සෞදි අරාබියේදී ළදරුවකු මැරී යැයි මරණ දඬුවම නියම වී සිටි ත‍්‍රීකුණාමලයේ රිසානා නෆීක්ට ළඟදීම නිදහස ලැබී ශ්‍රී ලංකාවට පැමිණීමේ ඉඩක් ඇතැයි ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් අසීස් අල් ජම්මාස් මහතා අධිකරණ අමාත්‍යාංශයට කියා ඇත.
මහින්ද රාජපක්ෂ ජනපති අබ්දුල්ලා බින් අබ්දුල් රජතුමාගෙන් කළ ඉල්ලීමක් හා සෙසු නීතිමය කරුණු සැලකිල්ලට ගෙන ඇයට නිදහස ලැබෙතියි ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ ප්‍රතිචාර සදහා මගේ උණුසුම් සුබ පැතුම් (ස)
අනේ රත්තරං දුවේ දෙයියෝ ඔබේ මුහුණ බැලුවා.. ආගම මොකක් උනත් ජාතියෙන් අපි වෙනස් උනත් අපි ඔක්කොම ලාංකිකයො ඔයාට අල්ලා සමිදුගෙම පිහිටයි..!(නු)
එයාට දීර්ඝායුෂ පතනවා හරිම සතටුයි(නු)
එයාට දීර්ඝායුෂ පතනවා හරිම සතටුයි(නු)
බලධාරීන් ලංකාවේ කාන්තාවන් අනාරක්ෂිත රටවලට රැකියා වලට යැවීම ගැන දෙවරක් සිතාබැලිය යුතු කාලය පැමිණ ඇත... ලංකාවේ ගෑනුන්ගේ ජීවිත හා ඔවුන්ගේ ළමයින්ගේ ජීවිත විදේශ විණිමයට වඩා වටිනා බැවිණි... අදට ලංකාවේ ළමයින් කීදෙනේක්ගේ අම්මලා අරාබිකරයේ මරාදමා තියෙනවාද? ළමයින් කීදෙනෙක් ඒ ගැන හුල්ල හුල්ලා ජීවත් වෙනවාද? ලංකාවේ කවුරුවත් කන්න බොන්න නැතිව කවදාවත් මැරිලා නෑ....(ස)
ඇත්තටම ගොඩක් සතුටූයි....!!(නු)
රිසානාට සහය වූ සැමට ගොඩක් ස්තූතියි , විශේෂ ස්තූතිය ජනපතිතුමාට (ස)
අල්ලාහ්ගේ තීන්දු හැමවිටම පුදුමාකාරයි.....(නු)
බෞද්ධ, මුස්ලිම් , කතෝලික සැම දෙනාම පාරට බැහැල සහයෝගය දුන්නු ප්‍රශ්නයක් මේක.. (ස)
ගොඩක් ස්තූතියි අපේ ජනාධිපතිට.මේ එඩිතර තීරණයට අපේ ස්තූතිය (ස)
ඔසන් සලාම් - ඔබට ඕනේ ආගම් භේධය විතරද ? හැමෝම ජාති බේදයෙන් තොරව තමන් අදහන දෙවියන්ගෙන් රිසානාව බෙරා දෙන්න කියල ඉල්ලාසිටියා . ඒකට ගරු කරන්න. (ස)
මුස්ලිම් රජතුමාට බොහොම ස්තුතියි..!(නු)
එදා සිටම මේ ළමයාට නිදහස පතා ප්‍රතිචාර දැම්මා.. ඒ දවස උදාවිම ඉක්මන් වේවා.. මේ සදහා කටයුතු කළ සැමට පිං..!(නු)
අරාබිකරයට තවත් නෝන්ඩි නොවී හොර ඒජන්සි නවත්වන්න වහාම පියවර ගන්න (ස)
2013 වසරේ පළමු සතුටු කඳුලු මගේ ඇස්දෙකෙන් ගලනවා, දුවේ ඔබට දිඝාසිරි (ස)
දුප්පත් කම නිසා රට ගිය අය ආපහු එන්නෙත් ඒ තැනටමයි. අපිට හැකිනම් ජීවන තත්වය උසස් කරන්න ක්‍රමයක් සොයන්න (ස)
කීපාරක් නම ඔය වගේ කතා කිව්වාද? මේ පාරවත් ඇත්තටම වේවායි පතමු..!(නු)
රිසානා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ බොහොමයක් අය අපේ රටේ සිංහලයන්ය.. ජාතිභේද ගැන කතාකරන හැමදෙනාම කුරුවිට ශාන්ත ධනුකේ ගේ අඩිපාරෙ ගියානම් අපි සියළු දෙනාම හැමදාම එකම ලක්මවගේ දූදරුවන්ය.. මේ අයගේ පාමුල මාගේ හිස තබමි.. ඔබලාට දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම රිස්නා වෙනුවෙන් පෙළපාලි හා පාදයාත්‍රා ගිය අපේ අවංක උතුම් ස්වාමීන්වහන්සේලාට මොන මුස්ලිම් කෙනෙකුටවත් අමතක කරන්න බැහැ.. උන්වහන්සේලාටද අපේ හිස නමනවා.!(නු)
ඉතා හොඳ පුවතක්.අවුරුදු ගානක් පිට රටක හිර ගෙදරක මරණෙට නියම වෙලා ඉඳල ගෙදර එන්න ලැබෙන එක වාසනාවක්..හැබැයි එකක් කියන්න ඕන..මේ ළමයා බේර ගන්න හැකි තරම් වෙහෙසුනේ අපේ සිංහල අය..රන්ජන් රාමනායක වගේ..මේ ළමයට දඬුවම් දීල තියෙන්නෙ සෞදියේ ශරියා නීතියෙන් නිසා වෙන කිසි කෙනෙක් කතා කළේ නැහැ..(නු)
ඇත්තටම සුබ ආරංචියක් (ස)
ඇගේ නිදහස පතා සටන් කළ සැමට පිං..!(නු)
ලංකාවෙ මුස්ලිම් සියළු දෙනාම එක දිනක් නෝම්බි උපවාසයේ යෙදිලා අපේ ජනාධිපතිතුමාට ප්‍රණාමය පැතිය යුතුයි.. එතුමා කරපු මේ මහගු සේවයට..!(නු)
රිසාන් වෙනුවෙන් ඇගේ නිදහස්වීම ප්‍රාර්ථනාකර දැමට දෙවි පිහිටයි (ස)
අල්ලා දෙවි පිහිටෙන් රිසානාට එන්න ලැබේවි..!(නු)
ස්තුතියි ජනාධිපතිතුමාටත් ඩිලාන් ඇමතිතුමාටත්..!(නු)
ගොඩක් සතුටුදායක පුවතක්..!(නු)
සන්තෝසයි
ගොඩක් ස්තුතියි..!(නු)
ඉතාම සතුටුයි. මෙය ලාංකිකයන්ට පමණක් නොව ලොව පුරා අවිහිංසාව අගයන සියළු දෙනා අමන්දානන්දයට පත් කරවන පුවතක්. ශාන්ත ලාල් මම හිතන්නෙ පළමුවෙනි ශ්‍රී ලාංකිකයා වෙන්න පුළුවන්. මීට පෙර පිරිමියෙක් මෙසේ නිදහස ලබා තියෙනවද?(නු)
මේ අහිංසකාවියට නිදදහස ලැබේවා..!(නු)
අදහස් ටික මසුරන් (ස)
ඇත්තටම හරිම සතුටු දායක ආරංචියක්
2013 වසරේ පලමුවෙන්ම මම කියවපු හොදම පුවත.. අදහස් දාපු අය ඉතාම හොදින් තම තමන්ගේ අදහස් දාලා තිබුණා බොහොම සතුටුයි... (නු)
නව වසරේ හොදම ආරංචිය..!(නු)
2013 සුභ පුවතක්. බොහොම සංතෝෂයි..!(නු)
දුප්පත්කම දරා ගන්නට බැරි හින්දා සෞදී ගිහින් ඇය මේ කරදර වින්දා නව වසරේ මුලින් දැනගත් පුවත හොඳා නිදහස ලැබේවා ඇය හිරගෙයින් මුදා(නු)
යම් කෙනෙක් මනුෂ්‍ය ඝාතනයක් කළොත් ඉස්ලාම් නීතියට අනුව මරණ දඩුවම එම පවුලේ අය සමාව දුන්නොත් නිදහස ලබන්න පුළුවං... ලංකාවෙ ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ ලමයාට නිදහස ලබාදීම ගැන අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා පතමි.!(නු)
හරි හොද ආරංචියක්. එය එසේම විය යුතුයි. (නි)
එහෙම වෙනවානම් ලොකු දෙයක් (දී)
මෑත කාලයේදී ඇසීමට ලැබුණු ඉතාමත්ම සතුටුදායක ප්‍රවෘත්තිය මෙයයි. රිසානා, ඔබට ආයු බෝ වේවා! (නි)
රිසානා ඔබට ආයු බෝ වේවා .ඇය බේරා ගැනීමට කටයුතුකල සැමට ස්තූතියි (ස)
මෙවර නත්තල් පැතුමටත් අපි රිසානාගේ නිදහස ප්‍රාර්ථනා කළා. (නි)
ඔබ වරදක් කර නැති නිසා ඔබට නිදහස ලැබෙන්න කියලා ලාංකිකයන් වශයෙන් අපි හැමෝම ප්‍රාර්ථනා කරා. එය එසේම වේවා (ස)
ජේසුතුමන්ට ස්තූති කරන්න, ඇයගේ ජීවිතය බේරීම ගැන. (නි)
ඊට පසු ඇයට දෙන්නට යන දඩුවම කුමක්ද දන්නෙ නැහැ. (නි)
සෞදි නීතියට අනුව දඩුවමට නියම වූ කෙනෙක් මෙලෙස බේරීම හාස්කමක්. (නි)
මෙහි අදහස් දක්වා ඇති සිංහල සහෝදර වරුනි.සියලු දෙනාම මිනිසුන් කියා මෙසේ එකමුතුවෙන් ඉන්නවා නම් ලංකාව අනිත් රටවලට ආදර්ශමත් රටක් වෙනවා නියතයි.ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් අය සමසේ ජීවත්වෙනවා. එහි කවුරුත් මම ක්‍රිස්තියානි හෝ මුසලීම් කියා කියන්නේ නැහැ,මම කේරල කියලයි කියන්නේ. හේතුව එකමුතු කම. (ස)
සතුටුදායක ආරංචියක්. (නි)
නව වසරේි මම ඇහුව හොදම පුවත මේකයි.. මේ අහිංසක කෙල්ලට ජීවිත දානය ලැබීම ගැන මම අදහන දෙවියන්ට පිං දෙනවා..!(නු)
ඔබ හරිම වාසනාවන්තයි රිසානා (ස)
අපිට හරිම සතටුයි (නු)
අපිට හරිම සතටුයි ඉක්මනින් ලංකාවට ඒන්න ලැබේවා..!(නු)
ජනපති ඇතුළු සහය දැක්වූ සැමට හා රිසානා හට ශක්තියක් වූ සියලු ලාංකිකයන්ට ස්තූතියි (ස)
2013 හොදම පුවත..!(නු)
ලංකාවෙ පුරවැසියෙකු සෞදි නීතියෙට අනුව වරදකරු වී නිදහස ලබන පළමු ලාංකික කාන්තාව බවට මෙය ඉතිහාසයට එක් වෙයි.. එයාට දීර්ඝායුෂ පතනවා..!(නු)
මේ තියෙන්නේ නියම පුවතක් , ජාති භේධ , ආගම් භේධ ඉවත දමා එයාව සාදරයෙන් පිළිගනිමු (ස)
රිසානා ඔබ වාසනාවන්තියෙකි (ස)
රිසානාගේ නිදහස වෙනුවෙන් අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් සියළු දෙනාම එකාමෙන් කියා සිටියේ ඇය නිදහස්විය යුතු බවයි. නමුත් සෞදියේ නීතිරීති අනුව ඇයට නිදහස ලැබේවිදැයි සැකයක් තිබුණි. නමුත් ප්‍රශ්නය තිබුනේ සෞදි නීතියේ නොව අපගේ ඒජන්තවරුන්ගේය. සල්ලි නිසා ඕනෑම වැඩක් කරන්න ඔවුන් දක්ෂ නිසා මේ සහෝදරියගේ ජීවිතය අවදානම් තත්වයට ඇද වැටුණි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ඉල්ලීම මතද ,දෙවන වරට ජනාධිපතිවරයා කුවේටයේදී ඔටුන්න හිමි සල්මාන් කුමරුට කළ ඉල්ලීමෙන් පසුව එතුමා අපගේ සොලිසිටර් ජෙනරාල්වරයාව එහි එවන්න කියූ බැවින්ද, ඉන්පසුව එහි සිදුවූ නීතිමය ගැටළු බොහෝමයක් තිබූ නඩුවක් බැවින්ද ඇයට නිදහස ලබාදීම සම්බන්ධව ඔවුන් සලකා බලන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මෙයට ජේසුතුමාගේ සම්බන්ධයක් නැත. ස්තුති කළ යුත්තේ අල්ලාහ් දෙවියන්ට පමණි. (නි)
මෑත කාලයේ අහපු හොඳම ප්‍රවෘත්තිය මේකයි අහිංසක රිසානාට නිදහස ලැබේවායි කඳසුරිදු පිහිටෙන් පතමු. (ස)