රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම සඳහා අවසර ගත් ආකාරය ගැන රෝමයේ ශ්‍රී ලාංකික වැසියන් අතර මත බේදයක් හටගෙන ඇත. තානාපති කාර්යාලයෙන් සිදු වෙතියි කියන ඇතැම් අඩුපාඩු කම් ගැන විරෝධතා දැක්වීමට ලබන ඉරිදා පැවැත්වෙන එම උද්ඝෝෂණයට ඉතාලි රජයෙන් අවසර ලබා ගෙන ඇත. තම විහාරස්ථානයේ ලිපිනය පාවිච්චි කරමින් අවසර ගත් බව කියතත් තමන් එවැනි අවසරයක් ගෙන නැතැයි බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමියෝ කියති. ඒ සම්බන්ධයෙන් ඉතාලි එකාබද්ධ ශ්‍රී ලාංකික සංගමයේ අනුශාසක දඹදෙණියේ ධර්මාරාම හිමියන්ගෙන් කළ විමසුකදී ඒ හිමියන් පැවැසුයේ අවසර ගත් ආකාරය ගැන තමන් කිසිවක් නොදන්නා බවයි. මේ ගැන විමසීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට තතු දන්න අය නම් දන්නවා මේක පිටුපස ඉන්නේ කවුද කියලා. (නි)
ඉතාලියේ සමහර ශ්‍රී ලාංකිකයින් කරන වැරදි වැඩ වාර්ථා වෙනවා. මේවාට අතදාන්න තානාපති කාර්යාලයට ඉඩ නැහැ. නමුත් නිලධාරීන් තමන් සතු වගකීම නිසියාකාරීව ඉටු කළ යුතුයි.(නදී)
කොහෙත් එක වගේ (දී)
ඉතාලියේ ඉන්න බහුතරක් ලාංකිකයෝ ඉතාලියත් කාලා ලංකාවේ නමත් කනවා. (නි)
මේක ඇවිල්ලා පොදු උද්ඝෝෂණයක් නෙවෙයි.පෞද්ගලික පලිගැනීමකට කරන එකක්.(නු)
රෝමයේ වෙසෙන අය දෙකඩ කැඩිලා, ඒ ඒ අය දරුණු ලෙස මඩ ගහ ගන්නවා(නු)
රෝමයේ පිරිස බේද කරන්නේ කවුද කියලා අපි දන්නවා. (නි)
රෝමයේ දැන් ඉන්න සිංහල උදවිය හරි නපුරුයි.(නු)
කවුද මේවා සැළසුම් කරන්නේ..?(නු)
ඉතාලියේ වෙසෙන මහජනතාවට සේවයක් නොවෙන, තානාපති කාර්යාලයේ සේවකින් වහා සේවයෙන් නෙරපනු! (නි)
හාමුදුරුවො මොනවාට මේවාට සම්බන්ධ වෙනවාද?(නු)
ඉතාලියේ වෙසෙන මහජනතාවට සේවයක් නොවෙන තානාපති කාර්යාලයේ සේවකින් වහා සේවයෙන් නෙරපනු . (ස)
මෙය ලෝකයේ තියෙන බොහෝ තානාපති කාර්යාලවලට පොදු දෙයක්.. වැඩ බොහොම මන්ද ගාමියි.,!(නු)
තානාපති කායාලයට විරුද්ධව උද්ඝෝෂණයත් කරන්නේ අනුන්ව පාවා දෙමින්. රෝමයේ පොලිස් කාරයන් තමන් බව හිතාගෙන ඉන්න අය මට්ටු වෙන්නෙත් මෙදා පාරය . (නි)
ආරාධනා ලැබූ සම්මික උඩුනුවර, ඔබ කියන්නේ පන්සල මුල් කරගෙන අවස්ථාවාදී වෙන්න කියලද? අනේ සාධු... සාධු... සාධු...! (නි)
අනේ මන්දා, මොනවා බෙදාගන‍්නද මේ දේවල්? (නි)
ලෝකේ හැම රටම එක වගේ (දී)
පළමුවම කළයුතුව තිබුනේ මෙම උද්ඝෝෂණය සංවිධානය කරන අයගෙන් මේ පිළිබඳ දැන ගැනීමයි. මාධ්‍යවේදියෙක් යනු අනුන් කියන දෙය තමන්ගේ නමින් පළ කරන පුද්ගලයකු නොවිය යුතුයි. සොයා බලා සත්‍ය තත්වය වාර්තා කළයුතුයි. (නි)
ඉතාලියේ තියා දිව්‍ය ලෝකයේ හිටියත් ලාංකිකයෝ තමන්ගෙ අනන්‍යතාවය නම් මොනවට පෙන්නුම් කරනවා. (නි)
සංවිධායකන් අවසර ගන්න දන්නවා හොදට. (නි)
මාධ්‍යය විසින් තම වගකීම පිළිබදව සැළකිළිමත් වියයුතුයි. (නි)
කොහෙත් ඔහොම තමයි, කලබලවෙන්න එපා (දී)
ඈයි හාමුදුරුවනේ ඕක හොයාගන්න අමාරුවක් නෑ. රෝමයේ නගර සභාවෙන් හරි,පොලිසියෙන් ඈහුවත් කියනවානේ .ඔබතුමාගේ විහාරස්තානයේ ලිපිනය පාවිච්චි කරලනම් ඔබ නොදෑනුවත්ව,ඔබට අයිතියක් තියෙනවා නීතිමගින් කටයුතු කිරීමට අවසර ගත් කෙනාගෙ රිසිඩන්ස් ලිපිනය තමා දාන්නෙ අවසර පත්‍රයට.මෙ අවසරය අරන් තිබෙන්නේ පන්සලෙ රිසිඩන්ස් තිබෙන කෙනෙක් , කාට හරි කොල හදන්න පන්සලේ නවාතෑන් පහසුකම් ලිපියක් දුන්නාද කියලා (හොස්පිති ලියවිල්ලක්) මතක් කරලා බලන්න. වගකීම ඔබතුමා බාර ගත යුතුයි.තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණය කලා කියලා ඉතාලි රජයෙන් මොනවා කරන්න ද? අපේ උපන් බිමේ ප්‍රතිරූපය බිද වෑටෙනවා වගේම යුරෝපයේ මාධ්යවල ප්‍රශ්ණය විකෘති කරලා යනවා. එහෙම වෙලා තිබෙනවා.ජිනීවා වලට තවත් කුණු එකතු කරන්න එපා.උඩබලාගෙන කෙල ගසාගන්න එපා .අපේ මූණටමයි.කොටි පරදවන්න පාට බේද ,ජාති බේද වලින් තොරව ඔබලා අපත් සමග අත්වෑල් බෑදගත්තා මතකයි.ශ්‍රී ලංකාවට ආදරය කරන ශ්‍රී ලාංකිකයෙනි ඔබලාගෙ උද්ගෝෂණය ජිනීවා මානව හිමිකම් කොමිසමේ සෑසිවාරයෙන් පසු මාර්තු මාසයෙන් පසුව පවත්වන මෙන් ඉල්ලා සිටිමි.පටු දේශපාලන අරමුණු හා ඩයස්පොරාවෙ කූට උපක්ක්‍රම වලට හසුනොවී මින් ඉදිරියටත් තමන්ගෙ උපන් දෙශයට ආදරය කරන ලෙස රෝමයෙ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.(නු)
හසිත පෙරේරා කියන්නේ හොදට වැඩ කරන මහත්තයෙක්. (නි)
ජෝයි ඩයස් මහතා, ඒක තමයි ඇත්ත. මෙයත් සඝ පරපුරේ චිත්ත පාරිශුද්ධිය ලෝකයට පෙන්වන එක් අවස්ථාවක්. (නි)
තානාපති කාර්යාලය ඉදරිපිට තිබන උද්ඝෝෂණය ගැන මා මෙයට පෙරද දැනුවත් කළා. ඇත්තටම මේ උද්ඝෝෂණය පවත්වන්නේ එකතරා පන්සලක ප්‍රධානත්වයෙන්. මේ සදහා මට ආරාධනා ලැබී තිබෙනවා. නමුත් මම යන්නේ නැහැ. ඇත්තටම තානාපති කාර්යාලයේ වැඩ දැන් හොදට වෙනවා. මෙතන තිබෙන්නේ අවස්ථාවාදින්ගේ කුමන්ත්‍රණයක්. මේකට අහුවෙන්න එපා. (නි)
බලන් කඩතුරා හැර දෑසේ... (නි)
කොහෙත් ඔය මාතෘකාවම තමයි (දී)
රෝම තානාපති කාර්යාලයේ වැඩ හරිම මන්දගාමීයි. (නි)