ඇලෙක්සි වොල්කොව් බස් රථ රියැදුරෙකි.රුසියාවේ මොස්කව් අගනුවරින් සැතපුම් 23 ක් පමණ වයඹ දෙසට පිහිටි සෙලනොග්‍රාඩ් නගරයේ හෙතෙම රාජකාරි කරයි.සෙලනොග්‍රාඩ් හි බොහෝ දෙනා ඇලෙක්සි හදුනාගෙන සිටියේ විනය ගරුක හා නීතිගරුක රියැදුරෙකු ලෙසිනි.
රුසියාවේ රියැදුරන් බොහෝමයකගේ සිරිත වී ඇත්තේ තම රථ උවමනාවෙන්ම හප්පාගෙන රක්ෂණ වන්දි ගැනීමයි. තමන් ඉදිරියේ ධාවනය වන වාහනයක් පසු කරගෙන ගොස් එහි මග හරස්කර වහා තිරිංග තද කිරීම ඔවුන් සිය වාහන ‘‘හප්පා ගැනීමට‘‘ භාවිතා කරන සූත්තරයයි.එවිට පසුපසින් එන වාහනය ඉදිරියෙන් ඇති වාහනයේ ගැටෙන අතර ‘‘වරද‘‘ පසුපසින් පැමිණි රියැදුරාගේ ලෙස සැළැකෙන බැවින් ‘‘අනතුරට‘‘ ලක්වූ රථ හිමියාට රක්ෂණ වන්දි ලබා ගැනීමට ඉඩ සැළසේ.රියැදුරන්ගේ මේ ක්‍රමය අවබෝධ කරගත් රක්ෂණ සමාගම්ද රක්ෂණ වන්දි ලබා ගැනීමට නම් පැහැදිලි සාක්කි ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසියක්ද පැණැවීමට කටයුතු කළේ මෑතකදීය.ඒ අනුව රුසියාවේ බොහෝ රියදුරන් දැන් සිය රථ වල කැමරා සවිකරගෙන සිටින්නේ අනතුරක් සිදුවුවහොත් සාක්කි සැපැයීමටය.
කෙතරම් විනයගරුකව රථය පැදැවූවද සහෝදර රියැදුරන් තම බස් රථය ඉස්සර කරමින් තිරිංග තද කරමින් නටන නාඩගම් බලා සිටීමට නම් ඇලෙක්සිට කිසිම අවශ්‍යතාවයක් නොතිබිණි.අවසානයේ සිය ‘‘ඇගට කැපූ‘‘ රියැදුරකුගේ බැන වැදීමක් හමුවේ ඇලෙක්සි තීරණය කළේ මෙවන් පුද්ගලයන්ට තමන්ම දඩුවම් දීමටය. ඒ අනුව එදා සිට සිය බස් රථයේ මාර්ගය අවහිර කරන කලබල කාරයින්ගේ මෝටර් රථ උවමනාවෙන්ම හප්පා දැමිම ඇලෙක්සයිගේ නව වැඩපිළිවෙළ විය. ‘‘බොහෝ දෙනා මා කරන වැඩේට කැමතියි.පොලිසිය පවා මා හට දඩුවම් පනවන්නේ නැහැ.වෙනකක් තියා මගේ බස් රථය අයිති සමාගමවත් මට මුකුත් කියන්නේ නැහැ. මේ වගේ රියැදුරන්ට දඩුවම් දෙන්න ඕනෑ.එක් අතකින් මම කරන්නේ සේවයක්‘‘ඇලෙක්සි පවසන්නේ ආඩම්බරයෙනි.
මේ හප්පා දැමිමේ කර්තව්‍යය නිසාම ඇලෙක්සි දැන් හැදින්වෙන්නේ ‘‘පීඩකයා‘‘ යන අන්වර්ථ නාමයෙනි.තමන් දඩුවම් කරන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශනද අන්තර්ජාලය වෙත එක්කිරීමද ඇලෙක්සිගේ පුරුද්දකි.‘‘මේවා බැලීමේන්වත් මිනිස්සු මේ වගේ වැරදි නොකර ඉදිවී‘‘ ඒ ඇලෙක්සිගේ විශ්වාසයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරාන් ඔබ වගේ වටින අදහස් පල කරන්නේ කීප දෙනෙක් පමණයි.. ස්තුතියි ඔබට(ස)
අම්මප මටත් හිතිල තියනව ට්‍රැෆික් එකේදි වැරදි ලේන් එකෙන් ඔවර්ටේක් කරල, වටපිටවත් බලන්නෙ නැතිව රින්ගන ත්‍රීවීල් කාරයන්ට ඔහොම කරන්න..(ස)
මෙන්න වීඩියෝව http://www.youtube.com/watch?v=c1GQncXsHCE
වැඩි දවසක් යන්න කලින් අපේ ලංකාවෙත් ඔය වගේ රියදුරෙක් ලැබෙන්න කියලා පතනවා.. අපේත් ඉන්නේ කරදර කාර රියදුරන් නිසා.!(නු)
ප්‍රදීප් ඔහොම කරන්න ඕන මේ රටට ත්‍රීවීල් ගෙන්වපු අයට..!(නු)
මේක තමයි මිනිස්සුන්ට අසාධාරණය ඉවසීමට සීමාවක් තියෙනවා... ඊට පස්සේ මිනිස්සු ඔවුන්ට සුදුසු යැයි කියන දේ නිර්මාණය කරගන්නවා. මේනිසා තමයි යහපත් සාජයක් අවශ්‍ය නම් යහපත් පාලනයක් අවශ්‍යයි කියන්නේ (ස)
මේ වගේ විසිපස් දෙනෙක් වත් හිටියොත් අපේ රටටත් හොඳයි.. (ස)
පාසල් ළමුන්, මගීන් ඇතුළේ සිටින වෙලාවක වාහනයක් හැප්පීම සුභ නැහැ. (නි)