රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙන් එරට ශ්‍රී ලාංකිකයනට සිදුවන අඩුපාඩු කම් නැති කිරීමට හෙට (17) උද්ඝෝෂණයක් පවත්වන බව රෝමයේ ශ්‍රි ලංකා සංවිධානයේ සභාපති ආනන්ද සෙනෙවීරත්න මහතා කියයි.
ඉතාලි පුරවැසිකම ලබා ගත් ශ්‍රි ලාංකිකයකූගේ නමින් මෙම උද්ඝෝෂණය සඳහා එම රජයෙන් අවසර ලබා ගත් බවත් ඔහු කියයි.
සෙනවිරත්න මහතා පැවසුවේ මේ සඳහා අවසර ගැනීමේදී රෝම බෞද්ධ විහාරස්ථානයේ ලිපිනය හෝ ථෙරවාදී බෞද්ධ සංගමයේ නම අනවසරයෙන් භාවිතා කර නැති බවයි.
මොල්ලිගොඩ ධීරානන්ද හිමියන් පවසනුයේ ඉතාලි විදේශ අමාත්‍යංශයෙන් තානාපතිට කළ දැනුම් දීමකට අනුව විහාරස්ථානයේ ලිපිනයත්, ථෙරවාදී බෞද්ධ සංගමයේ නමත් අනවසරයෙන් භාවිතා කර ඇති බවයි.
මේ ගැන විමසීමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා සම්බන්ධකර ගැනීමට ගත් උත්සහාය ව්‍යාවර්ථ වූ බව ද ආනන්ද සෙනෙවීරත්න මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ තානාපති සේවයට විදේශ විභාග සමත්, පරිපාලන විභාග සමත් දක්ෂ නිලධාරීන් එවන්න. නෑදෑයන්ට රැකියා අවස්ථා හෝ ලමයින්ගේ ඉගෙනුම් ගැන සොයන උදවිය එවන්න එපා. මේ අය කරන්නේ තමුනුත් හම්බකරන එක පමනයි.(නදී)
ඔයාලට බුලත් දීලා වැදලා මැද පෙරදිග වැඩට එන්න කිව්වද? රැකියාවක් කරලා කීයක් හරි හම්බ කරගන්නයි මැද පෙරදිගට එන්නේ. ඇයි ඒක අමතක කරන්නේ.(නදී)
නිශාන්ත, සටන් පාට ටික ලෑස්තියි. අර සිංහල දන්නේ නැහැ වගේ ඉන්න නෝනට කියන්න වෙනම ටිකකුත් හදා ගත්තා.(නදී)
නීලා, මොකක්ද රාජාණ්ඩුවක් කියන්නේ. පැහැදිලි කරන්න.(නදී)
තානාපති කාර්යාලයට වැඩ කරගන්න එන ශ්‍රී ලාංකිකයින්ගෙන් පගාව ඉල්ලන සුළු සේවක මහත්තුරු ගැන සටන් පාට හදා ගත්තද ?(නදී)
ලලිත්, රාජාණ්ඩු ඇතුලේ උද්ඝෝෂන තහනම් කියලා දන්නේ නැද්ද?(නදී)
අපිට එතුමා ගැන වෛරයක් නැහැ. (නදී)
හොදයි (දී)
මේ ඉතාලිය නිසා උද්ඝෝෂනයක් වත් කරනවා මැද පෙරදිග අපිට කාගේ පිහිටද?(නදී)
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සේවා ගැන නොසතුට පළ කිරීමේ උද්ඝෝෂණයක් හෙට 17වැනිදා පැවැත්වීමට යයි.(නදී)
උද්ඝෝෂනය සාර්ථක වේවා!(නදී)
රෝමයේ විතරක් නෙමෙයි. ගොඩක් තැන්වල ඔහොම වෙන්න ඕනා. විශේෂයෙන්ම සෞදිඅරාබියේ.(නදී)
මෙහේට එවන්න වැඩකරන දක්ෂ නිළධාරීන්ව. (නි)
පාලකයිනි, ඡන්ද වලට වැඩකරන අයට රැකියා දීලා තානාපති කාර්යාලවලට දාන්න එපා. ඒහෙම අය මෙහෙ ඇවිත් බලන්නේ හම්බකරන්න. අපට ඔවුන්ගෙන් සෙතක් නැහැ. (නදී)
අපට උද්ඝෝෂණ කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. (නි)
මොනතරම් නම් අවාසනාවන්ත තත්ත්වයක්ද? ලෝකයේ කිසිම රටක මෙහෙම වෙන්නෙ නැහැ. (නි)
ඒකට ඉතාලියේ විරෝධතා පවත්වලා ඇති වැඩේ මොකක්ද? (නි)
ඔබ සැමගේ සහයෝගය ලබා දේනන. ඇත්ත සැමදාම ජයගනී.(නදී)