රුපියල් එක්කෝටි දහනම ලක්ෂයක් පමණ වටිනා රන්කාසි දෙසිය අසූවක් ගමන්මලුවල සඟවා ඉන්දියාවේ ට්‍රිචී නුවර බලා යාමට උත්සාහ කළ ඉන්දියා ජාතිකයන් දෙදෙනකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගුව අත්අඩංගුවට ගනු ලැබූහ.
රන්කාසිවල බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් අටසිය හතලිහක් වූ බව රේගුව කියයි. මෙම රන් කාසිවල එංගලන්ත රැජිනගේ මුහුණ කොටා තිබිණි.
එක් සැකකරුවකු ළග එකක් ග්‍රෑම් අටක් බර රන්කාසි 120ක් තිබූ අතර අනෙක් සැකකරුවා ළඟ එකක් එකක් ග්‍රෑම් අටක් බර රන් කාසි 60ක් සහ එකක් ග්‍රෑම් හතරක් බර රන්කාසි 100ක් තිබූ බව රේගුව කියයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරීවරුන් වන එම් ගුණරත්න, මල්සිරි ගුණතිලක, එස් නියාෂ් සහ ඒ ආර් සේනාධීර යන නිලධාරීන්ගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ජී ඩී දයානන්ද, ඩී එස් පී තිලකරත්න සහ සහකාර රේගු අධිකාරීවරුන් වන අසංග පෙරේරා, යූ එස් විධානගම සහ එස් කජේන්ද්‍ර යන නිලධාරීහු විමර්ශන සිදු කළ අතර රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා රේගු පරීක්ෂණය සිදු කළේය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන් කාසි 280ක් රේගුවේ හිරවේ
සේනානායක Friday, 11 January 2013 03:29 PM
මේ දෙන්නාගේ අර හැමෝම ගේන මාර්ගයේ ඉඩ පහසුකම් අඩු වෙන්න ඇති (ස)