මෝටර් රථයකින් ආ නාඳුනන පිරිසකගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ රයිගම්පුර පෞද්ගලික බස් සංගමයේ සභාපති පින්සිරි පොන්සේකා මහතා පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. ඔහුගේ නිවස ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැර පහර , මැර බලය , මේවගෙන් තමයි දැන් ලංකාව ආශ්චර්‍යය කරා ගමන් කරන්නේ (ස)
නම පින්සිරි වුණාට. පවු ඵලදෙනවා (ස)
කොයි පැත්තෙන් බැලුවත් ආ ශ්චර්යයට යන ලකුණුමයි තියෙන්නේ.. යමු යමු ඔහොම යමු.!(නු)
පෞද්ගලික බස් කාරයින්ට ගැහුවට පවි නැහැ.(නදී)
මැති ඇමතිලා වැඩිවෙනකොට මැර බලයත් වැඩිවෙනවා(නදී)
ගැහුවට අල්ලන්න බෑ (ස)
මොනවා නැතත් ඒ පැත්තෙන්නම් රට ගොඩක් දියුණුයි (ස)
පොලීසිය මොකද අනේ ඔය මැර කණ්ඩායම් වලට බලය දෙන්නේ. බලය දෙන්නකෝ රටේ නීතිය ආරක්ෂා කරන්න (ස)
රටේ හැම පුරවැසියෙකුමෙ ඉදිරියෙදි අවි පුහුණුව දුන්නේ නැතින්මි මැරයන්ගෙන් බේරිලා ඉන්න බැරුව යයි(නදී)
බස් හිමියන්, කොන්දොස්තර මහත්වරුන්, රියදුරු මහත්වරුන් ගහන පදවලට සභාපතිලා නටන්න උවමනාවක් නැහැ. වරදක් ඇත්නමි ප්‍රවාහන ඇමති, ජනාධිපතිට පැමිණිලි නොකර පහර දෙන්න කිසිම අයිතියක් නැහැ.(නදී)
රයිගමිපුර සභාපතිට මේක කරල තියෙන්නේ ගමිපලයම තමයි(නදී)
කුමක් හෝ වරදක් කරන්න ඇති. නැත්නම් ගහන්නේ නෑනේ (ස)
මේකත් අර බල සේනා මැරපිරිසගේ වැඩක් වෙන්න ඕනෑ. මම එය අවිවාදයෙන් යුතුව කියනවා. ඒ අයට දැන් වැඩක් නැති නිසා වැඩක් නැති ඔහේලාට වැඩක් දෙන්න ආවේ කියලා අහිංසක ජනතාවට පහර දෙනවා. වැඩට බැහැලා වැඩකරගෙන යනවා. (නි)