එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් සාකච්ඡාවක් පැවැත්වේ.

පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ද මේ සාකච්ඡාවට එක් වී සිටියි.

පක්ෂයේ උසස් නිලතලවලට පත් කිරීමට පෙර මෙවැනි සාකච්ඡා පවත්වන බව පක්ෂ ආරංචි කියයි.