වර්ජනයට හේතු වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ අසාධාරණයි (දී)
" මහජන මුදලින් ඉගෙනගෙනත්.., මේ අයගේ ඉල්ලීම් ඉවරයක් නෑ .., අසරණ ජනතාව තමයි තැලෙන්නේ..., දෙන්නම එපා ඔය ඉල්ලන ඒවා..., මේ අයගෙන් වැඩක් නෑ..., රජකාලේ දඬුවම් දෙන්න ඕන..," ඉහත සඳහන් වචන යොදා වාක්‍ය තනන්න අර 'හොඳ තීරණයක්/ මගේ රටට දළදා හිමි සරණයි' කල්ලියට දැන් අවස්තාව.. (භාණ්ඩාගාර අනුමැතිය නැතැයි කියමින් මෙතෙක් කලක් හමස් පෙට්ටියේ ලා තිබුන විසඳුම, භාණ්ඩාගාර අනුමැතිය ලැබී දෙමසක් ඉක්මිලාත් තවම ඉටු නොවී පවතින බවත්, අසාධාරණයට ලක්වූ සේවකයින් අවුරුදු කීපයක් තිස්සේ රජයේ නියමිත වැටුපට වඩා අඩු වැටුපක් ලබමින් සිටින බවත් නොදැන හිටියාට කමක් නැත) (දී)
හැමතැනින්ම කවුද අසරණ වෙන්නේ (දී)
අනේ අර අසරණ මිනිස්සු (දී)
අපි ඕක කිවුවා කලින්ම. (නි)
දැන් ඉතින් පරිපුරක අයට බනින්න පටන් ගමු (දී)
වසරේ වැඩි දවසක් කොට උඩ තමයි (දී)
කාට කියන්නද අප්පා මේ අවනඩුව (දී)
අහිංසක මිනිස්සු අමාරුවේ දානවා (දී)
සන්තෝසයි (දී)