සෞදි අරාබියේදී මෑතදී හිස ගසා මරා දැමුණු රිසානා නෆීක්ට බොරු වයසක් දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සැකසීමට සහාය දුන් තම්බි ලෙබ්බේ අබ්දුල් සලාම් කොළඹ මහාධිකරණයේදී වැරදිකරු විය. දෙවසරක සිර දඩුවමක් නියම කර එය පස් වසරකට අත්හිටැවීය. රුපියල් 500 බැගින් චෝදනා දෙකට දඩද නියම විය.
මේ නඩුවෙන් රැකියා උප නියෝජිතයකු වූ මුත්තූර් ෂාපි නගර් හි සාහුල් හමීඩ් අබ්දුල් ලතීෆ්ද, කොල්ලුපිටියේ පකීර් මොහොමට් වජුර්දීන් ද වැරදිකරුවෝ වූහ.
ඔවුහු දැනට සිර දඩුවම් විදිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති ඔයින් ගියා (දී)
වරද කරුට නියම දඩුවම දිය යුතුයි (දී)
රුපියල් 500ක් වැඩිනැද්ද? (නි)
අර කෙල්ලගේ වටිනාකම රු.500 ද (දී)
අපි මධ්‍යස්ථව හිතන්න ඕනෑ. මොවුන් කළ දේ නීති විරෝධීයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. සමහරවිට මොවුන් මේ දෙය කළේ අසරණ, දුප්පත් පවුලට උදව්වක් කරන්න, යම්කිසි සහනයක් ලබා දෙන්න වෙන්න පුළුවන්. ලොවම කම්පාකළ, අවාසනාවන්න සිද්ධිය රිසානාට වුණේ නැත්නම් මොවුන් කළ දෙයින් එම පවුලට සෙතක් නේද වෙන්නෙ? (නි)
අප මහ ගෞතම බුදුරජාණන් අපට පෙන්වාදී තිබෙනවා පස් පව් වලින් වළකින්න කියලා. ඒකයි අපි බුදුන්ට නමස්කාර කිරිමට ප්‍රථම ගිහියෝ වශයෙන් පංච ශීලයේ පිහිටවන්නේ. අප මහ ගෞතම බුදුරජාණන් අපට කියලා නැහැ පවු කරන්නට එපා කියලා, අපට කියලා තියෙන්නෙ පවු වලින් වළකින්න කියලා විතරයි. බොරුවෙන් වළකින්න. එතකොට මේ ලෝකේ ප්‍රශ්ණ වලට ගොඩක් විසදුම් ලැබේවි. (නි)
ඇයි නරකද අරාබි දඩුවම මෙයාලටත් වලංගු කළා නම්? (නි)
මේ නීතිය අපේ රටට ආවොත් රටේ භාගයක්ම මියයාවි. (නි)
ඇති සිර දඩුවම් දීලා නැවතුනා (දී)
කෝ මෙතන අදහස් දාන අපේ මුස්ලිම් අය? (නි)
අයියෝ සල්ලි (දී)
ඒක ඉතාමත් කනගාටු දායාක පුවතක් (දී)
නැවතත් ඒ වගේ සිදු වීම් ඇති නොවේවා (දී)
අහිංසක රිසානාට උන දේට හොද දඩුවම. (දී)
ඇයි මේ අයට ශරියා නීතිය නැද්ද ??????? (ස)
රිසානා දෙවියන් එකක ගියානම් අර කඩුවක් අරගෙන බෙල්ල කැපුවෙ කවුද?(නු)
හොර ගමන් බලපත්‍ර හදපු කෙනාටත් ෂරියා නීතියම ගැලපෙනවා නේද ? (ස)
බලන්න අපේ රටේ දඩුවම් කොතරම් ලිහිල්ලද කියලා (ස)
ඉස්සෙල්ලාම දඩුවම් කරන්න තිබුනේ මොහුටයි. (දී)
එහෙනම් ලංකාවෙම ඉන්න මුස්ලිම් කට්ටිය දෙවියෙ ගාවට යවමුද? (නි)
මොනවා උනත් රිසානාට යලි පන එන්නේ නැහැ. (දී)
මගේ හිතටනම් හරිම දුකයි (දී)
මුත්තූර් ෂාපි නගර් හි සාහුල් හමීඩ් අබ්දුල් ලතීෆ්ද, පකීර් මොහොමට් වජුර්දීන් යන අයගෙන්ද රිසානාට වන්දියක් අරන් දිය යුතුයි. ඔවුන්ද මෙයට වගකිව යුතුයි. (නි)
මේ විදියට ගිහින් අධිකරණ ක්ෂේත්‍රයටත් මුස්ලිම් අය ඇවිත් එයාලට ඕනෑ විදියට නීති හදයි. (නි)
අවුරුදු 2ද? අපේ නීතිය..! (නු)
එක්කෙනෙක් ලංකාවෙදිත් කිව්වා රිසානාට දීපු දඩුවම සාධාරණයි කියලා.. (නු)
මෙයාලා ඔහොමමයි..! (නු)
රුපියල් 500ක දඩ මුදලක් වැඩි නැද්ද අහිංසක ජීවිතයක් නැති කළාට..! (නු)
රුපියල් 500ක්? ඔන්න රුපියල් 100ක් වගේ නම් සාධාරණයි. (නි)
මොවුන් හට ලබාදිය යුත්තේ මරණ දඩුවම යන්නයි මගේ අදහස. (නි)
ඇත්තටම මොවුන්ට මරණ දඩුවම දිය යුතුයි. මේක අපරාධකාරයින්ට උදවුදෙන නීතියක් කරන්න බැහැ. (නි)
අපරාදේ කියන්න බැහැ ඒ අතින් අපේ රටේ නීතිඥයින්... (නි)
පාස්පෝට් කන්තෝරුවේ අයට විරුද්ධව මුකුත් කරන්නේ නැද්ද? (නි)
මෙයාලා එළියට ආපුවහම මීට වැඩිය ලොකු ලොකු වැඩ කරයි. (නි)
තව කීදෙනෙක්ගෙ බෙලි කපයිද දන්නෙ නැහැ. අපිත් මිනී මැරුවොත් රු.500ද දඩය? (නි)
දුප්පත්කම නැති කිරීමට අප යම්කිසි වැඩ පිළිවෙලක් සකස් කල යුතුය. අධයාපනයට දුප්පත්කම බාධාවක් නොවීය යුතුය. නැත්නම් තවත් රිසානාලා බිහිවීම වැළැක්විය නොහැක. (නු)
අර අහිංසක කෙල්ලගේ ජීවිතයේ වටිනාකමද මේ? (නි)
බොරු කරන්න හදන්න එපා (දී)
රිසිනගේ උප්පැන්නේ හදපු චූදිතයගේ දඩට සෞදි රියාල් 17 යි (ස)
අපේ ජීවිත ගොඩක් බාල්දුයි. (නි)
මේ තීන්දුව අසාධාරණ නැද්ද? (නි)
රු 500 වැඩියි නේද..? (නි)
රිසානා ගැන දුක්වෙන්න එපා. එයාව දෙයියා එක්කගෙන ගියාලු. මම නෙමෙයි, රිසානාගේ පවුලේ අයම තමා කියලා තියෙන්නෙ මාධ්‍යයට. (නි)
ඒකත් පුදුම දෙයක් තමයි (දී)
නීතිය තියෙන්නෙ ඒකටනෙ දැන්. සාමාන්‍ය මිනිහට දැඩි දඩුවම්. බලවතාට ලංකාවෙ පොඩිම දඩය. ශිරාණි මැතිනිය කිවුවා ලංකාවට වෙන්න යන දේ. (නි)
අයියෝ සල්ලි (දී)