රුසියාවේ උරාල් ප්‍රාන්තයේ චෙලියබින්ස්ක් නගරයට ඉහළ අහසේ උල්කාපාතයක් පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1000 ක් පමණ වන බවත් 44 දෙනකු රෝහල්ගතවී සිටින බවත් රුසියා රජය පවසයි. විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් අනුව ටොන් 10 ක් පමණ බරැති මීටර දෙකක් පමණ පළලැති උල්කාපාතයක් මෙලෙස පුපුරාගොස් තිබේ. පැයට කිලෝ මීටර 54,000 ක පමණ වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ උල්කාපාතය ගිනිගෙන දැවී පොළොවට කිලෝ මීටර 30-50 ත් අතර දුරක් තිබියදී පුපුරාගොස් තිබේ. ඉන් පසු එය උල්කාපාත වර්ෂාවක් සේ පොලෙවට පතිත වී ඇත. වර්ග මීටර 600 ක පමණ ප්‍රදේශයක පිහිටි ගොඩනැගිලි සහ සින්ක් කර්මාන්තශාලාවකට දැඩි අලාභහානි සිදුව ඇත. පිපිරීමත් සමගම ඇතිවූ කම්පන තරංග හෝතුවෙන් බොහෝ ගොඩනැගිලිවල වීදුරු ගැලවී විසි වී ගොස් ඇති අතර හිම වැටී ඇති මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයඩ් අංශක 15-18 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ උනාද කියපු හැමෝම සද්දයක් නැහැ (දී)
පොඩි එකකට ඔහොම නම් ලොකු එකක් ආවොත් අපිට මොනවා වේවිද? (නි)
කෑල්ලක් වැටිලා මෙහෙම නම් සම්පූර්ණ එකම වැටුණා නම් කොහොම තියෙයිද? (නි)
ලංකාවෙ එක එක පළාත් වලින් වාර්තා වූ උල්කාපාත ගෙදරටම පාවී පැමිණීම් එක්ක සංසන්දනය කළ විට රුසියාවේ උල්කාපාතය හරිම කුරිරුයි. කිසිම මනුස්සකමක් නැහැ. (නි)
ලෝක විනාශය පටන්ගන්න හදන්නේ වැරදි රටකින්වද්ද? (නි)
කෝ මේ අපේ ජාතිවාදී අදහස් ටික? (නි)
ලෝක විනාශය පටන් අරගෙන (නු)
ඕක තමයි කියන්නේ විනාසේ කියලා. (නි)
මේ අර එනවා කිවුව උල්කාවද? (නි)
දැන් 1000ක් වෙලාද? (නි)
නීල් ආම්ස්ට්‍රෝන් හදට ගිය කාලේ බුරුල් කරලා ආපු උල්කාපාත වෙන්න ඇති. (නි)
සුනාමි පෙරනිමිති කියන මේ කාලේ උල්කාපාත පෙරනිමිත්ත දැනගන්න බැරිවුණාද? (නි)
අපිටත් උල්කාපාතයක් ගෙන්වගන්න බැරිවෙයිද? පොඩ්ඩක් තුවාල වුනාට නම් කමක් නැහැ. මොකද ජීවිතේටම මතක තියෙයි.(නදී)
අපිටත් උල්කාපාතයක් ගෙන්වගන්න බැරිවෙයිද? පොඩ්ඩක් තුවාල වුනාට නම් කමක් නැහැ. මොකද ජීවිතේටම මතක තියෙයි.(නදී)
විශ්වය පුරා ජීවීන් ගෙනියන එකක් වෙන්න ඇති. (නි)
යන එකක් දිහා බලා හිටියා. මේක ළඟට එනකම් වීද්‍යාඥයෝ කවුරුවත් දැක්කේ නැද්ද? . (ස)
මදෑ ඔයින් ගියා... (නි)
අපිට බැරිවෙයිද මේ වේගෙට දුවන වාහනයක් හදන්න? (නි)
අලය මේ ගැන කලින් දැන ගන්න තව ගොඩක් ඉදිරියට යන්න වේවි.. (ස)