රෝමයේ වාසය කරන ශ්‍රී ලංකා කාන්තාවක රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයකුට එරෙහිව පැමිණිල්ලක් කර ඇත.
පසුලිය අගෝස්තු 31 වැනිදා තමාට අයුතු යෝජනාවක් කළැයි එම කාන්තාව තානාපති කාර්යාලයේ නිලධරයන් සිව් දෙනකු ඉදිරියේ මෙම පැමිණිල්ල කර ඇතැයි කියනුයේ පසුගිය දෙසැම්බර් 27 වැනිදාය.
එම සේවකයා මේ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරයි. පෞද්ගලික කෝන්තරයක් මත එම පැමිණිල්ල කර ඇතැයි 52හැවිරිදි සේවකයා පවසයි.
අගෝස්තු 31 වැනිදා තානාපති කාර්යාලයේ නිවාඩු දිනයක් බව ද පමාවී පැමිණිල්ල කර ඇත්තේ කිසියම් පිරිසකගේ කුමන්ත්‍රණකාරී අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට යැයි ද ඔහු කියයි.
පමා වී මේ පැමණිල්ල කළේ ඇයිදැයි විමැසීමට එම කාන්තාවගේ නිවසට දුරකතනයෙන් කතා කළ නමුත් ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
ඇය ශ්‍රී ලංකාවට ගොස් ඇතැයි දැනගන්නට ඇත.
තානාපති කාර්යාලයයේ අක්‍රමිකතාවයක් ගැන කළ පැමිණිල්ලකින් පසුව පිරිසක් මේ සේවකයනට එරෙහිව ක්‍රිය කරතියි ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වෙන්නත් පුලුවන්. (නි)
රෝමයේ ලාංකිකයන් වශයෙන් අපි මෙය දැඩිව හෙළා දකිමු. (නි)
ඔය කියන කාන්තාව ගැන අපි හුගක් අය දන්නවා. (නි)
රෝමයේදි රෝමානුවකු වගේ ඉන්න එපැයි! (නි)
ගොඩක් තානාපති කාර්යාල වල ඉන්නේ කිසිම දෙයක් නොදන්න අහිංසක කට්ටිය... (නි)