මුතූර්, සාපිනගර්හි රිසානාගේ මව්පියනට නිවෙසක් ඉදිකිරීම සඳහා යුද හමුදාවේ 22 වැනි සේනාධිපති බි‍්‍රගේඩියර් අරුණ වන්නිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් අද මුල්ගල් තැබිණි. පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් යුද හමුදාවේ 224 වැනි බළසේනා මූලස්ථානයේ කර්නල් විකුම් ලියනගේ ඉදිකිරීම් බාරව ක‍්‍රියාකරයි.
සෞදි රජයෙන් හිසගසා මරාදැමුණු රිසානා ජීවත්වූයේ පොල් අතු පැළකය. රිසානාගේ මව අහමදු සෙයියදු පරීනා හා පියා මොහොමදු සුල්තාන් නෆීක්ද මුල්ගල් තැබූහ. රිසානා ජීවත් වූ පැල්පත කඩා නොදමා මේ නිවෙස ඉදිකැරෙනුයේ රිසානාගේ මවගේ ඉල්ලීමක් අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේට කවුරු කළත් හොද කියන්න ඕනෑ. (නි)
නියම වැඩක්. (නි)
මේ වගේ හමුදාවේ වටින වැඩ අපි අගය කරන්න ඕනෑ. (නි)
පන්සලකට ගොස් වතුර ටිකක් ඉල්ලා සිටින විට කිසිදිනක සිංහලයා ආගම කුමක්දැයි විමසන්නේ නැත. (නි)
අපේ හැම පැතුමක්ම හරියට ඉටු කර ඇත්තේ හමුදාව පමණයි.. ඔබට නිරෝගී සුව... ධෛර්ය සහ ශක්තිය ලැබේවා.!(නු)
මිනිස්සුන්ට ජාති භේද අවශ්‍ය නැහැ (දී)
මෙහෙමයි සිංහලයන්ගේ වැඩ..!(නු)
සියලු ජාතීන් සැම විටම එකට සිටියා නම් මැලේසියාව, සිංගප්පුරුවට වඩා ආශ්චර්යාත්මක රට ලංකාව වීම වළක්වන්න බැහැ. සියලු ජාතීන් අතරත් අන්තවාදීන් ඉන්න පුළුවන්. ඉතිරි සියලු ජාතීන් සැමවිට එකට ඉන්නවා නම් ඒ මිත්‍රත්වය කාටත් බිඳීමට නොහැකියි.රිසානා වෙනුවෙන් කටයුතු කරන සියලු හමුදා සහෝදරයන්ට මගේ උත්තමාචාරය! (නි)
සෞදි ගින්නෙන් දැවුණු ශ්‍රී ලාංකික හදවත් වලට සුලුවෙන් හෝ සිසිලසක් දැනේවි. (නි)
කාවවත් මින්පස්සේ සෞදි යවන්න එපා. (නි)
ආමි එකට මුස්ලිම් ජනතාවගේ ප්‍රණාමය! (නි)
අනේ හොදයි. අපිත් කැමතියි ආධාර කරන්න. (නු)
මෙය තවත් හොදින් ඉටුකරන්න නම් සෞදියට කාන්තාවන් යැවීම නතර කළ යුතුයි. (නි)
මුල්ගල පැළවෙනකල් තියන්නේ නැතුව ඉක්මණටම හදලා දුන්නොත් තමයි නියම වීර හමුදාවක් වෙන්නේ. (නි)
මමත් කැමැති ආදාර කරන්න.හොද වැඩක්,හොද ආදර්ෂයක්.(නු)
ඇයි ගේකුත් හදලා දුන්නා නේද? (නි)
අපි හමුදාවට හිස නමා ආචාර කරනවා. (නි)
හමුදාව විසින් කරන උතුම් ක්‍රියාවට අපි හිසනමා ආචාර කරමු..!(නු)
නියමයි. අපිත් සහයෝගය දක්වමු. (නි)
අපේ හමුදාවට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.. ඒවගේම සියළුම ලක්වැසියන් තම උපන් බිම මව්බිම සේ සළකා එකමුතුවනේ තමන්ගෙන් රටට ඉටුවිය යුතුකම් ඉටුකරන්න. සියළුදෙනාටම ජයෙන් ජය සෞභාග්‍යය ඉබේ ලගාවේවි..!(නු)
හමුදා සහෝදරවරුණි, ඔබට අපගේ ප්‍රණාමය! (නි)
අරගොල්ලෝ දැන් මේකටත් කෑගහයිද දන්නෙ නැහැ. (නි)
රොෂාන් නම් හැදෙන්නෙම නැති මිනිහෙක්. (නි)
ඇත්ත තමයි රිස්වාන්. සියලු ජාතීන් එක්වුවහොත් මෙම අන්තවාදය නැති කළ හැක. (නි)
ඔව් රිස්වාන්, හැමෝම ඔය විදියට හිතනවා නම් අපේ රට ආශ්චර්යක්. අපේ රටේ මිනිසුන්ගේ එකමුතුකම තාම තියෙනවා. (නි)
අම්මා තාත්තා හොර උප්පැන්න හදලා අහිංසක කෙල්ලව මරණයට කැප කලා.. දැං එයා ගේ නම වෙන්දේසිකරලා සැප විදින්න කලිං රිසානා වෙනුවෙන් යම් කිසි පිංකමක් කර එයාට වටිනාකමක් අරගෙන දෙන්න.!(නු)
ඔබතුමන් අපේ රට බේරා ගත්ත දැං එම රටේ මිනිසුන්ට සේවය කරනවා මේ වගේ හමුදාවක් වෙන කිසිම රටක අපඅහලා නැහැ.. දැකලත් නැහැ.. ඔබතුමන්ලා තමයි මේ ලෝකෙ ඉන්න වීරයෝ..!(නු)
අපිට හැමදාම අපේ හමුදාව ගැන හරිම ආඩම්බරයි. (නි)
රිස්වාන් නිවැරදියි. (නි)
හිල්මි, අපිට නම් හමුදාව ගැන තියෙන්නේ ආඩම්බරයක්. (නි)
ශ්රී ලංකා ආමි වලින් සුපිරි වැඩක්. (නි)
කොහොම වුණත් සිංහල අපේ කොල්ලන්ගේ හදවත් හොදයි. (නි)
කොහෙන් බැලුවත් අන්තිමට විපතට පත් අයට පිහිට වෙන්නේ රණවිරුවෝ තමයි. (නි)
අපේ වීර පුතුන්ට අපගේ ප්‍රණාමය! (නි)
අපේ වීරයෝ සැමදා දිනේවා! (නි)
ආදර්ශමත් වැඩක් (දී)
ශ්රී ලංකාවේ නගර සියල්ලම වාණිජ වශයෙන් අත්පත් කර ගෙන ඇති මුස්ලිම් සහෝදරයනුත් මේ රිසානාගේ නිවස ඉදිකර දීමට යන උතුම් මිනිසුන්ගේ මහානර්ඝ ක්‍රියාවට දායකත්වය ලබාදීම යුතුකමක් නේද. (නි)
හමුදාවට ජයවේවා (දී)
අපරාධ කරන හමුදාවෙන් පැනයන සහ සුළුතරයක් නොහික්මුනු පුද්ගලයන් නිසා ජාතියේ මුර දේවතාවුන් සේ තම ජීවිතයේ ගොඩක් දේවල් කැපකරමින් අපේ නිදහස සලසන ආරක්ෂක හමුදාවලට බනින්න එපා. (නි)
හිල්මි මහත්තයෝ කවදාවත් හමුදාව බාගෙට වැඩ කරලා නැහැ. (දී)
මෙතනට වටින්නේ ජාතිය නොව මනුස්සකමයි. (නි)
හොද වැඩක්. අසරණයින්ට පිහිට වීම උතුම් ගුණාංගයක්. (නි)
හිල්මි , ඔය කටත් අන්තිමට ඉතුරු වෙන්නේ හමුදාවේ පිහිට තමයි .... (දී)
හිල්මි , ඔය කාටත් අන්තිමට ඉතුරු වෙන්නේ හමුදාවේ පිහිට තමයි. නැතුව ඔයලා ගිහින් හදලා දෙන්නේ නැහැනේ ..... (නි)
අහිංසක රිසානාගේ සිහිනය සැබැ වෙනවා වගෙයි. (නි)
ආමි එකට සියලු මුස්ලිම් ජනතාවගේ ප්‍රණාමය! (නි)
හමුදාවෙත් සැබෑ මිනිසුන් සිටින බවට සාක්ෂියක්. ඔබට අපගේ ප්‍රණාමය! (නි)
රිසානාගේ අන්තිම පැතුම වුණේ ගමට පැමිණීමයි. (නි)
අපිත් සහයෝගය දක්වමු. (නි)
ත්‍රස්තවාදයෙන් රට බේරාගත් ත්‍රිවිධ හමුදා රණ විරුවනි.. ජාතිවාදයෙන් රට බේරාග ගන්න නිහඩවම කරන ජාතික සටනට සියළු ලක් වැසියන්ගේ උත්තමාචාරය..!(නු)
ඒක දැකලා මගේ ඇස්වලට කදුළු ඉනුවා.. රණවිරුවනේ අපේ උත්තමාචාරය.. රිසානා නෆීක් ගැන යමක් කියවන විට පුදුම දුකක් දඇතිවෙනවා.. ඒ තරමට ඒ දරුවා අහිංසක ඇති.. ඒකයි අපේ හිත්වලට තාමත් ඉන්නේ.. රිසානා ඔබට තෙරුවන් සරණයි.!(නු)
නියම වැඩක්. වැඩි වැඩියෙන් ලැබේවා! (නි)
රිස්වාන් නිවැරදියි(නු)
හොද වැඩක්. (නි)
විශිෂ්ට කාර්යයක්. (නි)
නියමයි කොල්ලනේ! (නි)
මේ වගේ වැඩ කරන්න බැරිද පොලිසි වලටත්? (නි)
හිල්මි , ආමි එකෙන් තියෙන ගල් පැළවෙන්නේ නැහැ. ආමි එක හෑල්ලු කරන්න එපා. (නි)
හමුදාවට මුස්ලිම් ජනතාවගේ ප්‍රණාමය! (නි)
හරිම ආඩම්බරයි.අපගේ උත්තමාචාරය! (ස)
හිල්මි සිංහල මිනිස්සු කියන්නේ කියන දේ කරන ජාතියක්. (ස)
අපේ රණවිරුවන් ජාතියේ සම්පතක්.. මේ බව ගොඩක් දකුණට තවම වැටහිලා නැහැ..!(නු)
අන්න නියම වැඩක්... (නු)
මම නම් යෝජනා කරන්නේ අපේ රටේ හැම ව්‍යාපෘතියකටම හමුදාවෙ දායකත්වය ප්‍රයෝජනයට ගන්නවානම් ඉහල ප්‍රථිපල අත් විදිය හැකිය..(නු)
ඔක්කොම හොඳයි අර පස්සෙන් කුඩ අල්ලගෙන ඉන්න එක තමයි හොද නැත්තේ. (ස)
සහෝදරවරුණි අපේ රණවිරුවන් ජාති භේද කුළ මල ආගම් ගැන නොසිතන උදාර හමුදාවක්... අපි කවුරුත් ඒ අයගේ සේවය අගය කළ යුතුයි.!(නු)
අපේ වීර රණවිරුවන් ගැන අපි කවදත් හරි ආඩම්බරයි. අපගේ ප්‍රණාමය. (ස)
රිස්වාන් ඔයා හරි. මේ කරන වැඩේ අපෙි සියළුදෙනා එකතුවෙලා කියමු සාර්ථක වෙන්න කියලා. ඒ වගේම සුළු මුස්ලිම් පිරිසකුත් අන්තවාදීන්ව ඉන්නවා. (ස)
අපේ විරුවන් ආඩම්බරයක්.
වැඩේ නම් අනර්ඝයි. හදවත් අතර පාලම බඳින්න කියකියා බොරුවට මාධ්‍ය සංදර්ශන සහ කෝටි ගණන්වල දැන්වීම් දානවාට වඩා මෙහෙම දෙයක් කරන එක සියගුනයකින් වටිනවා. අර තවත් කවුද ගෙයක් දෙනවා කියලා තිබුනා. එයා දෙනවා කියපුවා නම් කාටවත් ලැබිලා නැහැ මගේ හිතේ. ඒ නිසා මේක මේ මිනිසුන්ට වටිනවා. (ස)
ත්‍රිවිධ හමුදාවේ සිටින්නෙත් සිත් පිත් ඇති මනුෂ්‍යයෝ.. අපේ හමුදාව ලොව දක්ෂතම හමුදාවයි..!(නු)
රිස්වාන් වගේ හොද සිතුම් පැතුම් තියෙන අය ගැන ඉතාමත් සතුටුයි.. හැමෝම එහෙම හිතනවානම් මේ රට කිසිම ජගතෙකුට වට්ටන්න බැහැ..!(නු)
අනෙකුගෙ විපත සලකා තම දුක මෙන්ම..... නිවසක් තනා දීමට පෙරමුණ ගැන්ම..... සමගියෙ බලය පෙන්වා හැකි අයුරින්ම..... ඔබ කළ උතුම් දෙය අගයමි සැමදාම (ස)
අපේ රණවිරුවන් දන්නවා අන්තවාදය භයානක බව අනිත් ඔක්කොටම වඩා.. ඔවුන්ට බලා පොරොත්තු වෙන්නේ සාමාන්‍ය හා සමගියෙන් පිරුණු රටක්.. මේ ගොල්ල තමයි නියම වීරයක්.. ෆේස්බුක්වල ඉන්නේ කාඩ්බෝඩ් වීරයන්.!(නු)
කෝ දැන් මේ ජාතිවාදය අවුස්සගෙන ගිරිය පුප්පන් කෑගහන ෆේස්බුක් වීරයො. මෙන්න නියම සිංහල කම.... (ස)
මේ දුක පේන්නේ නැද්ද. බෙල්ල කපලා මුට්ටිය ගන්නත් කට්ටිය ගියානේ. (ස)
අනේ හොදයි. අපිත් කැමතියි ආධාර කරන්න. (නි)
කවුරු උනත් අපි ඔක්කොම මිනිස්සු (දී)
මොකක්ද මේ වෙනස (ස)
ඉතාම හොඳ වැඩක්, ආදර්ශමත් වැඩක්. මේ වගේම පුත්තලමේ දී මුස්ලිම් ජාතිකයන් විසින් අමානුෂිකව ඝාතනය කල පොලිසියේ මහත්මය ගැනත් බලන්න පුළුවන් නම් ඉතාම වටිනවා. මොකද ඒ මහත්මය, තමාගේ රාජකාරිය කරන්න ගිහින් මුස්ලිම් ජාතිකයන්ගෙන් මැරුම් කෑවේ. (ස)
අපේ ජනපතිට ජය වේවා..!(නු)
දයාබර විරුවනි, අපගේ උත්තමාචාරය! (නි)
කෝ අර විමල් වීරවංශ මහත්තයා හදලා දෙනවා කිව්ව නිවස.. මේ ඒ ගෙදරමද? නැත්නම් තවත් ගෙදරක් හදනවාද?(නු)
හොද වැඩක්. (නි)
වාසනාවන්.!(නු)
ඔන්න නියම සිංහල වැඩ. (නි)
රිසානා වගේ දුප්පත් සිංහල, දෙමළ , මුස්ලිම් අය තව ගොඩක් ඉන්නවා. ඒ අය වෙනුවෙනුත් අමාරුවෙන් හරි පිහිට වීම ජාතික යුතුකමක්. (ස)
රිසානා ගේ පවුලට උදව්කරන්න කැමැතියි ගිණුම් අංකයක් පලකරන්න . (ස)
හමුදාවේ සිටින්නේ මානව හිතවාදී මිනිසුන්ය. (නි)