IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රූපවාහිනී අයිතිවාසිකම් ගිවිසුමට ටෙන්ඩර් කැඳවයි?

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වන අන්තර්ජාතික ක‍්‍රිකට් තරගවල රූපවාහිනී අයිතිය විකිණීමේ ගණුදෙනුව පිළිබඳව සිදුවූයේ යැයි කියන ඉහළ මැදිහත්වීමක් හේතුවෙන් විවෘත ටෙන්ඩර් කැඳවීමට සූදානම් වන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් කළ විමසීමකදී එහි අළෙවි අංශයේ උසස් නිලධාරියකු පවසා සිටියේ ටෙන්ඩර් කැඳවීමක් පිළිබඳ කිසිවක් තමන්ට දන්වා නැති නමුත් මීට පෙර විකාශන අයිතිය හිමි ‘ටෙන් ස්පෝට්ස්’ ආයතනය සමගම ඒ සම්බන්ධයෙන් සාකච්ඡවක් කෙරෙමින් පවතින බවත්ය.

ක‍්‍රිකට් තරග විකාශය කිරීමේ අයිතිය, ටෙන්ඩර් කැඳවීමකින් තොරව, වසර හතක කාලයක් සඳහා ඩොලර් මිලියන 53 කට විකිණීමේ සූදානමක් ඇතැයි මීට පෙර වාර්තා විය.

මෙම ගනුදෙනුව පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු ඉහළ මැදිහත්වීමකින් මෙයට සම්බන්ධ සියලූම පාර්ශව කැඳවා, අදාළ ගනුදෙනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අලාභයක් නොවන පරිදි කරන ලෙස උපදෙස් දුන් බවත් එම රැස්වීමට හිටපු කී‍්‍රඩා ආමාත්‍යවරයකු ද කැඳවූ බවත් වැඩි දුරටත් දැනගන්නට තිබේ.

රූපවාහිනී අයිතිය විකිණීම පිළිබඳ ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයකු වගකිවයුතු පාර්ශව දැනුවත් කිරිමෙන් පසුව මෙම පියවරගත් බව ද දැනගන්නට තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ද උපදෙස් ලැබී ඇති බවත් දැනගන්නට ඇත.

 



අදහස් (0)

රූපවාහිනී අයිතිවාසිකම් ගිවිසුමට ටෙන්ඩර් කැඳවයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site