සරියා නීතිය අනුව යමින් රිසානාට මරණ දඩුවම ලබාදීම පිළිබදව සෞදිරජය ගත් පියවර පිළිබද විරෝධතා හා සත්‍යග්‍රහ පැවැත්වීම තම ආගමට කරන නිගාවක් බව අදහස් කරණ මුතූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනයා ඇය වෙනුවෙන් 11සිකුරාදා දින මුස්ලිම් පල්ලිවල විශේෂ යාඥාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරති.
සෞදි අරාබියේ මරණ දඩුවම් හිමිව සිටි රිසානා නෆීක් මරා දැමීමෙන් අනතුරුව රිසානා පදිංචිව සිටි මූතූර් සාපිනගර් ඇගේ නිවසට දහස් ගණනින් ජනතාව ඇදී එන්නට වූයේ රිසානා මරා දැමීමේ පුවත ඔවුන් වෙත සැළවීමත් සමගයි.
ඉතා දිළිදු පවුලක උපන් රිසානා තම සහෝදරයාට හා සහෝදරියන් දෙදෙනාට හොද අධ්‍යාපනයක් ලබාදීම සදහා තමා පාසල් වයසේ සිටියදීම අධ්‍යාපන කටයුතුද අතරමග නවතා විදේශ ගතවූයේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයි. එහෙත් ඇයගේ සියලු බලාපොරොත්තු සිහිනයක් බවට පත්කරමින් රිසානාට එහි සේවය කිරීමට හැකි වූයේ සති දෙකක් පමණ වූ කෙටි කාලයක් පමණි ළමා වියේ පසුවූ රිසානාට දරුවෙකු බලා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය. ඇය තමා භාරයේ සිටි සිව් මස් දරුවාට කිරිපොවමින් සිටියදී දරුවා බිම වැටී කිරි පිටඋගුරේ යෑම හේතුවෙන් තම භාරයේ සිටි දරුවා මිය ගිය බව රිසානා ප්‍රකාශ කර තිබිණි. එම වරදට මරණ දඩුවම් ලැබූ රිසානා 2005 වර්ෂයේ සිට 2013 ජනවාරි මස 09 වෙනි දින ඇය මරා දමනා තෙක් සවුදි හිර කදවුරක කාලය ගෙවීය.
මෙම වසර හතක කාලය තුල අවස්ථා දෙකකදී රිසානාගේ දෙමාපියෝ ශ්‍රී ලංකා රජයේ හා පෞද්ගලික අංශයේ අනුග්‍රහය මත රිසානා හිරගත කර තිබු සෞදි හිරකදවුර වෙත ගියහ. ඔවුන් එහිදී රිසානා මුණ ගැසී ඇති අතර රිසානාගේ මව පවසන ආකාරයට සිර කදවුර තුල සිටි රිසානා ඇයට එරට රජය මගින් මරණ දඩුවම් ලබා දී ඇති බැව් නොදැන සිටි බැව් පවසයි. සිර කදවුරේ දී ඇයට ලැබුණු මුදල් සබන් හා ටොපි වැනි ද්‍රව්‍යය තම සහෝදර සහෝදරියන් හට බෙදා දෙන ලෙස අවසන් වරට රිසානා මුණගැසීමට ගිය දෙමාපියන්ට ලබා දී රිසානා ප්‍රකාශ කර ඇත්තේ තම සහෝදරියන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන ලෙසයි.
පොල් අතු පැලක ජීවත්වන රිසානාගේ පියා දර කපා පවුලේ නඩත්තුව ගෙන යන අතර ඔවුන් සන්තකවම ඇත්තේ කරත්තයක් හා ගොන් බානක් පමණි. ඉතාදුක්බර ජීවිතයක් ගතකරන රිසානාගේ දෙමාපියන්ට රිසානා මිය ගිය බව සැළවීමත් සමග නිවසට ඇදී එන ජනතාවට තේ කොප්පයක් පවා ලබා දීමට නොහැකි තත්වයක් උදාවි තිබේ. මෙම තත්වය අවබෝධකරගත් ශ්‍රී ලංකා නාවික හමුදාව රිසානාගේ නිවසට අවශ්‍ය සලාක දුන්නේය.
රිසානාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත ජීවත් කිරීම සදහා පාසල් වයසේදීම විදේශ ගත වූ රිසානාගේ දේහය දැක ගැනීමේ දැඩි ආශාවකින් පසු වූවද එම අවස්ථාවද බොහෝ දුරට ඔවුන් වෙතින් ගිලිහී යනු ඇති බැව් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නිවන් සුව පතනවා (දී)
සම්පත් සහ ඉම්රාන් දෙන්නටත් දෙන්න ඕනෑ ශරියා නීතිය. (නි)
රිසානාගේ අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් අපේ සිත් වල ඇති වූ කනස්සල්ල තව බොහෝ කලකට පහ වී නොයන මානසික වධයක්ව පවතිනු ඇත. මේ සිදුවීම අපට අපේ රටේ හැටි තේරුම් ගැනීමට බල කරයි. රිසානා මුල් වරට අත්අඩංගුවට පත් වූ විට අපේ රටේ දේශප්‍රේමී තානාපති අංශ හෝ විදේශ සේවා කාර්යාංශ නීති ආධාර ලබාදීම පැහැර හැරී අතර ඊට ඉදිරිපත් වුණේ ආසියානු මානව හිමිකම් කොමිසමයි. අන්තිමේදී ඇයගේ ගෙල සිඳි යන්න පැය ගණනක් තිබියදී පවා රටම රැවටුවා ඒ රටේ රජතුමා තීන්දු අවලංගු කරාවි කියලා. නමුත් ඒ රටේ රජතුමා පෙන්වා දුන්නා එරට අධිකරණයේ ස්වාධීනත්වය එතුමා ගරුකරන බව. දැන් අපි කොතනද ඉන්නේ? (නි)
අළුගෝසු නීතිය කියන්නේ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන එක. රිසානාගෙ ඝාතකයාට ඔය නීතිය වලංගු නැද්ද? රිසානාගේ ඝාතනයෙන් ඈ ගැන වේදනාව ඇත්තේ වැදූ මවටත් හැදූ පියාටත් එක බඩවැල කඩාගෙන ආ සහෝදරියන්ට මිස ජාතිවාදීන්ට ආගම්වාදීන්ට නොවේ. (නි)
පවු...පවු... මට දුකයි ඔබ ගැන (දී)
ඇමරිකන් ගැත්තොත් නැතුවා නොවේ(නු)
මේකෙන් පාඩමක් ඉගෙනගෙන.(නු)
ඔබ මතු නිවන් සැප ලැබේවා (දී)
අපි අපිට කරන්න පුළුවන් දේ කළා (දී)
එහෙම කියන්න එපා. අන්තිම මොහොත දක්වා අපි සටන් කරන්න ඕනේ (දී)
මෙතන ගැටලුව ෂරියා නීතිය නොවේ.ෂරියා නීතියේ ඇති සමාව ලබාගැනීමට අප අපොහොසත් විමයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කන්දුන් සෞදි රජ මෙය සමථ මණ්ඩලයට යොමු කළේ ඒ අවස්ථාව අපට දෙන්නයි. අප ඒ අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ගත්තාද? මැදිහත් සිතින් සිතා බලන්න.තවත් රටක නීතිය වෙනස් කරන්න අපට බැහැ. (ස)
මෙතන ගැටලුව ෂරියා නීතිය නොවේ.ෂරියා නීතියේ ඇති සමාව ලබාගැනීමට අප අපොහොසත් විමයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට කන්දුන් සෞදි රජ මෙය සමථ මණ්ඩලයට යොමු කළේ ඒ අවස්ථාව අපට දෙන්නයි. අප ඒ අවස්ථාවෙන් නිසි ප‍්‍රයෝජන ගත්තාද? මැදිහත් සිතින් සිතා බලන්න.තවත් රටක නීතිය වෙනස් කරන්න අපට බැහැ. (දී)
මේකට දැන් දුක ප්‍රකාශ කරලා වැඩක් නැ, දැන් වත් අපි රටක් වශයෙන් නැගී සිටින්න ඕනි, එත් මේ කොන්දක් නැති නිලධරයන් එක්ක අපි කොහොමද ඉදිරියට යන්නේ. කෙල්ල මැරිලා ඉවරයි. හැබැයි ඒ කෙල්ලගේ දෙමව්පියන්ට ගෙවල් දීලා මේ ප්‍රශ්නේ යට ගහනවානම් එයාලට දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙවි (ස)
යාඥා කරලත් මොකටද දැන් ? (ස)
ෂරියා නීතිය අනුව අපේ රටේ වැරදි කරන මුස්ලිම් ට දඩුවම් දිය යුතුයි. (නි)
රිසානා දුවේ අපි ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කළා (දී)
දුවේ මුබට නිවන් සුව ලැබේවා (දී)
ජිවිතයක හැටි (දී)
අපේ වගකිවයුත්තෝ ගිහින් කතා කලාට වැඩක් උනේ නැහැ නේද (දී)
අපි අපේ කෙල්ල බේරා ගන්න මොනවා හරි කරමු (දී)
අයියෝ අපේ පුංචි කෙල්ල (දී)
මේ කාරනාව වෙනුවෙන් දුක්වූ සැමට පින් (දී)
ලංකාවටත් නීති දෙකක් ගේන්නට ඕනෑ. එකක් දැන් තිබෙන එක. අනෙක ෂරියා නීතිය. හැබැයි ෂරියා එක මුස්ලිම් කට්ටියට පමණයි හොඳේ. (නි)
වෙන මොනවා කරන්නද (දී)
මොන හිතකින්ද කඩුවකින් බෙල්ලක් කපන්නේ (දී)
මොනවා වුණත් අන්තිමට සෞදියේනේ මැරුණේ. ඒක නිසා ඉක්මණට දෙවියෝ ළඟට යන්ට පුළුවන් වෙයි. (නි)
කිසිම ආත්මයක මෙවන් විපතක් නොවේවා (දී)
ඒ ළමයා වෙනුවෙන් අපිත් නැගී සිටිනවා (දී)
අපි හැමෝම මේ කෙල්ලට නිවන් සුව පතන්න ඕනේ (දී)
ලංකාවේ හිගා කැවත් මේ රටවලට යන එක නතරකරන්න ඕනෑ. (නි)
කෝ රිස්වාන් මුස්ලිම් සහෝදරත්වය ??? (ස)
මගේ කනගාටුව (දී)
නංගියේ ඔබට නිවන් සුව (ස)
තම තමන්ගේ ආගම් වලට අනුව රිසානාට නිදහස ප්‍රාර්ථනා කරන්න (දී)
කොහොම හරි අපි මේ ළමයාව බේරා ගනිමු (දී)
මගේ කනගාටුව පල කරනවා, දුවේ නුබට නිවන් සුව (දී)
මැද පෙරදිගම දේහය භුමිදාන කළ එක හොදයි. (නි)
අපිට තියෙන්නේ රිසානා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නයි... (නි)
සැවොම නිවන් සුව පතන්න (දී)
අපිට ඔබ වෙනුවෙන් කල හැක්කේ නිවන් ප්‍රර්ථනා කරන එක පමණි (දී)
මට මේවට කියන්න දේවල් තිබුණත් ඒවා පසුවට කල් දාන්න වෙලා (ස)
අපි ඔබ වෙනුවෙන් අපෙන් වෙන්න ඕන දේවල් ටික කරනවා (දී)
දෙවි පිහිටයි ඔබට (දී)
වෙන යමක් නැද්ද කරන්න අපිට (දී)
අයියෝ රිසානා (දී)
මගේ එකම පැතුම ඔබට නිවන් සුව අත් වේවා (දී)
සෞදි රජයට මාගේ විරෝධය (ස)
මටනම් හරිම කනගාටුයි (දී)
තවත් අයකුට මෙවන් දෙයක් වෙන එක වළක්වන්න (දී)
ඇය වෙනුවෙන් අපි නිවන් සුව පතන අතර ඔබ වැනි තවත් ජිවිත රාශියක් එරට වාසය කරයි, ඒ අය මෙවන් අනතුරු වලින් බේරා ගැනීම වෙනුවෙන් අපි කැප වෙමු (දී)
අපි සැමදා ඔබ වෙනුවෙන් දුවේ (දී)
අපිට කරන්න පුළුවන් එපමණයි (දී)
ම්ලේච්ඡකම පිළිගන්නෙ නැහැ. චිත්‍රපටයකට නම් විරුද්ධව බොරුවට කෑගහන්න පුළුවන්. මේක මිනිස්කමටත් නින්දාවක්. විරෝධතා පැවැත්වීම ආගමට නිගාවක් කියන්නෙ, එතකොට ෂරියා නීතිය අනුව මරන එක ආගමද? (නි)
අපි ඒ ළමයා වෙනුවෙන් අපෙන් වෙන්න ඕන යුතු කම ඉටු කරමු (දී)
අනේ අපේ කෙල්ල (දී)
ජීවිතයක හැටි (දී)
මා ඉන්ද්‍රජිත්ගේ අදහස සමග එකගයි. (ස)
අනේ මන්දා (දී)
අපි වෙනුවෙන් වෙන්න ඕන දේ අපි කරනවා (දී)
ඉන්දුජිත් ඔබ අදහස ඇත්තෙන්ම නිවැරදි (දී)
එක්කෙනාගෙන් රුපියල ගානේ එකතු කරලා හරි මේ පවුලට නිවසක් තනාදෙමුද ? (ස)
මම ඔබට නිවන් සුව පතනවා (දී)
එහෙම නොවෙයි, බැරිද අපිට බේරා ගන්න (දී)
ඔබට නිවන් සුව (දී)
අයියෝ සල්ලි (දී)
සවුදියට දෙවියෝ තෙල් මවා දුන්නට එකේ ඉන්න අයට මොළයක් දීලා නෑ (අ)
පවු අහිංසක කෙල්ල. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අපි අරාබිය වර්ජනය කරමු. (නි)
ඔබේ සිහින සැබෑ කරන්න අපි එකතු වෙන්නම් (දී)
අපේ කෙල්ල නිදහස් කරන්න (දී)
අපිට මොකද්ද අපේ කෙල්ල වෙනුවෙන් කරන්න පුළුවන් (දී)
දැන්වත් බැරිද නිදහස් කරන්න (දී)
අපේ දහමට අනුව වෙනත් ආගමකට ගරහන්න හොද නැහැ.. ඒත් මේ වගේ අපරාධ නවත්තන්න කටයුතු කරන්න සංවිධානය වෙන්න ඕන..!(නු)
මෙයාලට පුළුවං බොරුවට කෑගහන්න විතරයි තමයි..!(නු)
රිසානාට නිවන් සුව ලැබේවා! (නි)
මේ වගේ දේවල් තියෙනකොට මුළු ලෝකෙටම සෙතක් වෙන්නෙ නැහැ.. දැන්වත් ජනතාවගේ දෑස් පෑදේවා..!(නු)
සියලුම සාක්ෂි වලට වඩා බලවත් වන්නේ හෘද සාක්ෂියයි. (නි)
හද කම්පා කරවන කතාවක් (දී)
ඇයි විරෝධතා හා සත්‍යග්‍රහ පැවැත්වුවොත්, "උඩ බලාගෙන කෙලගහගන්න වෙනවානේ". (නු)
අන්තවාදී කම ලොකුයි සත්‍ය අසත්‍ය තේරුම් ගන්නවට වඩා.(නු)
එතකොට අහිංසක ළමයෙක් අත්වැරදීමකට මරලා දාන එක මිනිස්කමට නින්දාවක් නෙමෙයිද? ටිකක් කල්පනා කරලා බල්නන..!(නු)
රිසානා ගැන තොරතුරු එසැනින් ගෙන එන ලංකාදීපයට ස්තුති (දී)
ශර්යා යනු නීතියක් පමණි ආගමක් නොවෙයි..!(නු)
අපි උත්සාහ කරමු නිදහස් කර ගන්න (දී)
මට හරිම දුකයි (දී)
ඒ අපේම සොහොරිය රිසානාට වෙච්ච දේ හෙට අපේම වෙන සොයුරියකට වෙන්න පුළුවන්. මට හොදටම තේරෙනවා. අපි දුප්පත් නැගිටින්න වෙර දරන පුංචි රටක්. අපිට රට සංවර්ඡනය කරගෙන යාමේදී රට විරුවන් දුක් මහන්සියෙන් හම්බකර තම මව්බිමට එවන ඒ මුදලට ලොකු වටිනාකමක් තිබෙනවා.නමුත් ඒ මතයේම ඉදලා අපේ රටේ අහිංසක මානව සම්පත මේ අරාබිකරයේ ඉන්න මස් වැද්දන්ට හිතුනු හිතුනු වෙලාවට ගොදුරු කරගන්න දෙන්න එපා. මම සිංහල දේශයේ ඉපදුණු සිංහල අම්මා කෙනෙකුගේ කිරි බීලා හැදුනු සිංහලයෙක්. අපිට ආඩම්බර ඉතියාසයක් තියෙනවා. වීර මද්දුම බණ්ඩාර පෙන්නුවා රට වෙනුවෙන් එඩිතරව කොහොමද කඩුවට බෙල්ල තියන්නේ කියලා. අපිට කාගෙන්වත් එඩිතරකම ගැන ඉගනගන්න ඕනෑනැහැ. අපේ රටේ කාන්තාවන් ඒ කෲර දේශයට යවන එක දැන්වත් නවත්වන්න. නැත්නම් අපේ සිංහල දරු පැටවුන්ට උන්ගේ අම්මලා නැතුව හැමදාමත් ඇඩු කදුලෙන් තමයි ඉන්න වෙන්නේ. (නි)
කෝ මේ අපේ අය රිසානා වෙනුවෙන් පෙළපාලි යනවාද? (නු)
ඇමරිකාවේ මෙහෙම උනොත්, මෙයාලා සිකුරාදාට මොනවා කරයිද?(නු)
බැරිද මොකුත් කියලා කරගන්න (දී)
මේවායින් ලෝකයම ගලවා ගන්නට පුළුවං ඇමරිකාවට පමණයි..!(නු)
ඇය වෙනුවෙන් වෙන යමක් කරන්න ඉතිරි වී නැද්ද (දී)
අයියෝ සල්ලි (දී)
මේ රටේ ම්ලේඡ්ච ශාරියා නීතිය නැහැ. ඉතිං ඇයි ඒ නීතියට බයේ පෙළපාලි නොයන්නේ? මේ ලිපියෙ නොතිබුණාට ශාරියා නීතියෙන් ලැබුණ දඩුවමකට විරුද්ධව පෙළපාලි ගියොත් ඒ ම්ලේඡ්ච නීතියෙන්ම ඒ අයට දඩුවම් ලැබෙනවා. ඇමෙරිකාවේ චිත්‍රපටයට විරුද්ධව පෙළපාලි ගියපු හැටි මතකනේ. තමන්ගේ අක්කා මරල දාලා. මූණවත් බලාගන්න විදියක් නැහැ මේ සහෝදරියන්ට. ම්ලේඡ්ච නීතියෙන් මරා දැම්මට පස්සේ සිරුර ඒ රටේම මිහිදන් කරන්න ඕනෑලු. ඊයේ දවල්ම මිහිදන් කරලලු සිරුර. (නි)
තීරණය හොදයි. විරෝධතා හෝ සත්‍යග්‍රහ මගින් රිසානාට නැවත පණ දිය නොහැක. (නි)
ජාතිවාදීන් හට රිසානාගේ දේහය අනිසි ලෙස පාවිච්චි කිරීමට ඉඩදෙන්න එපා. (නි)
සම්පත්, ඔයා නිකන් සිංහල නමකින් පෙනී හිටියට ඔයාගෙ අදහසෙන්ම පේනවා ඔයා කවුද කියලා. (නි)
රිසානා, ඔබගේ ගෙල සිදුනද සැමදා ඔබ අප හදවත් තුල ජීවත් වනු ඇත. (නි)
සියලුම මිත්‍යා දෘෂ්ටිකයන් සම්‍යක් දෘෂ්ටිකයන් වේවා! (නි)
කෝ මේකෙ වෙනදා කෑ ගහලා අදහස් දාන මුස්ලිම් කට්ටිය? මොකද මේවට දැන් සද්දයක් නැත්තෙ? (නි)
ඔබට නිවන් සුව ලැබේවා (දී)
අසරණ කෙල්ල (දී)
සෞදියේ විනාශය අතලඟ (ස)
ජෝජ් බුෂ්ට ස්තුතියි.!(නු)
ලංකාවේ මුස්ලිම් අය නැද්ද? බොරු දේවල් වලට කෑ ගැහැවට කෝ මේ වගේ දේකට කිසි සද්දයක් නෑනේ (ස)
අපේ පරම යුතුකම ඇය වෙනුවෙන් පින් කම් කිරීම පමණි (දී)
මේක අහලා සිංහල අපි මොනතරම් දුක් උනාද? මේ අය කියන විදියට මොන දේකට දුක්වෙන්නේ..?(නු)
අපිත් නිවන් සුව පතනවා ඔබට (දී)
ආනන්තර්ය පාප කර්මයක් කල කෙනකා අන්ත.කල්පයක් නරකයේ දුක් විදිනවා.. මිත්‍යා දෘෂ්ඨිකයන් අනන්ත කල්පයක් නරකයේ දුක් විදිනවා.. කර්මය මේකට කරන්න දෙයක් නැහැ..!(නු)
ලංකාවටත් ශර්යා නීතිය ගෙනල්ලා මේ කුඩු විකුණන අයට ස්ත්‍රී දුෂකයන්ට හොද පාඩමක් උගන්වන්න..!(නු)
අපි ඒ දේ කරමු (දී)
ඒක අපේ යුතුකමක් (දී)
පෙනෙන්නේ නැද්ද දැන් සිරියාවේ වෙලා තියෙන දේ? (නි)
අපේ යුතුකම අපි කරමු (දී)
අපිත් නිවන් සුව පතමු (දී)
අනේ අපේ කෙල්ල, මොනවාද අපිට මේ දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් (දී)
ඇත්තෙන්ම පව්..!