IMG-LOGO

රුහුණු - මායා සටන ජය පැරදුමෙන් තොරව නිමයි

පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැති වාර්ෂික මහ කි‍්‍රකට් සංග‍්‍රාමයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ධර්මපාල විදුහල් කී‍්‍රඩකයෝ සමත්වූහ. ඒ අනුව දෙවිදුහල් අතර පැවති දෙවන ‘රුහුණු - මායා’ සටනද, පසුගිය වසරේ මෙන් ජය පරාජයකින් තොරව අවසන් විය.

ධර්මපාල විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 109 ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවා රාහුල විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය රාහුලයන්ට  දිනය අවසන් වන විට කඩුලූ 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 56 ක් පමණි.

තරගයේ වීරයා වශයෙන් සම්මාන ලැබූ ධර්මපාල විදුහලේ හිමාෂ ලියනගේ ලකුණු 66 ක් ලබාගත්තේ පන්දු 83 කිනි. ඉන් ලකුණු 34 ක්ම හයේ සහ හතරේ පහර වලින් වාර්තාවීමද සුවිශේෂී දස්කමකි. කඩුලූ 3 ක් දවාගෙන සහ උඩ පන්දු 3 ක් රැකගෙන පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමෙන්ද දස්කම් දැක්වීම හේතුවෙන් තරගයේ දක්ෂතම පන්දු රකින්නාට හිමි කුසලානය දිනා ගැනීමටද ඔහු සමත්විය.

තරගයේ දක්ෂතම පන්දු යවන්නා බවට පත්වූ රාහුල විදුහලේ මයුර ගලප්පත්ති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පළමු ඉනිම තුළ ලකුණු 98 කට දවාගත් කඩුලූ 8 ක් ද ඇතුළත්ව සමස්ත තරගයේදීම ලකුණු 141 කට කඩුලූ 10 දවාලීමට සමත්විය.

රාහුල විදුහල් කණ්ඩායමේ උප නායක ශෙහාන් කහඳුගොඩ තරගයේ දක්ෂතම පිතිකරු බවට පත්විය. පළමු දිනයේ තරගය අවසන් වන තෙක් ඉතා සුපරික්ෂාකාරීව පන්දුවට පහරදෙමින් නොදැවී ලකුණු 27 ක් රැස්කරගෙන සිටි ඔහු, දෙවැනි දිනයේ (23 වැනිදා) රාහුල මුල් ඉනිම අවසන් වන විට පන්දු 168 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 80 ක් ලබාගැනීමට සමත්විය.

මෙම විදුහල් දෙක අතර පැවැත්වෙන  ඕවර 50 තරගය මාර්තු මස 9 වැනිදා මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

ලකුණු පුවරුව

ධර්මපාල විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 233
(හිමාෂ ලියනගේ 66, සහන් චාමිකර නොදැවී 35, තරිඳු මධුවන්ත 27, හර්ෂ ගාල්ලගේ 26, ප‍්‍රශාන් රත්නායක 26, මයුුර ගලප්පත්ති 98/8)

රාහුල විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 140
(තරිඳු නරසිංහ 16, ශෙහාන් කහඳුගොඩ නොදැවී 80, කුෂාන් ජයලත් 47/4, තරිඳු හසරංග 2/3, සහන් චාමිකර 16/2)

ධර්මපාල විදුහල දෙවැනි ඉනිම කඩුලූ 8 ක් දැවී 109
(හර්ශ ගාල්ලගේ 23, විමුක්ති රඳැල්ල 17, තරිඳු මධුවන්ත නොදැවී 20, හරිඳු ප‍්‍රමුදිත 16/4, මයුර ගලප්පත්ති 43/2)

රාහුල විදුහල - දෙවැනි ඉනිම
තරිඳු නරසිංහ  ඇ. දනුෂ්ක, ප. ලියනගේ     04
පියුශාන් කුලතුංග  ස්ට. ගාල්ලගේ ප. ලියනගේ     24
ශෙහාන් කහඳුගොඩ  නොදැවී     14
හර්ෂ රාජපක්ෂ  ඇ. රත්නායක, ප. ජයලත්    05
ලසිඳු නිම්සර  ඇ. බණ්ඩාර, ප. ජයලත්     00
රුක්ෂාන් ගුණවර්ධන  ප. ජයලත්     01
සහන් මදුකල්ප  නොදැවී     03    
අතිරේක    05
එකතුව කඩුලූ 5 ක් දැවී     56
කඩුලූ වැටීම :
1-27 (කුලතුංග), 2-28 (නරසිංහ), 3-33 (රාජපක්ෂ), 4-33 (නිම්සර), 5-39 (ගුණවර්ධන)
පන්දු යැවීම :
හිමාෂ ලියනගේ : 12-5-30-2, තරිඳු ජයලත් : 3-1-08-0, කුෂාන් ජයලත් : 9-2-13-3

ඡයාරූප : ශානුක අරවින්ද

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම පිතිකරු - ශෙහාන් කහඳුගොඩ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම පන්දු යවන්නා - මයුර ගලප්පත්ති

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම පන්දු රකින්නා සහ තරගයේ වීරයා - හිමාෂ ලියනගේ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

රාහුල විදුහල් කණ්ඩායමේ නායක නදුන් තරංග සහ ධර්මපාල විදුහල් කණ්ඩායමේ නායක සහන් චාමිකර ශුරතා කුසලානය සමව හිමිකරගනිමින්...

 

 



අදහස් (0)

රුහුණු - මායා සටන ජය පැරදුමෙන් තොරව නිමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site