IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘රුහුණු - මායා සටන’ මොරටුවේදී

පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර දෙවැනි වරට පැවැත්වෙන මහ කි‍්‍රකට් සංග‍්‍රාමය හෙට සහ අනිද්දා (22 සහ 23) මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. දෙවිදුහල් අතර  ඕවර 50 තරගය මාර්තු මස 9 වැනිදා මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.  

‘රුහුණු මායා සටන’ ලෙස හැදින්වෙන මෙම කි‍්‍රකට් තරගය පසුගිය වසරේදී පළමු වරට පැවැත්වුණ අතර ඉන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට රාහුල විදුහල් කී‍්‍රඩකයෝ සමත්වූහ. එම තරගය පසුගිය වසරේ අප‍්‍රියෙල් මස 7 සහ 8 යන දෙදින තුළ මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

මෙවර පැවැත්විමට නියමිත දෙවැනි රුහුණු මායා සටනේදී රාහුල විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව නදුන් තරංග හිමිකරගෙන ඇති අතර එම පිලේ උප නායකත්වය ෂෙහාන් කහඳුගොඩට හිමිවී තිබේ. ධර්මපාල විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව සහන් චාමිකර හිමිකරගෙන ඇති අතර එහි උප නායකත්වය අශාන් ජයසංකට හිමිවී තිබේ.

සහන් චාමිකර, අශාන් ජයසංක සහ සහ ප‍්‍රශාන් රත්නායක ධර්මපාල විදුහලේ පිතිකරු අංශයේ කොඳුනාරටිය වන අතර තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන හිමාෂ ලියනගේ සහ හර්ෂ ගාල්ලගේ දෙදෙනාද මේ වන විට දස්කම් අතර සිටීමද කණ්ඩායමට තවත් වාසිදායක වනු ඇත.

රාහුල කණ්ඩායමේ සිටින කී‍්‍රඩකයින් 17 දෙනාගෙන් 7 දෙනෙකුම තුන් ඉරියව් කී‍්‍රඩකයින් වීම ඔවුන් ලද අමතර වාසියකි. නායක නදුන් තරංග, ශෙහාන් කහඳුගොඩ, හර්ෂ රාජපක්ෂ, පියුශාන් කුලතුංග සහ ලසිඳු නිම්සර ඔවුන් අතර ඉදිරියෙන්ම සිටිති.
මෙම පාසල් කි‍්‍රකට් වාරයේදී ධර්මපාල විදුහල විසින් මහානාම, පානදුර ශ්‍රී සුමංගල සහ ඉසිපතන විදුහල් වලට එරෙහිව පළමු ඉනිමේ ජයග‍්‍රහණ වාර්තාකර ඇති අතර මලියදේව ගල්කිස්ස ශාන්ත තෝමස්, නාලන්දා, ගුරුකුළ සහ සහිරා යන විදුහල් හමුවේ පළමු ඉනිමේදී පරාජයට පත්වී ඇත.

ආනන්ද විදුහල සමගින් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර අනිත් තරග දෙක මොරටුව වේල්ස් කුමර සහ ගාල්ල මහින්ද විදුහල් හමුවේ පරාජයට පත්විය.
රාහුල විදුහල මෙම පාසල් වාරය තුළදී මාරවිල ශාන්ත සර්වේසස්, දේවපතිරාජ, කෝට්ටේ ශාන්ත තෝමස් සහ මතුගම ශාන්ත මේරි විදුහල් වලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කර ඇති අතර කරන්දෙනිය මැදි විදුහල, වේළුවන, වත්තල ශාන්ත අන්තෝනි, කොළඹ අශෝක විද්‍යාලය සහ කැළණිය ධර්මාලෝක යන විදුහල් වලට එරෙහිව පළමු ඉනිමේ ජයග‍්‍රහණද ලබා ගෙන ඇත. ඊට අමතර ඔවුන් ධර්මාශෝක සහ මලියදේව විදුහල් හමුවේ තරග දෙකක් පරාජයට පත්වී ඇත.

සමස්ථ ලංකා අන්තර් පාසල් තරගාවලියේදී ධර්මපාල විදුහල ෂ කාණ්ඩයේ සහ රාහුල විදුහල ෂෂ වැනි කාණ්ඩයේ කි‍්‍රඩා කළත්, කණ්ඩායම් දෙකම සම තත්වයක පසුවන බව පුහුණුකරුවෝ කියති.

රාහුල විදුහල වසර 90 ක ඉතිහාසයකට හිමිකම් කියන අතර ධර්මපාල විදුහල ඔවුන්ගේ 71 වැනි වසර පසුකරමින් සිටී. මෙම විදුහල් දෙකම  ඕල්කට් විදුහල් වීමද තවත් විශේෂ කරුණකි.

මාතර රාහුල විදුහල් කණ්ඩායම:
නඳුන් තරංග (නායක), ශෙහාන් කහඳුගොඩ (උප නායක), හර්ෂ රාජපක්ෂ, පියුශාන් කුලතුංග, ලසිඳු නිම්සර, තරිඳු නරසිංහ, කළන හසංග, මයුර ගලප්පත්ති, හරිඳු ජයසිංහ, සහන් හෙඳවිතාරණ, නිමේෂ් හෙට්ටිආරච්චි, හෂාන් ද සිල්වා, තිලින මානගේ, චාමික නුවන්, තමිඳු පල්ලියගුරු

පන්නිපිටිය ධර්මපාල කණ්ඩායම :
සහන් චාමිකර (නායක), අශාන් ජයසංක (උප නායක), විමුක්ති රඳැල්ල, කුෂාන් ජයලත්, ප‍්‍රශාන් රත්නායක, හිමාෂ ලියනගේ, අසංක සමීර, තාරක හොඳමුනිගේ, සුපුන් චතුර, පසිඳු කේෂාන්, හර්ශ ගාල්ලගේ, තරිඳු ධනුශ්ක, චමීන් හිමල්ක, තරිඳු මධුවන්ත, ජයම්පති බණ්ඩාර, බිමන්ත විසුල්, ගිහාන් මධුෂංක

(**)

 



අදහස් (0)

‘රුහුණු - මායා සටන’ මොරටුවේදී

නාරද Friday, 22 February 2013 07:50 PM

මගේ ආචාරය ඔබ සැමට! (නි)

:       0       0

යසේන්ද්‍ර- සෞදි Friday, 22 February 2013 03:45 AM

මම පන්නිපිටියේ ධර්සපාලයේ ඉගෙනගත්තු කෙනෙක්. දැන් මම සෞදි අරාබියේ ඉංජිනේරුවෙක් ලෙස සේවය කරනවා. මම උසස් පෙළ කලේ 1995දි. මේ රුහුණු මායා බිග් මැචි එක අහලා මම ගොඩක් සතුටට පත්වුනා. මම සුභපතනවා කණ්ඩායම් දෙකටම.(නදී)

:       0       0

සිල්වා Friday, 22 February 2013 03:53 PM

මේ වගේ දේවල් හොදයි සහයෝගය ඇති කරන්න (දී)

:       0       0

දුසන්ත මාතර Friday, 22 February 2013 07:35 PM

රාහුල ක්‍රීඩකයන්ට රුහුණු පුත්‍රයන්ගේ සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site