බෝගම්බර සිර ගෙදරට අද ටෙනිස් බෝලයක් වැටුණේය. එහි හෙරොයින් පැකට් 196ක් අසුරා තිබිණි.
සිරකරුවනට විකිණීම සඳහා වන මේ කුඩු ජාවාරම කෙරෙනුයේ ජංගම දුරකතනයෙන් බවත්, කුඩුවල ගාස්තුව සිරකරුවන්ගේ නෑයන්ගෙන් කල්තියාම එකතුකරගන්නා බවත් දැනගන්නට ඇත.
ටෙනිස් බෝලයේ කුඩු පැකට්ටුවක මිල රුපියල් 300ක් බව ද, බෝලය අසුලා ගැනීමට සිටි ‘පුද්ගලයා‘ ඒ අවස්ථාවේ නොසිටීම නිසා වෙනත් අයකු අතට පත් වී ඇති බව ද දැනගන්නට ඇත.
සිරකරුවන්ගේ නෑයන් මෙම කුඩු පැකට් වෙනුවෙන් කුඩු සැපයුම්කරුට වැය කර ඇති මුදල රුපියල් 58800ක් බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවැනි ටෙනිස් බෝල 100 යක් වැටෙනකොට එකක් අල්ලනවා. මේ වගේ සිරගෙදරක් තියෙන්න ඕනේ හුදකලා පරිසරයක මිස ඔවැනි ජනාකීර්ණ පරිසරයක නෙමෙයි. මේක ඇතුලට තහනම් දේ ලැබෙන ඔය එක මාර්ගයක් විතරයි.(නදී)
නියම මාතෘකාව (දී)
දූෂිත බන්ධනාගාර නිළධාරීන් නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. (නි)
ක්‍රිකට් මොනවද මේවා බැලුවහම? (නි)
මෙයාලා සොයා ගන්නා ක්‍රම තමයි වැදගත්..!(නු)
අපරාදෙ සිරකරුවන්ට සෙල්ලම් කරන්නත් බැරිඋනානේ.. (නු)
ලලන්ත, මේවට බොදුබලසේනා මක් කරන්නද? බොදු බල සේනා ඉන්නේ සාසනය රකින්න මිසක් තුඩු අල්ලන්න නෙමෙයි.(නදී) l
ලලන්ත, හැමදේටම බොදු බල සේනාව ගාවගන්න එපා.(නදී)
බෝලයක් මේ තරම් වටිනවාද?(නු)
හිරකරුවන්ගේ නෑදෑයොත් හිරේට දාන්න ඕන.. හැබැයි ඒ අයට කන්න දෙන්න වෙන්නෙත් අපේ වියදමින් තමයි එතකොට.!(නු)
මේ අහුවුනේ එකක් විතරයි.. දවසකට ඔයවගේ ඒවා කීයක් වැටෙනවා ඇතිද?(නු)
හොඳටම විශ්වාසද ටෙනිස් බෝලයක් කියල? කුඩු පැකට් 196ක්? ගිනස් වාර්තාවක්ද කියල හොයල බැලුවේ නැද්ද?(නදී)
ලලන්ත, ඔයාලා වගේ මිනිස්සු අපේ රජ කාලෙත් හිටියා. සිංහලයට කෙනහිලි කම් කරන්නෙම අපේ අය තමයි.(නදී)
මේවා බොදු බල සේනාවට පෙන්නන්න.(නදී)
දූෂිත බන්ධනාගාර නිලධාරීන් අපරාද වවනවා.(නදී)
මාර බෝලයක් නේද? ඔය වගේ බෝල කීයක් ගෙනත් ඇත්ද?(නදී)
නීති විරෝධී පන්දුවක් ගිලිහී ගිහිං හතරේ සීමාව අසලදී රැකගෙන නේද?(නු)
ඔන්න නියම උල්කාපාත කියන්නෙ මේවට තමයි.. කොහොමද මොලේ..!(නු)
දඬුවමක් දීලා හිරේට දාන හිරකරුවන්ට දැන හෝ නොදැන සියලු පහසුකම් ලබාදිමනේ මේ හැම ප්‍රශ්නෙටම මුල.හිරේට දාපු කෙනෙක්ව හරියාකාරව බලාගන්න බැරි තත්ත්වයක්ද හිර ගෙදර තියෙන්නෙ..(නු)
බෝලෙ වෙනුවට බෝම්බයක් යැව්වනම්..!(නු)
හැමදාම මේ වගේ බෝල වැටෙනවා ඇති...!(නු)
ලලන්ත වැදගත් දෙයක් ලියන්නකො... (නු)
ලොකු ටෙනිස් බෝලයක් වෙන්න ඇති (දී)
මට හිනා යනවා (දී)
මම නම් හිතන්නේ මේක පළමු ඕවරය වෙන්න ඇති නේද? (නි)