වම් අත කපා ඉවත් කරනු ලැබූ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ සිසුවිය අචලා ප්‍රියදර්ශනීගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ ජාතික රෝහලට ගියේය.
ඇයට බද්ධ කිරීමට සඳහා අවශ්‍ය කෘත්‍රීම අතට වැය වන මුදල සොයා ගැනීමට තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායකවරයා කීවේය.
ජාතික යොවුන් පෙරමුනේ සභාපති රුවන් විජයවර්ධන, එජාප ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර ලේකම් සාගල රත්නායක මහත්වරු ඇතුළු පරිසක් එම අවස්ථාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අතරම මෙම දියණියටත් එයාගේ පවුලේ අයටත් මනෝ චිකිත්සකයකුගේ සේවය අත්‍යාවශ්‍යයි..!(නු)
ජීවිතය ජය ගැනීමට නංගීට උපරිම ශක්තිය ලැබේවා මැයට අප සැමගේ උපකාරය ලබාදිය යුතුමයි. අනුවන දොස්තරලාට දඬුවම් කළ යුතුයි. (ස)
ලංකාදීප මේ පිළිබද රහසිගත විමර්ශණයක් කරලා ජනතාව දැනුවත් කරන්න. විශේෂයෙන් දොස්තර මහතා ප්ලාස්ටරය දාපු සේවකයන්න හෙදියන්ගේ පූර්ව සහ පසු ක්‍රියාකාරකම් ඔවුන් නම් ගම් අපි සොයා ගන්නම්..!(නු)
අනේ හොදයි. (නි)
මට හරිම දුකයි මේ ළමයාගෙ අහිංසක මුහුන දකිද්දි. මම කැමතියි ඇයට හැකි සෑම ආකාරයෙන්ම උදව් කිරිමට. (නි)
ඒක හොද වැඩක් (දී)
මමනම් හිතන්නේ නැ හැ මේකට කාටවත් දඬුවම් ලැ බේවි කියල ඒ ක ලංකාවේ හැටි අන්තිමට කියවී තාක්ෂණික දෝෂයක් කියල එම ස්ථානයේ වේදනා දෙනවානම් දෙන්නඕන ප්‍රිලිමෙන්ටරි සත්කාරයක් එක පෙතිඩීන් 4 කියල හිතන වෛද්‍යවරුත් ඉන්න රටක් මේක මොනවා උනත් ලංකාවේ මේවගේ අවස්ථාවකදී වෛද්‍යවරයා වැරදිකාරයා උනේ එකෙමෙක අවස්ථෘවකදී එකකදී විතරයි ඒ අර ආචාරය ප්‍රියානි සොයිසාගේ නඩුවෙදි එක එහෙම උනෙත් විත්තිකරුට අපේ රටේ තිබුන අසීමිත සිවිල් බලය නිසා නැත්නම් අනිත් හැම අවස්ථාවෙදිම විත්තිකරුට උනදෙයක් නැ හැ බොරුනම් හොයල බලන්න මෙටනදීත් මේ ළමයට යම් බලයක් තියන නිසා නඩුව ටිකක් යාවි නමුත් අන්තිමට බලමු !(නු)
හරිම කණගාටුදායකයි (ස)
රනිල් මැතිතුමනි, රුවන් මහත්තයා සමග අපිත් පෙළ ගැසී එයාට උදව් උපකාර කිරීමට සුදානම් බව සතුටින් පවසමු..! (නු)
මෙහෙම වෙලාවට පක්ෂ පාට භේද බල බලා ඉදලා වැඩක් නැහැ. (නි)
යමක් දෙන එක ලොකු පිනක් , ඒක් මේ දරුවව කවුරුවත් දේශපාලන ඉත්තෙක් කර ගන්න එපා (ස)
මේ උතුම් ක්‍රියාවට ඔබ තුමත් දායක වන්න (ස)
අචලා වෙනුවෙන් හඩක් නැග සියලුම මධ්‍ය ආයතන වලට රැහුණු පුත්‍රයන්ගේ අචාරය (නු)
එයා මොකද ඒ පැත්තේ ගියේ.(නදී)
විජේවර්ධන පවුලෙන් ලොකු උදව්වක් ලැබෙයි කියල හිතනවා. මැයට අප සැමගේ උපකාරය ලබාදිය යුතුමයි. අමන දොස්තරලාට දඬුවම් කළ යුතුයි. (නි)
උදව් කරන එක ගොඩ ක් හොදයි... ඒකට අපි හැමෝම ස්තුති කරනවා.. නමුත්මෙකෙන් දේශපාලන වාසි කරගන්න එපා..!(නු)
දරුවන්ට ආදරය කරන්න... (නි)
ඔයාට ඉක්මනින් කෘතිම අතක් ලැබේවි. බුදු සරණයි අක්කියෝ (ස)
වෙන කවුරුවත් උදව් කරන්නේ මොකටද අර වෛද්‍යවරයාට කියන්න අතක් අරන් දෙන්න කියලා.. අනේ අපොයි අහිංසක ගැහැණු ළමයා..!(නු)
හොදයි. ආඩම්බරයි. සතුටුදායකයි. (නි)
අචලා මම හදවතින්ම ඔයාට ඉක්මන් සුවය පතනවා.. ඔබ කිසි විටෙක දුක් නොවන්න. ඔබේ නැතිවූ දේ ඔබට නැවතත් බොහොම ඉක්මනට ලැබේවා.. ඔබට තුනුරුවන් සරණයි..!(නු)
බයවෙන්න එපා. එතුමා කොහෙන් හරි අතක් හොයලා දෙයි. (නි)
නොසැළකිළිමත් කම නිසා ඔබගේ අත අහිමි වූවාට ඔබේ හිතට ධෛර්යයෙන් නීතිඥයෙනක් වෙන්න මෙවන් නොසැළකිලිමත්කම්වනල හඩක් නගන්න අක්කේ..!(නු)
අද වෛද්‍යවරුන් සැළකිලිමත්ව සහ ඕනැකමින් වැඩකරන්නේ එයාලා පෞද්ගලික රෝහල්වලදී පමණයි.. රජයේ රෝහල්වලට එන ලෙඩුන්ට තියෙන්නේ අඩු සැළකිලි.,!(නු)
අනේ මේ අහිංසක කෙල්ලට වෙච්ච අපරාධයක්! (නි)
බොහොම කණගාටුදායක සිදුවීමක්. ඔබට ඉක්මන් සුව! (නි)
රනිල් මහත්තයෝ.. ඔබතුමා සල්ලි හොයනකොට ජනපති තුමා අතක් ලබා දෙයි.. ඔබතුමා අතේ තියෙන සල්ලි දැම්ම දෙන්න.. නැත්නම් මේ වැඩෙත් පරාද වෙයි..!(නු)
හැබැයි නීති සිසුන් පාරට බස්සන්න නම් හදන්න එපා. (නි)
අනේ! එයාට එච්චර සල්ලි කොයින්ද? (නි)
මම අද අචලාගේ කතාවක් ඇහුවා මාධ්‍යයකින්. ඒක ඇහුවාම මට හිතුණා ඇය කිසිම දේකින් සැලෙන්නෙ නැති කෙනෙක් කියලා..!(නු)
මෙහිදී මෙම ප්ලාස්ටරය දැමූ වෛද්‍යවරයාටම බැනීමෙන් ඇති පලක් නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි ප්ලස්ටරයක් දැමු පසුව වුවත් අත ඉදිමිය හැකියි වගේම වේදනාවත් පැවතිය හැකියි. එවන් විටෙක රෝගියා දැනුවත් කරනවා ප්ලස්ටරයෙන් ඉහළ හෝ පහළ කොටස ඉදිමුම වැඩි වීම, ඇඟිලි නිල් පැහැ වීම වැනි තත්ත්ව වහාම දන්වන ලෙසට. අවදානම් තත්වයක් තිබේ නම් ප්ලාස්ටරය ඉවත් කොට නැවත දැමිය යුතුයි. මෙහිදී වෙනත් හේතු මතත් රුධිර සැපයීමේ ගැටළු කලාතුරකින් සිදු විය හැකියි.එවැනි විටෙක නම් එය කෙලින්ම ප්ලාස්ටරය හා සම්බන්ධයක් නොමැති අතර එය භග්නය හා සම්බන්ධ සංකූලතාවයක් ලෙසටයි ගත හැක්කේ. මේ අවාසනාවන්ත සිදුවීමේදී යම් නොසැළකිල්ලක් සිදු වී ඇත්නම් බොහෝ විට සිදු වී ඇත්තේ මෙම පසු නිරීක්ෂණ කාලයේදීයි. (නි)
මෙහිදී මෙම ප්ලාස්ටරය දැමූ වෛද්‍යවරයාට ම බැනීමෙන් ඇති පලක් නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි ප්ලස්ටරයක් දැමු පසුව වුවත් අත ඉදිමිය හැකියි වගේම වේදනාවත් පැවතිය හැකියි, අතෙහි අස්ථි භග්නයක් ඇති නිසා. එවන් විටෙක රෝගියා දැනුවත් කරනවා ප්ලස්ටරයෙන් ඉහල හෝ පහල කොටස ඉදිමුම වැඩි වීම, ඇඟිලි නිල් පැහැ වීම වැනි තත්ත්ව වහාම දන්වන ලෙසට. අනෙක රෝගියා බලා ගැනීමේ සහ හෙද කමේ නිරත වන්නන්ද මෙවැනි තත්ත්ව ගැන අවධානයෙන් සිටිය යුතුයි. එවැනි විටෙක වහාම වෛද්‍යවරයා දැනුවත් කල යුතුයි වගේම එහිදී සමහර පරීක්ෂණ කළ යුතුයි. අවදානම් තත්වයක් තිබේ නම් ප්ලාස්ටරය ඉවත් කොට නැවත දැමිය යුතුයි. එසේ නැතිව ප්ලාස්ටරය දැමූ පුදගලයාටම බැනීමෙන් ඇති පලක් නෑ. මෙහිදී වෙනත් හේතු මතත් රුධිර සැපයීමේ ගැටළු කලාතුරකින් සිදු විය හැකියි. (ෆැට් එම්බෝලිස්ම් තත්වය වැනි). එවැනි විටෙක නම් එය කෙලින්ම ප්ලාස්ටරය හා සම්බන්ධයක් නොමැති අතර එය භග්නය හා සම්බන්ධ සංකූලතාවයක් ලෙසටයි ගත හැක්කේ.මේ අවාසනාවන්ත සිදුවීමේදී යම් නොසැලකිල්ලක් සිදු වී ඇත්නම් බොහෝ විට සිදු වී ඇත්තේ මෙම පසු නිරීක්ෂණ කාලයේදීයි. අනෙක බොහෝ මාධ්‍ය පළ කළ පරිදි මෙහි ස්නායු මිය යාමකට වඩා සිදු විය හැක්කේ රුධිර සැපයුම අවහිර වීමක්. ලංකාව තුල පසු නිරීක්ෂණ ක්‍රමවේදය කෙසේදැයි කියන්නට නොදනිමි. (නු)
විපක්ෂ නායකතුමාට අපේ ස්තූතිය! අචලාට වුණ අසාධාරනය ගැන පාර්ලිමේන්තුවේ හඩක් නගන්න. (නි)
මෙය දේශපාලනය නොව මනුස්සකමයි. (නි)
ඉතා වැදගත් දෙයක් මහත්වරුනි, පක්ෂ විපක්ෂ භේද නැතුව ඇයට උදව් කරන්න. (නි)
ලංකාවෙ වෛද්‍ය නොසැලකිල්ල සම්බන්ධ නීති තත්තවය වඩාත් දැඩි කළ යුතුයි.. එය අපරාධමය වරදක් ලෙස වර්ධනය කිරීම අධිකරණයේ කාර්යභාරයක්..!(නු)
එයාට කරන උදව් ඉතා වැදගත්. ඇයව දිරිමත් කලයුතු අවස්ථාවක් (ස)
දයා කිව්වොත් කියන්නේ මෝඩ කතාවක්මයි (ස)
සහෝදරිය ගැන කණගාටුයි.. රනිල් මහත්තයාට වෙන වැඩ නැති නිසා හොදයි.. (නු)
වැදගත් මහත්තයෙක් . ඔබතුමා හරි .හැමෝම ඇයට උදව් කල යුතුයි (ස)
මෙ රටේ සමහර දොස්තරලට මනුස්සකම්, කරුනාව උගන් වන්න ඔන. චැනල් කරලා සල්ලි හොයන්නමයි දගලන්නෙ, ඒ අයට අමත්කයි එයලා එතනට අවෙ අහිංසක මිනිසුන්ගෙ බදු මුදලින් කියලා. ඔබට ඉක්මන් සුවය!!!!!!!!!!!! (ස)
පව් ඒ අසාරන දුව. මුළු ජිවිතයම ඉවරයි (දී)
මේ උතුම් ක්‍රියාවට ඔබගේ පෙරමුණ ගැනීමම අපිට ආඩම්බරයක්. (නි)
හරිම දුකයි. (ස)
දයා, රනිල් මහත්තයා නීති පීඨයේ දීප්තිමත් ආදි සිසුවෙක්.. එයා නීති පීඨයේ වෙන හැම දෙයක්ගැනම අවධානයෙන් ඉන්න ආදි සිසුවෙක් විදියට.. මේක දේශපාලන ගමනක් නෙමෙයි.. එදත් අදත් රනිල් හැමදාම නීති පීඨයේ කෙනෙක්.. දේශපාලන භේදයකින්තොරව කෙනෙක් සිරිකොතට ඇවිත් ඉන්නවානම් නීති පීඨයේ කෙනෙක් තමා හමුවීමට අවස්ථව ලබාදෙනවා.
දැන් කවුරු මොනවා කිවුවත් මේ අක්කගේ අත ආයිත් දෙන්න කාටද පුලුවන්? (නි)
ඉදිරියට මෙවන් දේවල් අසන්නට නොලැබේවා! (නි)
මේකත් රටේ ප්‍රශ්නයක් තමයි..!(නු)
දේශපාලන වාසියට කරන වැඩ තමයි හැමදාම සාමාන්‍ය ජනතාව වන අපි රුවටෙනවා.(නු)
දිසානායකට මොකද ඒ පැත්තේ යන්න හිතුණේ? (නි)
ලෙඩ බැලුවට නම් කමක් නැහැ. ලෙඩ දාන්න නම් එපා මගෙ දෙයියෝ. (නි)
ඇයි ගැටලුවක් නැත්තේ මේ වෛද්‍යවරයා මෙම රෝහලෙන් ඉවත් කල යුතුයි.. මේවගේ දෙයක් පිට රටක සිදුවුණානම් බේරෙන්න ලැබෙන්නේ නැහැ.. (නු)
ජීවිතය ජය ගැනීමට නංගීට උපරිම ශක්තිය ලැබේවා! (නි)
දෝශපාලඥයෝ දවසකට වංචා කරන සමහර ගණන් එක්ක බලපුවහම ඒවායින් 1/10ක් වත් යන්නෙ නැහැ ඔය වැඩේට. (නි)
බලන්න මේ වැඩ. මේ ළමයගෙ අත කපලනේ..... (ස)
.මෙම රෝගියාට කෘතීම අතක් ලබාදීම සතුටට කාරණයක්. නමුත්, මෙම සිද්දිය වාර්තා වූ අවස්ථාවේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලකයන්,වෛද්‍ය වරුන් සහ ඔවුන්ගේ වෘතිය සංගම්,ජනමාධ්‍ය , මහජනතාව ඇතුළු අනෙකුත් සංවිධාන පලකරන අදහස් ප්‍රතිචාර, සහ කල්කිරියාවලින් ගම්‍ය වන්නේ, සමාජයක් වශයෙන් අප ප්‍රශ්න සහ අභියෝගවලට උත්තර සපයන්නේ ආවේග වලට යටත්වුනු පටු ආත්මාර්ථකාමීතත්වයකින් බවය. අතක් කපාදැමීමටත් වඩා බරපතල සිදුවීම් වලට මහජනතාව මුහුණදුන් අවස්තාවන් අපගේ රෝහල්වලින් නිරතුරුවම දක්නට හා අසන්නට ලැබේ.එවන් සිද්දිවලදී සමස්ත සමාජයම දක්වන ප්‍රතිචාරය සහ එම ප්‍රතිචාරයේ ස්වභාවය මුහුණදුන් පුද්ගලයාගේ සමාජපසුබිම,ඇති හැකි හෝ නැති බැරි කම වැනි සාධක වලින් තීරණය වේ. ශිෂ්ට සම්පන්න සමාජයක යම් රෝගියෙකුට අසාධාරණයක් වුවිට, එය නිවැරදි කිරීමට, එයට වගකියයුතු පුද්ගලයන්ට අච්චුකිරීම , හානියට වන්දි ගෙවීම , ශාරීරිකව හානියට ලක්වූ පුද්ගලයා පුනුරුතාපනය, එම වරද නැවත සිදුනොවීමට වග බලාගැනීම වැනි කරුණු සඳහා සියලු දෙනාට පොදු වූ ඒකාකාරී ක්‍රියාපටිපාටියක් තිබියයුතුය. අපරටේ සිදුවන සිදුවීම් දෙස අපක්ෂපාතීව සහ සිහිබුද්ධි ඇතිව බලන ඕනෑම කෙනෙකුට පෙනෙන කාරණයනම් එවන් ක්‍රියා පටිපාටියක් නොමැතිබව හෝ තිබේනම් එය ක්‍රියාත්මක නොවන බවත්ය.(නු)
අරුණගේ "ෆැට් එම්බොලිසම්" කතාව මේ රෝගියාට අදාළ නැහැ.. එවන් සන්කුලතාවයකදී ඇතිවන සායනික තත්වය මෙයට වඩා වෙනස් . (නු)
ලියනගේ වගේ අය දන්න තරම අපිට හිතාගන්න පුලුවන්. (නි)
ඒ අහිංසක කෙල්ල බලන්න ගියා වගේම උද්ගතවී ඇති අවශතාවය වෙනුවෙන් වචනයේ පරිසමාප්තයෙන්ම අතක් සවිකර දීලම පස්ස බලන්න .මොනවා නැතිඋනත් අඩුතරමින් පින් සිදුවෙනවනෙ.(නදී)
හැමෝටම ආදර්ශයක්..!(නු)
මේවා හැමෝම ආදර්ශයට ගන්න.!(නු)
අපට තේරුම් ගන්න පුලුවන්. (ස)
එයාගේ හිත ශක්තිමත් කරන්න ඕනි (ස)
ඔබට තෙරුවන් සරණයි! (නි)
රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් කරපු අධිරාජ්‍යවාදී වැඩක් කියලා මේකටත් කියයිද දන්නෙ නැහැ. (නි)
තව කෙනෙක්ගේ කකුලක හෙල්ලයක් ඇනිලලු. එයාවත් බලන්න යන්න. (නි)
ලංකාවේ අසරණ දුප්පත් රෝගීන්ට මෙවැනි සිදුවීම් අතීතයේ අනන්තවත් සිදුවී ඇත. මෙම අකරතැබ්බයට පත් රෝගියා සමාජයේ පිළිගැනීමක් ඇති උගත් අයෙක් නිසා සියලු දෙනාගේම අවධානය ඒ දෙසට යොමුවී ඇති බව පෙනේ. නැති බැරි සහ සමාජයට බලපෑමක් කළ නොහැකි අයට මෙවන් විපතක් සිදුවෙද්දී දේශපාලකයන්, මාධ්‍ය, වෘත්තිය සමිති ඇතුළු විවිධ සංවිධාන මෙවන් ප්‍රතිචාරයක් නොදැක්වීම අපගේ අවාසනාවකි. (නි)
දේශපාලන නායකයින් ක්‍රියා කළ යුතු වන්නේ පොදු ප්‍රශ්න වෙනුවෙනි. මෙවැනි අවස්ථාද නොසළකා හැරිය යුතු නැහැ. ඒත් ප්‍රසිද්ධියක් නොදී පක්ෂය වෙනුවෙන් යම් අයෙකු යවන්න තිබුණා. එසේම මේ වෙනුවෙන් නඩුවක් ගොනු කරන්න තිබුණා. එවිට ලංකාවේ පමණක් නොව ලෝකයේ ම ඇස් ඒ දෙස යොමු වෙනවා. එසේ නැතිව පාර්ලිමේන්තුවක් තුළ විවාදයක් ඉල්ලීම වෙනුවට වහා විසඳිය යුතු පොදු ප්‍රශ්න වෙනුවෙන් හඬ නඟන්න. (නි)
ඔබට ඉක්මනින් අතක් ලැබේවා කියා පතනවා. තෙරුවන් සරණයි..!(නු)
ඔබේ සිතේ තිබෙන දුක් දොම් නස් සත්ධර්මයේ යථාර්තය සිහි කිරීමෙන් දුරු කරගන්න.. රටේ කරුණාවන්ත සියළු දෙනාම ඔබට උදව් කරයි..!(නු)
මේතරම් ගැටලු තියෙන වෙලාවෙ අපේ රනිල් මහත්තයා ඒවා ගනන් ගන්නේවත් නැතිව ඉන්නවා මේ වගේ දේවල් වලට නම් යනවා.. මේකයි අද රටේ තත්තත්වය..!(නු)
අන්න එහෙම වැඩ කරන්නකෝ රනිල් මහත්තයා. (නි)
බණ්ඩාරගේ අදහස හරියටම හරි. මෙම අපරාධය වැරදීමකින් කල දොස්තරට සමාවක් දුන්නත්, වරද සිදුවූ පසු කල ප්‍රකාශයට අනුව මොහු තිරිසන් සතෙකි' එයට සමාවක් දීම ඉදිරියේ මෙවැනි අපරාධ කරුවන්ට හොද සමාවකි. ඒ මෙය ඒ ළමයාගේ වෙලාව වෙන්න ඇති කියමනයි. දොස්තරගේ වෙලාවද නරක කිරීමට නීතියට හැකි වේවා! (ස)
මේ කණ්ඩායමටම දඩුවම් කල යුතුයි (ස)