අන්තර් පළාත් වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ අද (09) පැවැති අවසන් තරග තුනේදී ඌව පළාත්, බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් දකුණ (පිට කොටස) යන කණ්ඩායම් ජයග‍්‍රහණ ලැබීමට සමත් විය.

මෙහිදී බස්නාහිර පළාත් දකුණ (පිට කොටස) පිල වෙනුවෙන් වී. රන්දික (69) සහ  දමිඳු අෂාන් (56) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී

උතුරු පළාත් පිල  ඕවර 32 කදී 121 (ආර්. රුක්ස්මන් 29, අයි. කනිස්ටන් 32, මියුරු සාලින්ද 27/3, අංජුල ප‍්‍රසංජිත් 13/4)
ඌව පළාත් පිල  ඕවර 21 කදී කඩුලූ 2 ට 122 (සුදේෂ් ඉදුනිල් නොදැවී 35, එම්. දිනිත් නොදැවී 28, රවින්ද්‍ර බණ්ඩාර 28)

මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී

උතුරු මැද පළාත් පිල  ඕවර 30.5 කදී 111 (ලියෝ ෆ‍්‍රැන්සිස්කෝ 23, කුසල් ද සිල්වා 18, එස්. ඔබේසේකර 19/4)
බස්නාහිර පළාත් දකුණ පිල  ඕවර 21.4 කදී කඩුලූ 1 ට 115 (ජනිත් ලියනගේ 50, කුසල් මෙන්ඩිස් නොදැවී 40)

මග්ගොඩ සරේ ක‍්‍රීඩාංගණයේදී

බස්නාහිර පළාත් දකුණ (පිට කොටස) පිල  ඕවර 46.4 කදී 225 (වී. රන්දික 69, දමිඳු අෂාන් 56, ළහිරු විමුක්ති 39, ගීත් සංජය 19, සදීප පියුමාල් 26/3, කේ. සුජාත් 42/3, දිනිත් බර්තොලොට් 39/2)
නැගෙනහිර පළාත් පිල  ඕවර 21.1 කදී 93 (එච්. එම්. හෆීල් 38, ඒ. එල්. එම්. නිෆාස් 22, මාධව නිමේෂ් 20/4, ළහිරු විමුක්ති 24/2)