මොළේ උණ (ජැපනීස් එන්සප්ලයිටීස්) රෝගය හඳුනාගැනිමේ පරීක්ෂණයට ගන්නා රසායනික ද්‍රව්‍යයක් දින දෙකක පමණ සිට නොමැතිවීමෙන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයෙන් මොළේ උණ රෝගය සම්බන්‍ධ පර්යේෂණ වාර්තා ලබාගත නොහැකිබව සබරගමු පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පවසයි
පෞද්ගලික අංශයේ රසායනාගාරවලින් පරීක්ෂණයක් රුපියල් හාරදහස් හයසියයක් පමණ අය කරයි.
මේවනවිට රත්නපුර මහ රෝහලේ මොලේ උණ රෝගීන් 48 දෙනකු වාර්තා වී ඇතිබවත් ඉන් දහ දෙනෙකු මියගොස් ඇතිබවත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අතුල දන්ගල්ල මහතා කියයි
විධානය මගින් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට වහාම ගෙන්වා දෙන්නැයි මහ ඇමති ඉල්ලයි
රත්නපුර දිස්ත‍්‍රික්කයේ මාස නවයත් අවුරුදු දහයත් අතරවු සියලූම දරුවන් එන්නත් කර මොලේ උණ රෝගයෙන් බේරාගැනීමේ වැඩපිලිවෙළ දිගටම සිදුකරන්නැයි ප‍්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා උපදෙස් දෙයි
නොවැසු මැණික් පතල් සහ කැලෑ ආශ‍්‍රීත ප‍්‍රදේශවල වල් ඌරන්ගෙන් ද රෝගය පැතිරයාමට ඉඩ ඇතිබව වෛද්‍යවරු අනතුරු අඝවතිග නොවැසූ මැණික් පතල් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් වැස්සවීමත් ජලජීවී දෙපාර්තමේන්තුව සමග සාකච්ච්ඡා කර මදුරු කීටයන් කා දමන මාළු වර්ග ඒවාට දැමීමත් තීරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, ඕවා අපිට කියලා වැඩක් නැහැ. ඔබතුමාටයි බලය තියෙන්නේ බලය පාවිචිචිකර මේ අයට පහසුකමි වහාම ලබාදෙන්න. අපිට එය කල නොහැකියි.(නදී)
වගකිවයුත්තෝ නිදිද (දී)
ඉක්මන් විසදුමක් අවශ්‍ය කර්තව්‍යයක් (දී)
මේක බටහිර අධිරාජ්‍යවාදීන් සහ කුමන්ත්‍රණයක්. (නි)
මෙම ද්‍රවය ගෙන්වන්නේ කවුද? එයාලටත් මොළේ උණ හැදිලා ඇති. (නි)