ප්‍රභාකරන්ගේ රුව සහිත ටී ෂර්ට් ඇඳ සිටි 40ක් පමණ තරුණයන් තමිල්නාඩුවේ රාමේෂ්වරම් කෝවිලේදී අද උදේ 7.15ට තමා වට කැරගෙන වහාම එතැනින් පිට වී යන ලෙස දැන්වී යැයි ද, පොලිසිය ද එහි පැමිණියේ යැයි ද ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා කටුනායක දී එසැණ සමග පැවැසීය. එම පිරිස ‘අපි දෙමළ‘ සංවිධානයේ අය බව කී නඩේසන් මහතා තමා වසර 25ක් තිස්සේ වන්දනා මාන  කරන කෝවිලෙන් පිටවී ආවේ යැයි ද සඳහන් කෙළේය.