රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා හෙරොයින් කිලෝවක් රැගෙන ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයකු හා මාළිගාවත්තේ කාන්තාවක කටුනායකදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුනු බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.
දෙදෙනාම සතියකට වරක් ඉන්දියාවට ගොස් ඇති බවත් ඔවුනොවුන් නොහඳුනන බවත් කියති.
ඉන්දියානුවා තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි හතලිස් එක් හැවිරිදි රෙදිපිලි ව්‍යපාරිකයෙකි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර විජේවීර මහතාගේ උපදෙස් පිට රාජ්‍ය බුද්ධි තොරතුරු සේවය සමග එක්ව රේගු සමාජ ආරක්ෂන අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී නිකොලෂ්, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පී. නන්දසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන්වන එම්.කේ උයද ගාමිණී, අයි.එන් ඒකනායක, ඩී.ඩී.එස්.සී මයිකල්, කීර්ති අබේසේකර, තිලින විෙජ්සේකර, ප්‍රබුද්ධ පෙරේරා, තනුෂ්ක විෙජ්සූරිය, උදේෂ් ජයවර්ධන යන නිලධාරීන් විසින් සිදුකරති.
මේ පිළිබඳව රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව මහතා විසින් සිදුකිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය වෙත බාරදීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
79
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රයිගමයයි ගම්පලයයි කුඩු ගෙනල්ලා
පුෂ්පා Tuesday, 26 February 2013 04:56 AM
රේගුවට ලොකු මල් මිටක්! අපේ අහිංසක සහෝදර සහෝදරියන් මත් රකුසාගේ බේරා ගැනීමට ඔබ දරන උත්සාහයට කොපමණ ස්තුති කළත් මදි. (නි)
සිල්වා Monday, 25 February 2013 12:02 PM
අපේ කාන්තාවෝ ඉන්දියන් බිස්නස් කරනවා කියලා කරන්නේ මේවා තමයි. ජාතිය වනසන මෙවැනි වැඩ කරන අයට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න.(නදී)
නිමල් Monday, 25 February 2013 12:03 PM
දින දෙකකදී කුඩු ගැන අහන්න ලැබෙන කී වෙනි පුවතද මේ?(නදී)
සූකිරි Monday, 25 February 2013 12:03 PM
මෙන්න ලංකාවේ උතුම් බව කියාපාන තවත් එක සිදුවීමක්.(නදී)
සෑම් Monday, 25 February 2013 05:06 PM
අන්තවාදී ආගම් කල්ලිවල සම්බන්ධයක් ඇත්දැයි සොයා බලන්න. (නි)
Nimal Tuesday, 26 February 2013 03:31 PM
මේව අල්ලපු එක නම් හොඳයි, හැබැයි මගේ ජීවිත කාලෙටම තාම කුඩු 'මුදලාලිලා'ට දඬුවම් කරනවා අහලා නෑ. මේ වගේ ගෝල බාලයෝ තමයි හැමදාම අහුවෙන්නේ. (ස)
මහින්ද Monday, 25 February 2013 12:30 PM
නීතිය නම් වල්වැදිලා ඉතින් බොහොම කල්නේ. (නි)
ලලිත්-දෝහා Monday, 25 February 2013 12:49 PM
මේවා බරපතල වැරදි. උපරිම දඩුවම් දෙන්න.(නදී)
කුමාර් Monday, 25 February 2013 01:19 PM
දැඩි දඩුවම් ලබාදිය යුතුයි. (නි)
චන්ද්‍රකුමාර Monday, 25 February 2013 01:32 PM
දකුණු ඉන්දියාවේ අය ලංකාවේ අනෙක් දේවල් ප්‍රතික්ෂේප කළාට මෙහෙම දේවල් වලට නම් ලංකාව හොදයි. (නි)
ගාමිණි Monday, 25 February 2013 07:52 PM
ළමා පරපුර විනාශ කරනවා (දී)
ගාමිණී Monday, 25 February 2013 02:27 PM
රේගු නිළධාරීන්ගේ කාර්යක්ෂමභාවයට අපේ සුභ පැතුම්! (නි)
ගාමිණි Monday, 25 February 2013 02:34 PM
ලංකාව විනාස කරන්න ඇවිත් තියෙන්නේ (දී)
හාවී Monday, 25 February 2013 04:06 PM
රයිගමයයි ගම්පලයයි කියුවේ ඇයි (දී)
මහින්ද-ඩුබායි Monday, 25 February 2013 12:02 PM
ඔක්කොමත් හරි. ඕක අර ආයතනයට බාරදුන්නම කුරක්කන් පිටි වෙයිද දන්නේ නැහැ. ඔය අහුවෙන කුඩු ප්‍රසිද්දියේ විනාශ කරන්න ක්‍රමයක් සකස් කලොත් හොදයි.(නදී)