සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්ව හිස ගසා මරා දැමුනු රිසානා නෆීක් ගේ මාපියෝද නංගී සහ මල්ලීද දැඩි ශෝකයට පත්ව සිටියහ.
මුතූර් සාපිනගර් ප‍්‍රදේශයේ රිසානාගේ නිවස පිහිටා තිබිණි. එය වටේට තහඩු ගසා පොල් අතු සෙවිලි කල මඩුවක් වැනි නිවෙසකි. අද (9) පස්වරුවේ අප එහි යනවිට එම නිවසේ සිටියේ රිසානාගේ මව ෆරීනා නෆීක් (43) සහ නැගණියන් දෙදෙනා වන රිෆ්නා සහ රිෆ්කා ද මල්ලී රිෆ්කාන් පමණි. රිසානාගේ පියා මීට තෙදිනකට පෙර උණ රෝගය වැළඳීම නිසා රෝහල් ගත කර සිටියි.
රිසානාට මරණ දඬුවම ලබාදීමේ ආරංචිය ලැබීමත් සමග සාපි නගර් ගමේ විශාල පිරිසක් රිසානාගේ නිවෙසට පැමිණ සිටියහ.
රිසානාගේ මව සහ ඥාතීන් කිසිත් කීමට නොහැකි තරම් ශෝකයකින් පසුවූ අතර අසල්වැසියකු වූ කබීබ් මොහොමඞ් තවුෆික් මහතා මෙසේ පැවසීය.
එයා රට යනකොට පොඩි ළමයෙක් රිසානා පවුලේ වැඩිමලා. ඒ අයට ගොඩක් ආර්ථික ප‍්‍රශ්න තිබුණා. රිසානා රට ගියේ ඒ ආර්ථික ප‍්‍රශ්න වලට විසඳුමක් සොයන්නයි.
රිසානා ගමේ ඉන්න කාලේ අපි කාටත් උදව් කළා. ගමේ පොඩි දරුවන් බලාගත්තා. ඔවුන්ට ආගම උගන්වන්නත් ඇය හරිම කැමතියි. ගමේ සියලූමදෙනා සමග ඇය ඉතා සුහදව ඇසුරු කළා. ඇගේ වෙන්වීම අපට අදහගන්නත් බැහැ.
ඇය රට ගිහින් අවුරුදු හත අටක් පමණ වෙනවා. සෞදියේදී මෙම වරදට හසුවීමෙන් පසුව ඇයට කවදාහෝ නිදහස ලැබේයැයි අප බලාපොරොත්තු වුණා. රිසානා අද හෝ හෙට ඒවියැයි අප හැමදාම බලාපොරොත්තු වුණා. ඒත් ඇය ආවේ නැහැ. ඇය දැන් ජීවතුන් අතර නැහැ. රිසානාගේ පවුලේ වගේම ගමේ අයගේ එකම බලාපොරොත්තුව රිසානාගේ දේහය හෝ ගමට ගෙන්වා ගැනීමයි. ඒ සඳහා උපකාර කරන ලෙස රජය ඇතුළු සියලූම අංශ වලින් ඉල්ලා සිටිනවා.
ඇය පණපිටින් ලංකාවට ගෙන්වාගැනීමට නොහැකි වුණත් ඒ සඳහා අවංකව කැපවූ පිරිසට අප ස්තුති කරනවා. රිසානාගේ පවුලේ අය වගේම මුළු ගමම ඇගේ වියෝවත් සමග එකම පවුලක උදවිය ලෙස ශෝක වෙනවා. අද මුළු සාපිනගර් ගමම මළ ගෙදරක් බවට පත්වෙලා.
රිසානාගේ තාත්තා ජීවත් වන්නේ කැලයට ගොස් දර කපා විකිණීමෙන්. රිසානාගේ මව රැකියාවක් කරන්නේ නැහැ. ඔවුන්ට තවත් දරුවන් තිදෙනකු සිටිනවා. ඒ පවුල දැන් ආර්ථික වශයෙන් මෙන්ම මානසිකව අන්ත අසරණ තත්ත්වයකට පත්වෙලා.
ඔවුන්ට ඇති එකම සේසත ගොන් බානක් සහ කරත්තයක් පමණයි. ඔවුන් ජීවත්වන කුඩා ටකරන් මඩුව වැස්සට තෙමෙනවා. කුසගින්න නිවාගන්නෙත් බොහෝ අසීරුවෙනුයි. රිසානා රට ගියේ එම තත්ත්වයෙන් තමාගේ පවුල මුදවා ගන්නයි. නංගිලා දෙන්නාටත්, මල්ලීටත් ඉගැන්වීම තමාගේ එකම අරමුණ බව රිසානා රට යන්න පෙර අපට පැවසුවා. නමුත් ඒ බලාපොරොත්තු ඉටුකර ගන්නට ඇයට හැකිවුණේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ දරුවාව මරුවාට පස්සේ මොනතරම් කනගාටුවක් ඇතිද (දී)
ඔබට නිවන් සුව දුවේ (දී)
පිහිටක් නැති සරනක් නැකි මේ සසර දනවිවේ.................... අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ............................... අපි රිසානාට නිවන් සුව පතමු...... (ස)
මට ඇත්තටම ඔබ දේපල ගැන කනගාටුයි (දී)
අරාබි අයට හිතක් පපුවක් නැද්ද ? (ස)
රිසානාට අපි ගෙයක් හදලා දෙමු. (නි)
නොකර වරදට ජීවිතෙන් වන්දි ගෙව්වා. දුවේ ඔබ සාමදානයෙන් සැතපේවා (ස)
මෙවැනි දෙයක් මතු ආත්මයකදීවත් ඔබට නොවේවා. නිවන්සුව පතමි !! (ස)
මෙය ඉතාමත්ම කණගාටුදායක කතාවක්. අපේ රටේ ජනතාව රිසානාගේ පවුලට උදව් කළ යුතුයි. (ස)
රිසානාට අත්වූ ඉරණම කිසිවෙකුටත් නොවේවායි ප්‍රාර්ථනා කරමි. ලෝවැසි ජනයා කම්පා කරමින් අවසන් ගමන් ගිය රිසානාට ස්වර්ගය හිමිවේවායි ද පතනෙමි. මෙරට නීතියවත් හරියට නොදන්න අප එරට නීතිය දන්නේ කෙසේ ද? ෂරීආ නීතිය මිනිස් වර්ගයාගේ යහපත පිණිසම මිස මිනිසා හිංසනයට ලක්කිරීමට නොවන බව පැහැදිලි වන්නේ එහි ඕනෑම වරදක වුවත් වරදට දඩුවම් කිරීමට වඩා ''සමාව දීම උතුම් යැයි'' සදහන් වන බැවිනි. ඕනෑම රටක දැඩි දඩුවම් පමුණුවා ඇත්තේ ද වරදින් මිදීම සදහාය, වරද කළොත් දඩුවම් විදිය යුතුය. නමුත් ෂරීයා නීතියට අනුව අගතියට පත් පාර්ශවය සමාව දුනහොත් දඩුවම් නොලැබේ. මෙවැනි අවස්ථාවක අගතියට පත් පාර්ශවය විසින් චූදිතට දඩුවම් කිරිමට වඩා සමාව දීම උතුම් යැයි කුරානය පුන පුනා කියා සිටී. ඇය බේරාගැනීමට උත්සාහ ගත් සියළුම දෙනාට පිං ලැබේවායි පතමු.... (නි)
ඇත්තටම දුකයි . වැරැද්ද වුණෙ අත්වැරදීමකින් නම් වෙන දඩුවමක් ලබා දෙන්න තිබුණා නේද ? (ස)
රිසානා නැගණියට අපගේ බලවත් ශෝකය! (නි)
අපි හැමෝටම දුකයි. මේ වගේ කුඩා දරුවන්ට යහපත් අනාගතයක් උරුම කර දිය යුතුයි. (ස)
පව් අසරණයෝ (දී)
අපේ කනගාටුව (දී)
අල්ලා කියලා දෙවියෙක් ඉන්නවා නම් ඒ දෙවියාගෙ ඇස් අන්ධ වෙලාද හිටියෙ මේ අසරණීගේ බෙල්ල කපලා දානකල්? ඒ කෙසේ වෙතත් මේ රටට අපේ රටේ මිනිසුන් යවන එක වහාම නවතා දැමිය යුතුය. අනික තානාපති පමණක් ගෙන්වලා වැඩක් නැහැ. සෞදියේ ඉන්න සියළුම ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙනවා ගැනීමට රජය ක්‍රියා කළ යුතුය. (නි)
කෝ මේ මානව හිමිකම් ආයතන? (නි)
අල්ලා දෙවියනි, සෞදි මිනිසුන්ට හදවතක් දෙන්න. (නි)
කියා ගන්න වචන නැහැ (දී)
ලංකාවේ ආර්ථිකයේ ආශ්චර්යය! (නි)
අම්මේ අපි ලාංකිකයෝ. සැමදා අපි ඔබ සමගයි (දී)
සංවේදී අවස්තාවක් (දී)
කවුරු මොනවා කීවත් නොවිය යුත්ත වෙලා ඉවරයි, බලධාරීන් මේකට මැදිහත් වෙනවා කියා දැක්ක වෙලාවේ ලොකු සතුටකට පත් වෙලා ක්මාන්ට් එකකුත් දැම්මා අංහිසක පුංචි දුවේ මතු උපදින කිසිම ආත්මයක මෙසේ වූ විපතක් නම් නොමවේවා ඔබට නිවන් සුව ලැබේවායි හදවතින්ම පතමි. (ස)
මේ අම්මා තාත්තා මොන දුකක් උහුලනවා ඇතිද (දී)
අරාබියේ තියෙන්නේ අපේ රටේ තියෙන ඉස්ලාම් ආගමට වඩා වෙනස් එකක්ද? (නි)
සෞදි අරාබියට ගෘහ සේවිකාවන් යැවීම නවත්වමු (ස)
මොනවාද මේ කියන්නේ, ඒ තමන්ගේ ළමයනේ (දී)
මොනවා වුණත් ලංකාවේ කාන්තාවන් සෞදියේ ගෘහ සේවයට යැවීම නොකළ යුතුයි. (නි)
මට ඇත්තෙන්ම කණගාටුයි. හැබැයි අපේ රජයට මේ ගෘහ සේවය නැවැත්වීම වෙනුවෙන් යමක් කළ හැකියි. (නි)
රිසානා ව බේරගන්නවා කියලා බොරුවට කයිවාරු ගහපු සියලුම දෙනා රිසානගෙ දෙමව්පියන්ගෙන් සමාව ගත යුතුයි.වන්දි ලබාදිය යුතුයි. ජනපති තුමනි සවුදි අරාබියට කාන්තාවන් යවන ක්‍රියාවලිය වහාම නවත්වන්න.ගෑණු විකුනගෙන කන රටක් වෙලා තියෙන එක නවත්වන්න.(ස)
ලංකාදීප මහත්වරුනි, මේ අම්මවයි තාත්තවයි සම්භන්ධ කරන්න පුළුවන් මාර්ගයක් අපිට දෙන්න, අපිට මේ අයට උදව් කල හැකියි එවිට (දී)
කියන්න දේවල් ගොඩයි. දැන් කියලවැඩක් නැහැ. (ස)
දැන්වත් ලංකාවෙන් සෞදියට අපේ කාන්තාවන් යවන එක නවත්වන්න (ස)
මේ නීතිය මේ ලෝකෙට ඔබින එකක් නොවෙන බව හැමෝම මතක තියාගන්න (ස)
කිරි හිස්පොල්ලෙ ගිය දරුවෙකු රැක ගන්න..... ඉගෙනුම නොමැති අඩුවියෙ රිසානා වැන්න..... ඇයදුම් බැගාපත් නොතකා හිස සිඳින..... ම්ලෙච්චා නීති ඇති රට වැඩ වළකන්න (නි)
රිසානා දියණියගේ අසරණ බලාපොරොත්තුව අපි ඉටුකරමු (ස)
මට හරිම කණගාටුයි රිසානා ගැන.. දැං පවුලට උදව් කරන්න ඕන..!(නු)
නමෝ බුද්ධාය ! රිසානා නැගණියනි ඔබට ඊලග භවයේදීවත් ගෞතම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශණා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සසරින් නිදහස් වන්නට වාසනාව ලැබේවා ! අප රැස් කරන සියළු පින් බලෙන් ඔබේ පරලොව ජීවිතය සුවපත් වේවා ! (ස)
කනගාටුයි ඇත්තටම (දී)
රිසානාට මෙම ඉරණම ගෙනා දිළිදුකමින් ඇගේ පවුලේ අනෙක් අයව හෝ මුදාගැනීම බලධාරීන් සතු යුතුකමකි. (නි)
මේවා දරු දුක වෙනුවෙන් වැටෙන කදුළු (දී)
ඇත්තටම ගොඩක් දුකයි.. රිසානා ඔබට නිවන් සුව .......... (ස)
මාෂා අල්ලාහ්!!! (නි)
දරු සෙනෙහස කියන්නේ ඕකට තමයි (දී)
අල්ලා දෙවියනේ, ඔබගේ අනුගාමිකයෙකුට ඔබගේ දේශයේ ඔබගේ අනුගාමිකයන් විසින් දුන් දඩුවම ඔබට අනුමත කළ හැකිද? සෞදියේ බොරු නීති වලට බයේ කට වහන්න ඉන්නද ඔයාලා හදන‍්නේ?. කෝ කට්ටියගේ කෑගහන කටවල් . (නි)
ඔබට ලබන ආත්මෙදිවත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා (දී)
සෞදි රියල් 1 = රුපියල් 33.40 ඕකට තමයි මේ ඔක්කොම. (නි)
ජිනා 2013-01-09 22:33:08 දැයට කිරුල සඳහා වැයකරන මිලියන ගණනක මුදල් මේ අහිංසක පවුලට සහ ජල ගැල්මෙන් අනාථ වුණ අයට දීමට රජය පියවර ගත යුතුයි. සෝබන වලට කරන නාස්තිය නවතා පවුල සහ රට වෙනුවෙන් සල්ලි හොයන්න ගිය දැරිවිට සහ අනාථයන්ට එම මුදල බෙදා දිය යුතුයි. හොර ඒජන්සියට දඬුවම් කළ යුතුයි (නි) කතාව නම් සම්පූර්ණ ඇත්ත ජිනා. නිකන් වියදම් කරන සල්ලි වලින් දුප්පත් අයට උදවි කරනව නම් කොච්චර දෙයක්ද (දී)
මේකද මුස්ලිම් නීතිය? (නි)
දරුවා වෙනුවෙන් කොච්චර අඩුවත් මදි (දී)
කදුළු කොහෙන්ද දෙයියනේ (දී)
මම මේ අසරණ පවුලට උදවු කරන්න කැමතියි. (නි)
කෝ හලාල් කට්ටිය? (නි)
පව් දෙයියනේ (දී)
කවදාහරි අපිටත් වාරයක් ඒවි. (නි)
සෞදි රජය නීති හදලා තියෙන්නේ සුද්ධවූ අල්ල කුරාණයට අනුකූලවයි. එම නීති වෙනස් කරන්නට කිසිවෙකුටත් ඉඩක් නැහැ..!(නු)
අත්තටම හරිම කනගටුයි , සෞඩි රජයෙන් මෙවෙනි දෙයක් කරපු එක ගෙන හරිමදුකයි , අපෙ මිනිස්සු එහෙ වැඩ කාර කමට යවන එක නවත්වන්න ඔනෙ වහාම ,(දී)
මට ඇත්තටම කනගාටුයි (දී)
රිසානා බේරාගැනීමට දායක වූ අතිගරු නායකතුමනි මොනවා වුනත් ඒ අසරණ දෙමාපියන්ට ගෙපල සදන්න උදව් කරන්න. (ස)
මේවට මානව හිමිකම් නැද්ද? කෝ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය.. මේවා හැමදාම දුප්පත් රටවල් වලට විතරයි වලංගුවෙන්නේ.. දියණියට මෙවන් දුකක් නොවේවා..!(නු)
ඇයට නිවන් සුව ලැබේවා! (නි)
රට රස්සාවලට යන අය මේක හොද ආදර්ශයකට ගන්න (දී)
අපි හැමෝම දුකින් ඉන්නෙ මේ මරණය ගැන. (නි)
අපි සෞදි රජයෙන් දුන් මෙම තීන්දුව දැඩි ලෙස හෙළා දකිමු. (නි)
ඔබේ දුවට අපි නිවන් සුව පතමු (දී)
රිසානා..!, ගොඩක් දුකයි නැගණියේ නුඹගැන.., ෂරියා නීතිය පිළුකුල් කරමී.. මෙහි අදහස් පළකර ඇති මුස්ලිම් වරුන් ගේ දැනුම ගැන හිතා ගන්න පුළුවන්. ඔබට නිවන්සුව රිසානා නංගියේ...!! (ස)
රිසානා, ගොඩක් දුකයි නැගනියේ නුඹ ගැන. මුස්ලිම් ෂරියා නීතිය පිළිකුල් කරමි. මෙහි අදහස් පළකර ඇති මුස්ලිම්වරුන්ගේ දැනුම ගැන හිතාගන්න පුළුවන්. ඔබට නිවන් සුව රිසානා නංගියේ...!! (නි)
මෙම මරණය ඉතාමත් ඛේදනීයයි. (නි)
අසරණ දෙමවුපියන් (දී)
එහෙම වෙන එක අහන්නත් දෙයක්ද? (දී)
මවු සෙනෙහසට තරා තිරමක් නැහැ (දී)
අසරණ දෙමවුපියන් (දී)
ඇයි මේවාට මානව හිමිකම් කතාකරන්නේ නැත්තෙ? විදේශීය ආයතනයෙන් රිසානගේ පවුලට රක්ෂණය ගෙවන්නෙ නැද්ද? හැමෝම රට යනකොට ඒකට ගෙවලනෙ යන්නේ.?(නු)
මට නම් පුදුම තරහක් දුකක් නොදුටු ඒ සොයුරි වෙනුවෙන් තියෙන්නෙ... හැම දිනම පැතුවෙ සිහින මැවූ ඒ කටුනායකට පැමිණේවි කියලායි.. කවුද ගිය සතියේ ඇයට නිදහස දෙනවාය කියා මාධ්‍යවලට කිව්වෙ.. මෙයාලා එක්වරකුත් මරණ දඩුවම දුන් අපේ සොහොයුරෙකුටත් මරණ දඩුවම දුන්නා.. මිනිසුන් ආගමට මුවා වෙලා කරන මේවගේ නරක වැඩ තමයි මේ.. අපරාදෙ එහෙ රජතුමා හරසරින් පිළිගත්තෙ..!(නු)
ජාති භේද නොතකා මෙහි පළවූ අදහස් දැකීමෙන් ඇතත්තටම සතුටුයි.. එයාගේ පවුල වෙනුවෙන් අපටත් යමක් කරන්න පුළුවං නම් හොදයි.. ලංකාදීපයට සහ ඒ සදහා යම් තොරතුරක් ලබා දිය හැකිවෙනවානම් පිං..!(නු)
අනේ රිසානා ඔයාට ඔයාගේ ආගමේ හැටියට කියලා කියන්න දෙයක් නැහැ.. මොකද ඒ ආගම මයි ඔයාට දඩුවම් කළේ.... ඔබට නිවන් සුව.!(නු)
අපිට එයාලගේ සල්ලි තෙල් ඕන නැහැ.. අපි එයාලා එක්ක තියෙන සම්බන්ධය නවත්වමු..!(නු)
කොන්ද පණ තියෙන ලාංකිකයෝ එකතු වුනානම්.............. !!!!!!!!!!!! (ස)
බලධාරීන්ගේ මේ වෙනුවෙන් ඉදිරිපත්වීම මදිද කියලත් හිතෙනෙවා (ස)
ෂර්යා නීතිය තියෙන්නේ සැබෑ අපරාධකරුවන්ගෙන් සාමාන්‍ය ජනතයා බේර ගන්න. රිසානාට සමාව නොදුන් ඒ රටේ රිසානා අතින් මිය ගිය දැරියගේ මව හිත් පිත් නැති කාන්තාවක්..!(නු)
ලඟදිම සෞදියටත් විශාල කරදරයක් ඇති වෙනවා (ස)
දැං ඉතිං මේ දේ තව දවසකින් දෙකකින් අමතක කරලා දාන්නෙ නැතිව රිසානා දියණියට ඕන උන විදියට මේ අසරණ පවුලට මොනවා හරි රකන්න පුළුවං දෙයක් කරලා මේ මිනිසුන්ට පිහිට උනොත් මොකද? ඒක අපි හැමෝගෙම වගකීමක්..!(නු)
මේ හැමදේටම මුල දරිද්‍රතාවය නොවේද? (නි)
මේ අහිංසකාවියගේ ගෙදර හැටි දැක්කව අපේ ආශ්චර්‍යය ගැන කියන්න වචන නෑ (ස)
අන්තගාමී ක්‍රියාවක් (ස)
ඔබලාට් අපි ඉන්නවා (දී)
මේ අහිංසක දුප්පත් දරුවා වෙනුවෙන් අපිට කිසිදෙයක් කරගන්න බැරිවුණා. තවදුරටත් ගැහැණු රට යවලා ඒ මුදල් වලින් අනෙක් අය විනෝද වෙනවාද? කාන්තා සංවිධාන, මානව හිමිකම් සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔය කවුරුවත් මේ වෙනුවෙන් කථා කළේ නැද්ද? (නි)
කවදාවත් අම්මා කෙනෙකුගේ කඳුළු ඉවර වෙන්නේ නැහැ දරුවන් වෙනුවෙන් අඩන්න (දී)
ලංකාවෙන් සෞදියට මිනිස්සු යවනඑක තහනම්කළ යුතුයි.. ජනාධිපතිගෙ ඉල්ලීමත් අහකදාපු රටක්නෙ.. බොහොම දුකයි..!(නු)
දැන් තේරෙනවනේ මිනිස් ජීවිතවලට වඩා ලොකු වුණේ නීතිය (ස)
ඔබ වෙනුවෙන් අපි ඉන්නවා (දී)
මෙම පවුලේ අටය නිවසක්, දරුවන්ට අධ්‍යාපනල ලබා දෙන්නට අපේ බලධාරීන් කටුයතු කරන්න..!(නු)
රිස්නා රට ගිහිං බලාපොරොත්තු උන දේ රිස්නාගෙ පවුලට ලබාදෙන්න පුළුවං උනොත් ඒක එයාගේ ආතක්මයට වත් සැනසීමක් වෙයි.. ඒකට අපි ඔක්කොම උදව් කරමු..!(නු)
මට ඔබ වෙනුවෙන් උදවු කරන්න ඕනේ (දී)
පාරවල් දිගේ ඇමරිකාවට විරුද්ද ව උද්ගෝශනය කරන මුස්ලිම් සහෝදරවරු මේකට මොකද කියන්නෙ ? (ස)
අල්ලා දෙවියනේ ඔබගේ අනුගාමිකයෙකුට ඔබගේ දේශයේ ඔබගේ අනුගාමිකයන් විසින් දුන් දඩුවම ඔබට අනුමත කළ හැකිද?(නු)
මේ වගේ පවුල් ගැන ආගමික ස්ථාන වලින් බලන්නෙ නැද්ද? (ස)
ශ්රී ලාංකිකයෙක් හැටියට මම මේ ගැන දුක්වෙනවා. ඒත් තානාපති සහ රජය මීට වඩා මැදහත් වුනානම් මේ ළමයාව බේරා ගන්න තිබුණා. ඒ වගේම ලංකාවේ කාන්තාවන්ට නොයෙකුත් හිරිහැර මේ රටවලදී වෙනවාඒවා හෙළි කරන්නෙ නෑ. එහෙම වුනොත් කවුරුත් ඔය රස්සාවට යන්නේ නැ. ඔය රටවල ගිහින් විදින දුක් වලින් බාගයක් මෙහෙ මහන්සි වුනානම් ඊට වඩා දියුණු වෙන්න පුළුවන් කියලා හිතන්න බැරි ඇයි. ? (ස)
රිසානා නිදහස් කර ගන්නවා කියලා එක්කෙනෙක් කිවුවා නේද? (නි)
එහෙම අය නැහැ සනත් හේරත් මහත්තයෝ..! (නු)
මද පෙරදිග රැකියාවලට යන බොහෝ කාන්තාවන්ට තමන්ගේ චරිත සහතිකය ඉරා දමා මරණ සහිතකය අතට ගන්න වෙනවා.!(නු)
නීතිය කාටත් පොදුයි.. එක් එක්කෙනාට ඕන විදියට වෙනස් කරන්න ගියොත් ලංකාවෙ වගේ වෙයි.. (නු)
හිතක් පපුවක් නැති අය වගේ (ස)
මෙවන් කතා නැවත අපිට අසන්නට නොලැබේවා (දී)
රිසානාට නිවන් සුව!!!!!!!!! (ස)
අල්ලා දෙවියනි, සෞදි අරාබියට සමාව දෙන්න එපා. (නි)
අම්මේ තාත්තේ අය්යේ අක්කේ නංගියේ මල්ලියේ බඩගින්නේ මැරිලා වැටුනත් එන්න එපා මේ වගේ රටකට මේවයේ නීති වෙනස් කරන්න අපිට බැහැ රිසානාගේ අහිංසක බලාපොරොත්තු ඉටු කරන්න අපි උත්සහ කරමු මේ ආයාචනය අපේ ලංකික සිංහල සහෝදරවරුන්ගෙන් මම ඉල්ලන්නේ ඇයගේ පව්ලේ ඇයට නිවසක් හදන්න ඒ ළමයිට ඉගෙනගන්න උදව් කරමු ලංකාදීප පෙරමුණ ගෙන බැංකු ගිණුමක් ආරම්භ කරන්න අපි හැමදෙනාම දයකවෙමු රජයෙන් ඉල්ලා සිටින්නේ මේ රටට අපේ අය එවන එක දැන්වත් නතර කරන්න .....රිසානා නැගනියේ ...ඔබට නිවන් සුව ... (දී)
කෝ මේ මානව හිමිකම් සංවිධාන.
අපේ මුස්ලිම් සහෝදර වරුනේ මේ ගැන ඔයාලගේ අදහස කුමක්ද ???? (ස)
නැවත මෙවන් දෙයක් නොවෙන්නට අපි වග බලා ගනිමු (දී)
රිසානාගේ සිහිනය අපි සැබෑ කර දෙමු (දී)
මෙතරම් දියුණු ලෝකයක තාමත් සෞදි අරාබිය ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ ආගමට අනුව සිදුවන්නකි.නමුත් එය ඔවුන්ගේම වාසියට නීතිය ක්‍රියත්මකවීම පිලිකුලෙන් හෙලාදකිමි.ශ්‍රි ලංකාවේ කාන්තවන් කිදෙනෙක් කොදු කඩාගෙන,පුච්චල,ඈණ ගසලා,තට්ටු වලින් පහලට දමලා.අසාධාරණයට ලක්වෙලා තියෙනවාද? එතකොටත් ඔය නීතිය ක්‍රියත්මක උනාද?ඇස් දෙකත් වසාගෙන පොරෝගෙන සිටින කාන්තවන් යුරොපයේ ග්‍රීස්ම සෘතුවේදී සරල ඇදුම් ඈදගෙන හිරුඑලිය ගන්නේ නිදහස භුක්ති විදිමටයි.යුරෝපයේ දී ෂරියාව බලනොපාන බෑවිනි.ආගම පෙන්වා ඒතුල නීතිමාලාවක් දමා එයට ෂරියා නීතිය කියා මිනිසුන් පාලනය කිරිමට රජතුමාට ඉතාම පහසුබව සෞදි අරාබි තරුණයින් අපසමග අවන්හල් තුලදී, මුහුදු වෙරලේදි නිදහස් සුව භුක්ති විදිමින් කියා සිටියහ.මිනිසුන්ට කූර වදහිංසන පමුණුවන ෂරියා නීතියට මුලු ලෝකයේම විරෝධය පාන දිනය වෑඩි ඈතක නොවේ.එයට විරෝධය අරාබි තරුණයන් තුලින්ම අරාබි දේශයෙන්ම නැග ඒවි.රිසානා දුවේ ෂරියා නීතියේ නුබේ ඝාතණය ලෝක කාන්තා සංවිධාන වල ,ජාත්‍යන්තරය තුල දැනටමත් පුංචි ගිනිපුපුරක් දල්වා හමාරයි.ගරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාර ඇමති තුමෙනි රිසානා දැරිවිය වෙනුවෙන් ඔබතුමා කරන යුතුකම විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයා දෑස් දල්වා බලාසිටී. (ස)
දෙවියන්ගේ කැමැත්ත අනුව එය සිදුවිය. (නි)
මෙයාලා ඔහොම්මම තමයි (ස)
ඇයි රිසානා මැරුවේ. (ස)
අපි එයාට නිවන්සුව පතමු. බලධාරීන්ට කුමක් ප්‍රකාශ කලත් වැඩක් නෑනේ (ස)
මේ ගසා දැමුවේ රිසානාගේ හිස නෙමෙයි. ලංකාවේ හිසයි (ස)
පවු...... (දී)
දරු කැක්කුම තමන්ගේ දරුවා වෙනුවෙන් විතරද ? තමන්ගේ දරුවා වෙනුවෙන් මරණයට පත් කලේ තවත් දරුවෙක් නේද ?(ස)
තමුන්ගේ අය ගැනවත් හිතන්නේ නැද්ද මෙයාලා (ස)
කොහොමද ෂරියා නීතිය (ස)
නාලනී , රිසානා රට ගියේ ඊයේ නෙමෙයි 2004 දී (ස)
ජනපතිතුමණි, රිසානා වගේ මල් කැකුළු අපට අහිමිකර හොර ඒජන්සි කරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන්න (ස)
අමු අමුවේම පොඩි එකෙකුගේ බෙල්ල කපලා දාල මරලා දෙනෝ දාහක් ඉස්සරහා.... ම්ලේඡ්ච ශාරියා නීතිය ඕන කිව්ව අය කෝ දැන්... (ස)
මේ පවුලට ජනසවිය වත් දෙන්න (ස)
කාටද මේ දුක කියන්නේ (දී)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
කුමන ජාතියක වුවද දෙදෙනාම දරුවන්ය. දිනෙන් දින දරුවන්ට අපලම ගෙන දෙන අකාලයකි මේ. දෙමාපියන් වශයෙන් ආර්ථික අගහිඟකම් වලින් තෙරපෙමින් දිවි ගෙවන්නට සිදුවීමම අපි හැමෝම එක්ව කර ඇති මහා පාපකර්මයක අනිටු විපාකයක් ඵලදීමක් නොවේද? බල ඇති, කොඳු ඇති නිළධාරියනි, නිවැරදි තීරණ නොගතහොත් පසු ආත්මය මීට වඩා දරුණු විය හැක්කේ ඔබටය. (නි)
දැංවත් පිටරටවලට ගෘහසේවිකාවන් යැවීම නවත්තන්න..!(නු)
රිසානා දුවේ ඔබට දුන් දඩුවමට අපගේ කණගාටුව..(නු)
ඔබලාට දෙවි පිහිටයි (දී)
ඇත්තටම කණගාටුදායක පුවතක්..!(නු)
රිසානා අඩු වයසින් රට යැවීමට එකතුවුණු හැම දෙනාටම දැඩි දඩුවම් පැමිණවිය යුතුයි.. රිසානා බේරගන්නවා යැයි කිව් අය කෝ.. මමත් සෞදියෙ ඉන්නෙ කුවේට්වලත් ඉදලා තියෙනවා.. රියදුරෙක් වැඩ පරීක්ෂකයෙක් වශයෙන්.. ඉතිං මම දන්නවා මෙයාලා මිනිසුන්ට සළකන හැටි..!(නු)
සෞදියට කාන්තාවන් යවන එක තහනම් කරන්න ඕන..!(නු)
සෞදියට යෑම තහනම් කළා නම් මේ කිසිවක් නැහැනේ. (නි)
ඇගේ ජීවිතය සදහටම නැවතුණා දෙවියනේ. මගේ ජීවිතය මොහොතකට නැවතුණා දෙවියනේ (ස)
අද ඇයි ගොඩක් අය නිහඩ...!(නු)
දැයට කිරුල සඳහා වැයකරන මිලියන ගණනක මුදල් මේ අහිංසක පවුලට සහ ජල ගැල්මෙන් අනාථ වුණ අයට දීමට රජය පියවර ගත යුතුයි. සෝබන වලට කරන නාස්තිය නවතා පවුල සහ රට වෙනුවෙන් සල්ලි හොයන්න ගිය දැරිවිට සහ අනාථයන්ට එම මුදල බෙදා දිය යුතුයි. හොර ඒජන්සියට දඬුවම් කළ යුතුයි (නි)
කිසිවෙකුටත් මෙවන් විපතක් සිදු නොවේවා (දී)
මොකටද මෙච්චර කල් හිරේ තියාගත්තේ ඒ ළමයව(ස)
ආනන්ද, ඔයා මොනවද මේ කියන්න හදන්නේ? (නි)
අගතියට පත් පාර්ශවය විසින් සමාව දීම හැර සෞදි රජුටත් එසේකිරීමට පුළුවන්කමක් නැත. වරදට සමාව දුන් තැනෙත්තා දෙවියන් ඉදිරියේ ශ්‍රේෂ්ටය. ෂරියා නීතිය අනුව වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි. (ස)
රටක් විදියට, මනුෂ්‍යයින් විදියට අප ලැජ්ජා වෙන්න ඕනෑ. වසා දැමු ගව මස් කඩේ ඇරලා දෙන්න කියලා ඉල්ලීම් කරන මුස්ලිම් ජනතාව මේ වගේ දේවල් වලදි කට පියා ගෙන ඉන්න එක නින්දිතයි. කාන්තාවනි, මැද පෙරදිග යාමට පෙර තවත් සිතන්න. රට රටවල් වල එක එකාගෙ බැල මෙහෙවර කරනවාට වඩා අපේ රටේ හිගාකෑවත් සැපයි නේද? (නි)
ඇත්තටම ගොඩක් දුකයි.. මම ගොඩක් සතුටු උනා මෙයා නිදහස් උනා කිව්වාම. ඒත් දෙවියෙන් මොකද්ද මේ උනේ.. පව් අර හිංසක පවුල.. මොවුන්ට හැකි පමණනින් උදව් කරන්න බලමු..!(නු)
රිසානාලට උදව් කලයුතුයි, නැත්නම් කියන්න අපි එකතුවෙලා කරන්නම්. (ස)
අපි පරක්කු වැඩි (දී)
දැන් ඉතින් මොනවා කරන්නද අපි ඔබලා සමගයි අම්මේ තාත්තේ (දී)
කෝ මේ මුස්ලිම් අය? මේ මරලා තියෙන්නේ ඔයාලගේ ආගමේ දරුවෙක්. මේ අපරාදේ වෙනුවෙන්වත් කථාකරපල්ලා... අපේ රටේ දරුවෙක් නිසා ආගම මොකක් වුණත් අපිට කැක්කුමක් තියෙනවා. (නි)
අපේ කනගාටුව (දී)
ගොඩාක් දුකයි (දී)
මේ කතාව ගොඩාක් දුක හිතෙන කතාවක් (දී)
අපි පවා වග කියන්න ඕනේ මේ දේට (දී)
පසිඳු, කියන්න වචන නැත. තිබුණත් කීමට හැකියාවක් නැත. සිංහල සහෝදරවරුනි, ජාතිය කෙසේ වෙතත් අප රටේ කෙනෙකුට විපතක් වන විට සියලු දෙනා එකතුවීම ගැන ගොඩක් ආඩම්බරයි. පවුලේ සාමාජිකයන්ගේ අනාගතය වෙනුවෙන් මා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමි. (නි)
කාවෙන් වැඩක් නෑ දැන්. දුප්පත් රිසානාගේ පවුලේ අයට උදව් කරමු (ස)
මින් ඉදිරියට ගෘහ සේවය සදහා සෞදියට කාන්තාවන් යැවිය යුතු නැහැ. (නි)
ජිවත් වෙන්න සටන් කලේ. ඒ සටනින් රිසානා පරාජය උනා, දුවේ නුබට නිවන් සුව ලැබේවා (දී)
අන්වර් මනතුංගගෙන් මේ අහන්නේ. පොඩි දරුවා මැරුනේ දෙයියො නිසා. රිසානා මැරුනේත් දෙයියො නිසා. රිසානා දුප්පත් වුණේත් දෙයියො නිසා. මේවා තේරුම් ගන්න බැරිත් දෙයියො නිසාද? (නි)
දන්නවාද දරුවෙකු වෙනුවෙන් දෙමවුපියන් විදින දුක (දී)
රිසානා ඔයාට නිවන් සුව.. හැමෝම එකතුවෙලා රිසානාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරමු.. ඔවුන්ට ඉන්න තැනක් නංගිලාට මල්ලිලාට හොද අනාගතයක් හදමු.. කටින් බතල හිටවන අයගෙන් වැඩක් වෙන්නෙ නැහැ..!(නු)
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි... (නි)
ශර්යා නීතිය ලංකාවට ගේන්න කෑ ගහපු අයත් හිටියා මේ අතර...!(නු)
මවකගේ කඳුළු (දී)
තමන්ගේ ළමයා මිය ගියාට පස්සේ කොහොමද ඉවසාගෙන ඉන්නේ (දී)
අනේ! හදවත කම්පා වුණා. ඒ දුප්පත් දරුවාට මොනවා හිතෙන්න ඇද්ද අන්තිම මොහොතේ? මේ වගේ රටවල් වලට යන හැමෝටම හිතන්න බොහෝ දේ මේ දරුවා ඉතිරිකරලා යන්න ගියා. දියනියණි, ඔබට නිවන් සුව පතමු! (නි)
අපි රිසානාගේ සිහිනය සැබෑ කරමු (දී)
ශරිය නීතිය අවශ්‍ය අය කරුණාකරලා තමන්ට අවශ්‍ය රට රටවලට යන්න. මෙහෙ තියෙන්නෙ ලංකාවෙ නීතිය. රිශානා ඔබට නිවන් සුව! (නි)
ඔය පැත්තේ ඉන්න දෙමාපියන්ගේ වැරැද්ද... දෙමාපියන්ට ළමයින්ට කන්න, අඳින්න දෙන්න බැරිනම් ඇයි ඔච්චර ළමයි හදන්නේ? ළමයින් අපායක ජීවත් කරවනවා..... මෙයාලාට පවුල් සැලසුම ගැන කියලා දෙන්න කව්රුවත් නැතිද? (ස)
රිෂාන ඔබට නිවන්සුව .......මෙවැනි නීතියක් තියන රටක අප නොඉපදේව .... (ස)
මටත් කඳුළු එනවා
මේකත් අධිරජයවාදී කුමන්ත්‍රණයක් කියලා මෝඩ කතා කියන්න එපා(ස)
දැන් අඩලා වැඩක් නැ. රට යවන්න කලින් ඕවා හිතන්න තිබුණා. (නි)
රිසානාගේ අම්මේ තාත්තේ අපි ඔබව තනි කරන්නේ නැහැ (දී)
කඳුළු නැති කරන්න අපි මිනිස්සු හැටියට ඒ කට්ටියට උදවු දෙමු (දී)
පව් අහිංසක දරැවා.,!(නු)
ගෘහ සේවිකාවන් පිටරට යැවීම නතර කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. (නි)
අපි සමාජයක් විදිහට ඒ දෙන්නාට උදවු කරන්න ඕනේ (දී)
දරු දුක කියන්නේ ඕක තමයි (දී)
ජාති ආගම් භේදයකින් තොරව ලාංකික කාන්තාවකට වූ අවාසනාවන්ත ඉරණම ගැන අප සැවොම දුක්වෙමු. තම ජාතිය ආගම වෙනුවෙන් පණ වුවත් දෙන්නට සූදානමෙන් සිටින ඔබලාගේ දේශාපාලන හා ආගමික පිරිස අවුරුදු 7ක් තිස්සේ මොනවද කළේ?. හරිහැටි ඉන්නට ගෙයක් හදා දුන්නාද? කිව්වට තරහ ගන්න එපා, ඉස්ලාම් භක්තියකන්ට මුස්ලිම් ජාතියකයන්ට වඩා සිංහල අය අද දුක්වෙනවා. එසේම රන්ජන් රාමනායක මහතා කල උත්සහයද අගයමු.(නු)
අපි ඔබ සමගයි (දී)
අනේ අපේ කෙල්ල (දී)
අපි ඔක්කොම එකතුවෙලා මේ අසරණ පවුලට උදවු කරමු. අපි හැමෝම ලංකාවේ සහොඳර ජනතාවයි (ස)
අපේ බලධාරීන් මීටවැඩිය උනන්දු වුණා නම් ඇයගේ ජීවිතය බේරාගන්න තිබුණා. (නි)
දුවේ...ඔයාට නිවන්සුව පතමි (ස)
අනේ දැන් වුණ දේ වුණා. අපි දැන් මේ අහිංසකාවියගේ ගෙදර හදලා දෙමු (ස)
අපි පිලි ගන්න ඕනේ (දී)
කොහොම උහුලන් ඉන්නවාද මේ දුක (දී)
ඔබට නිවන් සුව ලැබේවා
අපි මේ දුප්පත් පවුල නගාසිටුවිය යුතුයි. ඒ සඳහා හැමෝම එකතුවෙමු (ස)
මොනවාද මේ කතා කරන්නේ, දුවනේ (දී)
මොනවාද මේ කතා කරන්නේ (දී)
ජනපතිතුමා දෙවරක් සෞදි රජයෙන් ඉල්ලිම් කළා රිසානාව නිදහස් කරන්න කියලා. නමුත් කෑ මොර දෙන මුස්ලිම් නායකයන් මේටික වෙනකල් නිදාගෙන හිටියද? සියලුම ලාංකිකයන් සෞදියට සේවය සදහා යැවීම වහාම නතර කළ යුතුයි. (නි)
ලංකාදීපය පෙරමුණ ගන්න මේ පවුලට උදව් කරන්න බැංකු ගිණුමක් විවෘත කරන්න.. කැමති පුද්ගලයන්ට මේ සදහා මුදල් පරිත්‍යාග කරන්න..!(නු)
ජිවිතයේ අහපු කනගාටුම පුවත (දී)
හදවතින්ම කණගාටු වෙනවා. රිසානා, ඔබට නිවන් සුව! (නි)
රිසානා දුව ගැන මට දුකයි (දී)
කණගාටුදායක සිද්ධියක්. (නි)
මගේ කනගාටුව
එහෙම නොව්නොත් තමා පුදුමේ (දී)
මෙහි ඇති අදහස් දුටු විට හැගීයන්නේ අතළොස්සක් හැරෙන්නට බහුතර සිංහල ජනයා ජාතිවාදීන් නොවන බවයි. (නි)
මම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා (දී)
ඔබලා ලඟ සමාව දීමේ ගුණය ඇත්තෙම නැද්ද ? (ස)
නිමල් මහත්මයා, ඔබේ කතාව හරියට හරි. 100%ක් එකඟ විය හැකියි. නාලිනී,ඔයා රිසානා වෙලා අවුරුදු 7ක් හිරේ ඉඳගෙන නොමැරී මැරෙන්න වෙලා හිටියා නම් ඕනෑ බද්දක් ගෙවාගෙන, ඕනෑ දුකක් විඳගෙන අපේ රටේ ඉන්න එකහෙලාම කැමති වෙනවා ඇති. කරුණාකරලා ඔය අකරුණාවන්ත රට අත්හැරලා සෞදිය වගෙ ඔයාලට ගැළපෙන රටකට එන්න. (නි)
සෞදියට කාන්තාවන් යවන එක තහනම් කරන්න ඕන.. (දී)
අසරණ දෙමවුපියෝ (දී)
අපිට එයාලගේ සල්ලි තෙල් ඕන නැහැ.. අපි එයාලා එක්ක තියෙන සම්බන්ධය නවත්වමු..! (දී)
මේ දරුවාට මනුෂ්‍යත්වයේ නාමයෙන් නිදහස දෙන්න තිබුණා..!(නු)
ජාති ආගම් භේදයකින් තොරව ලාංකික කාන්තාවකට වූ අවාසනාවන්ත ඉරණම ගැන අප සැවොම දුක්වෙමු. කවුරු මොනවා කිවුවත් නොවිය යුත්ත වෙලා අවසන්. ඇය නිදහස් වෙතියි අපි අවසානය තෙක් සිතුවෙමු. තවදුරටත් ගැහැණු රට යවලා ඒ මුදල් වලින් අනෙක් අය විනෝද වෙනවාද? ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම මේ ගැන දුක්වෙනවා. මුස්ලිම් අයගෙ සමහර අදහස් හරිම පිළිකුල්සහගතයි. හරිම දුකයි. ඔබට නිවන් සුව ලැබේවායි හදවතින්ම පතමි! මේ අසරණ පවුලට මොනවා හරි කරන්න බලමු. ඒක අප කාගෙත් වගකීමක්. (නි)
අපිට එයාලගේ සල්ලි තෙල් ඕන නැහැ.. අපි එයාලා එක්ක තියෙන සම්බන්ධය නවත්වමු..! (දී)
අද මොකද මේ කට්ටියගේ කතා අඩු..!(නු)
සෞදියේ බොරු නීතිවලට බයේ කට වහන්න ඉන්නද ඔයාලා හදන‍්නේ. කෝ කට්ටියගේ කෑගහන කටවල් (ස)
මගේ කනගාටුව
ලංකාවෙ ඉන්න මුස්ලිම් අය රිසානා බේරාගැනීමට මොක්ද්ද කරපු උත්සාහය.. (නු)
කොන්ද පණ ඇති ශ්‍රීලාංකිකයෝ දැන්වත් එකතුවෙමු..(ස)
රිසානා ඝාතනය කරපු එකට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි දැඩි ලෙස කම්පා වෙනවා.නමුත් එරට රජය නීතිය පොදුවේ කාටත් එක හා සමානය .ඒ නීසා තමා ඒ රටවල් අපිට වඩා ඉස්සරහින් ඉනනේ.අපෙ රටෙත් නිතිය කාටත් එක සමානව තියෙනවනම් ..................... රිසානා ඔබට නිවන් සුව . (ස)
රිසානා ගැන කණගාටුයි. රැකියා ඒජන්සිය ගැන රජය මීටවඩා නීති ක්‍රියාත්මක කළ යුතුයි. (ස)
මට මට ඔබ ගැන කනගාටුයි (දී)
රිසානා ඔබට නිවන් සුව .මතු ආත්මයේ මේවන් දුකක් අත් නොවේවා . පවුලේ අයට අපගේ ශෝකය (ස)
රිසානා ඔබට නිවන්සුව . මතු භවයක මෙවන් විපතක් නොවේවා (ස)
ඔය වගේ රටවල් වලට අපේ ජනතාව යවන්න එපා (ස)
දුක්බර පුවතක්, දැන් කරන්න දෙයක් නැහැ. රජය හෝ මැදිහත් වී පවුලේ ළමුන්ට ඉගෙනීමට සැලසුවොත් ලොකු පිනක්. (ස)
ඕනෑම මරණයක් සිදුවූ විට එම මරණය ගැන දැඩි ලෙස කම්පා ශෝකයට පත්වන්නේ ඒ මරණයටපත් පුද්ගලයා සමග බැඳීමකින් සිටි අයයි. සෞදි පුංචි දරුවාගේ මරණය වෙනුවෙන් දරුවාගේ පවුලේ උදවිය වගේම රිසානාගේ මරණය වෙනුවෙන් එක රටක් එක ජාතියක් වශයෙන් අපි සියළු දෙනාම දුක්වූයෙමු. ඇය බේරාගැනීම සඳහා අපි සියල්ලෝම ප්‍රාර්ථනා කෙළෙමු. ඒ සමග විවිධ සංවිධානයන් රිසානා බේරාගැනීමට උත්සාහයන් දැරූ බව අපි දනිමු. ඇය නිදහස් වෙතියි අපි අවසානය තෙක් සිතුවෙමු. අපගේ ප්‍රාර්ථනා සියල්ල සුළඟට හසුවී ගසාගෙන ගියා සේම කඳුලින් ඉපිද අන් අයට කඳුලක් ඉතුරුකර ලොව හැර යෑමට තරම් රිසානාගේ දෛවය නපුරුවිය. ඇගේ එම ඉරණම වෙනස් කිරීමට තරම් අපි බලවත් නොවූයෙමු. මෙම ශෝචනීය සිදුවීම අපේ රටට හොඳ පාඩමක්. අන් රටවල්වල නීතිය විවේචනය කිරීමෙන් ඇති ඵලක් නැත. දැන්වත් අපේ රටේ කාන්තාවන් පිටරට පැටවීම නවත්වමු. අප ඉදිරියේ දැනට ඇති කාර්යය වන්නේ ඇය වෙනුවෙන් හා ඇයගේ පවුලේ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම සහ යම් සත්කාරයක් ඇය වෙනුවෙන් ඉටුකිරීමයි. (නි)
මේ සොයුරියව නිදහස් කරගැනීමට තිබුණු එකම මග එම කුඩා ළදරුවාගේ දෙමාපියන් විසින් රිසානාට සමාව දීම පමණි. සෞදි රජයෙන් එම දෙමාපියන්ගෙන් මේ ගැන සලකා බලන ලෙස කීවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇත.එම දෙමාපියන් සමාව දුන්නේනම් රිසානා අද ලංකාවේ. හරිම කණගාටුයි. (ස)
අපි දුවේ නිබට නිවන් සුව පතනවා (දී)
සෞදි තානාපති ඉදලා ලංකාවෙන් ලංකාවෙන් ඉවත් කළ යුතුයි. (ස)
ඉස්ලාම් සහෝදරයන්ට මොකද වුනේ. කෝ එයාලගේ අදහස් නැද්ද (ස)
ඔබලා ගැන මට දුකයි (දී)
අපේ ඇසෙත් කඳුළු නැහැ (දී)
ඔබට නිවන්සුව ලැබේවා මෙවන් විපතක් මතු ආත්මයකදීවත් නොලැබේවා (ස)
එක මුස්ලිම් කෙනෙක්වත් මේ වෙනුවෙන් උද්ඝෝෂණයක් කළාද? අඩුම තරමේ තානාපති කාර්යාලට ලිපියක්වත් දුන්නද? මහ ලොකුවට සහෝදරකම් ගැන කථා කරනවා. මෙයා වැරැද්ද කරන වෙලාවේ ළමයෙක්නේ. ඒත් මැරුණු ළමයගේ මරණයට හේතුව ඇත්තටම මොකක්ද කියලා හොයලා බැලුවද? කොහොමත් දැන් කථාකරලා වැඩක් නැහැ. දුප්පත්කම නිසා තමයි ඔක්කොම. සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් දුප්පත් අපිට තමයි ඔක්කොම කරදර. මේකද දෙවියන්ගේ කැමැත්ත. (නි)
පබා නංගි මේකත් හරිද? පල්ලිහදන්න සල්ලි දෙන අය මෙයාලට ගෙයක් හදලා දෙන්න ආදායම් මාර්ගයක් හදා දෙන්න.!(නු)
ඇත්තටම කණගාටුයි (ස)
අසරණ ආම්මා කෙනෙක් (දී)
තමන්ගේ පවුල වෙනුවෙන් ජීවිතය පුද කල් තරුණියක් (දී)
නාලනී ගේ අදහස හරි උනත් මෙතන තිබෙන්නේ වනෙත් ප්‍රශ්නයක් රිසානගේ නමින් නිවසක් ඉදිකරමු.. මේකට ලංකාදීප මැදිහත් වෙන්නවා නම් අපි සූදානම්.. කරුණාකර පොදුවේ ඉල්ලීමක් කරන්න.. ජනපති අරමුදලින් ආධාරයක් ලබා ගන්නත් පුළුවං...!(නු)
මොන කරදර තිබුණත් දැන් ලංකාවේ ඉන්න එක භයානකයි. අනෙක ජීවත් වෙන්න ආමරුයි. බදු මිල වැඩිවෙලා. එදා වේල කන්න සල්ලි නැහැ. ඉතින් බෙල්ල ගසා දැම්මත් සෞදි වල මේ වගේ රස්සාවකට ගිහින් ඉන්න එක තමා හොඳ. එයාලට ලම්බෝගිනි, අපිට බඩගිනි. (නි)
අම්මා කෙනෙකුගේ දුක මට තේරෙනවා (දී)
මරන්න ශ්න කියන චේතනාවෙන් නොකරපුවගේම වයස ගැන හිතලා හරි මනුෂ්‍යත්වයේ නාමයෙන් සමාව දෙන්න තිබුණා.. උණුවෙන හිත් ඇති සිංහල සහෝදරයන්ට මාගේ ප්‍රණාමය.!(නු)
අපිට රිසානා වෙනුවෙන් ඔබලාට උදව් කරන්න පුලුවන්ද (දී)
අපිටත් එහෙමයි (දී)