රියදුරු වැරදිවලට ලකුණු ලබා දී රියැදුරු බලපත්‍රය අත්හිටැවීමේ සහ අවලංගු කිරීමේ ක්‍රමවේදය හෙට (1) සිට රටපුරා ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එච්.එස්. හරිස්චන්ද්‍ර මහතා කියයි.
වැරදි 22 දෙකක් යටතේ මෙම ක්‍රමය ක්‍රියාත්මක විමට නියමිත වුවද මාරාන්තික රිය අනතුරු හා බීමත්ව රිය පැදවීමට යන චෝදාන දෙකට මුලින්ම ක්‍රියාත්මක කර පසුව අනෙක් වැරදි වලට ලකුණු දීමේ ක්‍රමය අරඹන බව ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ක්‍රමය ටික දවසකටයි . (ස)
මේක ප්‍රභූ වාහන, හමුදා වාහන, රජයේ වාහන වල රියදුරන්ටත් බලපානවද? (නි)
අධික වේගයට තමයි මුලින්ම දඩුවම් දෙන්න ඕනෑ. (නි)
මෙම නීතිය ප්‍රභූ ආරක්ෂක රථ වලටත් වලංගුයි නේද? (නි)
මේක සාධාරණව හැමෝටම එකම විදියට ළකුණු දෙන ක්‍රමයක් වෙයි නේද? (නි)
සමහර රටවල් වල මෙය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. හරියට ක්‍රියාත්මක වුණොත් බොහොම හොද වැඩක්. (නි)
දැන්වත් රියදුරන් සිහියෙන් යුතුව රිය පැදෙව්වොත් හොඳයි. (ස)
සහෝදරවරුනි, රට යන තාලේ හැටියට නම් සාධාරණය බලාපොරොත්තු වෙන්න එපා. (නි)
මොන ක්‍රමයකින් හරි මාර්ග නීති ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත්,පොලිසියේ මහත්වරු පාරේ යන වාහන නවත්තලා ලයිසන් ඉන්ෂුවරන්ස් බලලා, දඩ කොල ලියනවා මම දැකලා තියෙනවා. ඒත් අපරික්ෂාකාරිව වේගයෙන් ධාවනය කරන වාහන ඉස්සර කරන, ප්‍රධාන පාරේ පසුපසට ධාවනය කරන විශේෂයෙන්ම ත්‍රීවිල්,බස් හා මෝටර් සයිකල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මක කරන්නේ හරිම අඩුවෙන් ඒ ගැනත් නීතීය තදින්ම ක්‍රියාත්මක කළොත් අනතුරු අඩු කරගන්න හැකියාව ලැබෙයි. පොලිසියටත්, රියදුරන්ටත් පදිකයින්ටත් සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
හරියට කරනවානම් ඉතාම වටිනා අදහසක්. සමහර රටවල් වල මෙය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. (නි)
ලකුණු ගන්නත් ලකුණු දෙන්නත් ක්‍රම සහ විදි කට්ටිය හොයා ගනීවි (ස)
කවුද මේ ප්‍රභූ කියන්නේ? මට එයාලව කවදාවත් මුණගැහිලා නැහැ. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සහෝදරවරුනි, රට යන තාලේ හැටියට නම් සාධාරණය බලාපොරොත්තු වෙන්න එපා.(ස)
ප්‍රභූ වාහන වලට මේ නීතිය ක්‍රියාත්මක වේවිද මන්දා? (නි)
වැඩේ නම් හොදයි. ඒත් ඉතින් පොලිස් මහත්තැන්ලා ලොකු ලොකු වාහන දැක්කහම ඇඹරෙන එකනේ වැඩේ. (නි)
මේවා ලකුණු නෙමෙයි දඩුවම් ලකුණු (ස)
තීරණය ගැනීම උසාවියක් මගින් වෙනවා නම් කමක් නැහැ. රථ වාහන වැරදි සදහා වෙනම උසාවි ස්ථාපිත කළා නම් පොලිසියට පගා ගහන්න බැහැ නේද? (නි)
අද කාලෙට අවශ්‍ය දෙයක්. (නි)
නීතිය අකුරට . විනීත රියදුරන් දැක ගන්න ලැබේවා අපේ රටතුල (ස)
අනතුරක් කළ විට රියැදුරු බලපත්‍රය අහෝසි කරන්න. (නි)
පොලිසියට සුභ අනාගතයක්! (නි)
හොද වැඩක්. (නි)
ප්‍රභූ වාහන වලටත් මෙය අනුගමනය කරනවද ? (ස)
දැන් ඉතින් වෙරි බස්සාගෙන වාහන පදවන්න වෙයි. (නි)
මට නම් හිතෙන්නේ මේක මාස කීපයක් පමණක් ක්‍රියාත්මක වේවියැයි කියායි. (නි)
ලකුණු දෙන්න කලින් වෙන වෙන අතුරු ප්‍රශ්න ඇතිවේවිද දන්නේ නෑ (ස)
හරියට ක්‍රියාත්මක වුණොත් බොහොම හොද වැඩක්. (නි)
බීමත්ව රිය පැදවීමට මරණ දඬුවම දෙන්න. (නි)
හරියට විභාගයක් කර ගන්න බැරි එකේ මේක හරියට කෙරෙයිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ලංකාවට ඉතාමත් සුදුසුයි. මෙය හරියට ක්‍රියත්මක කරන්න. (නි)
ඉතාම හොඳ දෙයක්. දේශපාලන බලපෑම්, පගාවල් වලට යටනොවී, ඒ වගේම මිතුරු, හතුරුකම් නැතිව නීතියටම ක්‍රියාත්මක කරන්න. බටහිර යුරෝපයේ රටවල ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් මේක. (නි)
මෙහෙම කරලාවත් අනතුරු අඩුවේවිද කියලා බලමු. (නි)
මේ ක්‍රමය මීට කලින් එන්න තිබුණු දෙයක්. පහුවෙලා හෝ ක්‍රියාත්මක කිරීම සතුටක්. නීති පනවනවා වගේම නීති පිළිපැදීම පොලීසියේ මෙන්ම මහජනයා වන අප සැමගේ වගකීමකි. (නි)
රටක සංවර්ධනයට ඉතා හොද දෙයක්. විශාල වශයෙන් අනතුරු වළක්වා ගැනීමට හැකිවේවි. (නි)