කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් හා අලව්ව රාහුල ජාතික පාසලෙන් අපොස උසස් පෙළ රුසියා භාෂා විභාගයට පෙනී සිටි සිසුන් 38 දෙනකුගේ ප‍්‍රතිඵල ලැබී නැත. නව නිර්දේශය යටතේ ඔවුහු රුසියා බසට පෙනී සිටියහ. අලව්ව රාහුල ජාතික පාසලේ සිසුන්ට විභාග බලධාරීන් පවසා ඇත්තේ ඉදිරි සතියේදී ප‍්‍රතිඵල නිකුත් කරන බවයි. දැනට ද ආන්දෝලනයකට තුඩු දී ඇති දිස්ත‍්‍රික් හා සමස්ත ලංකා කුසලතා මට්ටම මේ ප‍්‍රතිඵලය ද සමග නැවත වෙනස් විය යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. ඉතිරි විෂයන් දෙකටම ඒ සාමාර්ථගත් ශිෂ්‍යාවක ද එම සිසුන් අතර සිටින නිසා දිස්ත‍්‍රික් කුසලතාවවේ විශාල වෙනසක් ඇති විය හැකි බව ඔහු පවසයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනයට ඇමතිලා දෙන්නයි. නියෝජ්‍ය ඇමැතිලා දෙන්නයි. අදීක්ෂණ මන්ත්‍රීවරයයි. මන් හිතන්නේ තව මදි ඇති කියලයි.
උසස් පෙළ දිස්ත්‍රික් සහ සමස්ත කුසලතාවයන් තවමත් වැරදියි... කලා අංශයෙන් පෙනී සිටි 1483161 දරන විභාග අංකය අයත් සිසුවාගේ දිස්ත්‍රික් කුසලතාව 1 ලෙසද සමස්ත කුසලතාවය 33 ලෙස ද සදහන් වෙයි. Z අගය දැක්වෙන්නේ 0.9942 ලෙසයි. කලා අංශයෙන්ම පෙනී සිටි 7622562 දරන විභාග අංකය හිමි තවත් සිසුවෙකුගේ සමස්ත කුසලතාවය 1839 වෙයි. Z අගය 1.6757 වෙයි. මෙලෙස Z අගය 0.9942 ලබා ගත් සිසුවාගේ සමස්ත කුසලතාවය 33 වන ලෙසත් Z අගය 1.6757 ලබා ගත් සිසුවාගේ සමස්ත කුසලතාවය 1839 ලෙස සදහන් වන්නේ කෙසේද? මෙලෙස දිස්ත්‍රික් සහ සමස්ත කුසලතාවයන් විකෘත්‍රි වීමෙන් සමස්ත ප්‍රතිපලය පිලිබදව විශ්වාසය තැබිය හැකිද? කාට කියන්න ද... කවුරු අහන්න ද...
මේක දැන් ලොකු ලෙඩක් වෙලා තියෙන්නේ. එක්ගෙනෙක්ගේ වෙනස් වෙනවා කියන්නේ අනිත් හැමෝගෙම වෙනස් වෙනවා කියන එක. මේ පාර විභාගෙ කරපු අයට ලොකු අසාධාරණයක් කරලා තියෙන්නේ.
මෙයාලගෙ ප්‍රතිඵල නැතුව කොහොමද ඉසෙඩ් අගයයි සමස්ත සහ දිස්ත්‍රික් කුසලතා හැදුවේ?
ළමයින්ව ඇයි මෙහෙම අමාරුවෙ දාන්නේ? විභාග කොමසාරිස්ගේ විශාම වැටුපත් නැති කළ යුතුයි...
වෙනත් රටවල අදාළ ඇමැතිවරයා ඉල්ලා අස් වෙනවා. වහාම අදාළ ඇමැති හා විභාග කොමසාරිස් ඉල්ලා අස් විය යුතුයි . ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. සේවයට වඩා වෙන දේවල් ලොකුයි.
තව ඉදිරියට අකුරු වලටත්,වචන වලටත් ඇමතිවරු පත්කරයි
ළමා මනස තේරුම් ගන්න පුලුවන් නිලධාරීන් පත් කළ යුතුයි
මම A/L කෙර් 2003 මේ වගේ විකාර තිබුන් නැ.මම ජීවත් වෙන්නෙත් අලවිවෙ.මම කළෙත් රුසියන් භාෂාව. මට තියෙනව B එකක්.මගේ පාසලත් අලවිව රාහුල ජාතික පාසල. හරිම දුකයි වේදනයි මේ කරපු දේට.ඇත්ත මෙන්න මේකයි. අලුතින් ලියපු ළමයි ගනන 28 වීතර වෙනව.භාහිර කීයක්ද කියන්න දන්නෑ.මේ ළමයි ටිකගෙ ප්‍රතිඵලදෙන්න තවම බැරි උනා. අපි කොහොමද විශ්වාස කරනනෙ මේ පාර ප්‍රතිඵල. මේ අය ලංකාවෙ කලා වල පලවෙනිය තේරුවෙ මොන පදනමකින්ද කියන්න බෑ. විෂයන් දෙකකටම මේවනවිට A තියෙන ළමයෙක් ඉන්නව. එයාගේ ප්‍රතිඵල වලට මොකද වෙන්නේ. බලදාරීන්හට කතාකල විට ඔවුන් කියන්නෙ තමන් ලග ප්‍රතිඵල තිබෙනවාය කියල පමනයි.නමුත් තවමත් ප්‍රතිඵල නෑ. පාසලට එවල තියෙන ප්‍රතිඵල පත්‍රිකා වල ළමයි මෙම විභාගයට පෙනී නොසිටි බවටයි එවල තියෙන්නේ.ඇමැතිවරු කියන්නේ ප්‍රතිඵල 100% නිවැරදි කියලයි.හැබැයි 100% වැරදි ප්‍රතිඵල තමයි දීල තියෙන්‍නේ. ළමයි 38 ඹක්‍ෙකාම අය.කැළණිය ගුරුකුළේ ළමයින් 10 ඉන්නව ප්‍රතිඵල නැතිව.මහත්මයෝ ඔයාල ඔය පදවි වලින් අයින් වෙන්න රටේ අහින්සක ළමයින්ගේ ජීවිතත් එක්ක නිකන් සුරන්ගනා කතා මවන්නැතුව. ප්‍රතිඵල නිකුත් කරල අදට දවස් ගනනක් උනා තවම මේ ළමයින්‍ගේ ප්‍රතිඵල දෙන්න බෑ කියන්නේ මොනතරම් අපරාධයක්ද? මොනව කිව්වත් අපිට නම් ප්‍රතිඵල විශ්වාස කරන්න බෑ.