හෙට (01) සිට ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා සඳහා නව සංඛ්‍යාත පරාසයක් හඳුන්වාදෙයි. ඒ අනුව මෙතෙක් ඒ ඒ නාලිකා පැරණි සංඛ්‍යාත ඔස්සේ ශ්‍රවණය කිරීමට නොහැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ගුවන් විදුලි නාලිකා තම විකාශන කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලදී විවිධ සංඛ්‍යාත භාවිතා කිරීමෙන් නාලිකා එකක් මත එක්ක ගැටීමෙන් අසනන්ට සිදුවන දුෂ්කරතා මගහරවා ගැනීමේ අපේක්ෂාවෙන් මෙය ක්‍රියාත්මක කැර ඇත. වාහනකින් දුර ගමනක් යද්දී අපහසුවකින් තොරව එකම නාලිකාවකට සවන්දීමේ හැකියාව මෙම නව සංඛ්‍යාත හේතුවෙන් ලැබෙන බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියයි. ලයිට් එෆ්.එම්. 87.6 සහ 87.8 රන් එෆ්.එම්. 88.1 ඊ එෆ්.එම්. 88.3 සිංහ එෆ්.එම්. 88.6 සහ 88.8 ඉසිර එෆ්.එම්.89.1 සහ 89.3 සිටි එෆ්.එම්. 89.6 සිටි එෆ්.එම්. / ගැමි දිරිය 89.8 පිරෙයි එෆ්.එම්./ වයඹ / යාපනය ප්‍රාදේශීය සේවා 90.1 වෙට්රි එෆ්.එම්. 90.4 සහ 90.6 ෂා එෆ්.එම්. 90.9 සහ 91.1 අලෙයි එෆ්.එම්. 91.4 ස්වදේශීය සේවය (සිංහල) 91.7 සහ 91.9 දෙරණ එෆ්.එම්. 92.2 සහ 92.4 වයි එෆ්.එම්. 92.7 ගෝල්ඩ් එෆ්.එම්. 93 සහ 93.2 ලක්හඬ 93.5 සහ 93.7 වී.අයි.පී. රේඩියෝ 94 වෙළඳ සේවය 94.3 සහ 94.5 නෙත් එෆ්.එම්. 94.8 සහ 95 මැක්ස් රේඩියෝ 95.3 රිදම් එෆ්.එම්.95.6 සහ 95.8 හිරු එෆ්.එම්. 96.1 සහ 96.3 කිරුළ එෆ්.එම්. 96.6 කිස් එෆ්.එම්. 96.9 රියල් එෆ්.එම්. 97.1 ඉංග්‍රීසි සේවය 97.4 ඉංග්‍රීසි /දඹාන/කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය 97.16 සී.අයි.ආර්. (චීන ගුවන්විදුලිය) 97.9 සියත එෆ්.එම්. 98.2 සහ 98.4 සන් එෆ්.එම්. 98.7 සහ 98.9 ටී එන් එල් රේඩියෝ 99.2 රෙඩ් එෆ්.එම්. 99.5 සහ 99.7 ශ්‍රී එෆ්.එම්. 100 සහ 100.2 රන් එෆ්.එම්. 100.5 යර්ස් එෆ්.එම්. 100.8 සහ 101 බෞද්ධයා ගුවන් විදුලිය 101.3 සහ 101.5 සෙත් එෆ්.එම්. (මීගමුව/ ටීඑන්එල් රේඩියෝ) 101.8 ස්වදේශීය සේවය (දෙමළ) 102.1 සහ 102.3 වසන්තම් එෆ්.එම්. 102.6 සහ 102.8 ග්ලෝබල් රේඩියෝ 103.1 සූරියන් එෆ්.එම්. 103.4 සහ 103.6 ශක්ති එෆ්.එම්. 103.9 සහ 104.1 රන්ගිරි ශ්‍රී ලංකා 104.4 ටෙන්ඩරල් 104.7 සහ 104.9 ලක්විරු එෆ්.එම්.105.2 සහ 105.4 රන්ගිරි ශ්‍රී ලංකා 105.7 ලක් එෆ්.එම්. 106 සහ 106.2 සිරස එෆ්.එම්. 106.5 සහ 106.7 වී එෆ්.එම්. 107 රුහුණු/ රජරට/ කඳුරට/ ඌව/ විදුල/ ක්‍රීඩා සේවය 107.3 රහුණු සේවය/විදුල. ක්‍රීඩා සේවය 107.5 දෙමළ සේවය 107.8
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
කිස් එෆ්. එම් කියලා එකක් තියෙනවා. දැන්නම් තියෙනවද දන්නේ නෑ.. අනේ මන්දා රටකට ගිය කල (ස)
අලුත් වෙනසක්
අලුත් කලාවක් සොයා ගත්තා මන් දියුණු වෙන්න ඕනෑ නම්....නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි දාපල්ලා බන් එෆ්. එම් . ලාභයි ලාභයි නොමිලේ හදුන්වාදීමක්.....(ස)
ඇයි එහෙම කළේ? (නි)
කාලින් කාලෙට ඔබින වැඩ (ස)
පිට රට අයට අහන්න පුළුවන් චැනල් එක මොකද්ද ? (ස)
ඇත්තටම මෙක හරි හොද වැඩක්. මේක කරන්න තිබුණේ මීට ගොඩක් ඉස්සර. මොකද මම ගුවන් විදුලි කාර්මිකයෙක් නිසා මම දන්නවා මෙහි තිබෙන ලෙහෙසිය. බස් එකක ලයින් එකක් ඇල්ලුවාම දෙක තුනක් ඇහෙනවා. දැන් පරතරය වැඩි නිසා හොදින් ශ්‍රවණය කිරිමට හැකියාව තියෙනවා. විදුලි සංදේශ කොමිශමට ස්තුතියි. (නි)
ලිස්ට් එක ගොඩක් වටිනවා. ස්තූතියි ලංකාදීප! (නි)
බුදු අම්මෝ! ලංකාවේ තියෙන රේඩියෝ චැනල්? (නි)
අම්මෝ! මෙච්චර රේඩියෝ නාලිකා? (නි)
අම්මෝ! මෙච්චර රේඩියෝ නාලිකා ගොඩක් ලංකාවෙ තියෙනවද? (නි)
මේ ලැයිස්තුව නම් ගොඩක් වටිනවා. ලංකාදීප, ඔබට ස්තූතියි! (නි)
මෙච්චර චැනල් කවුද අහන්නේ (ස)
මීටරේ වෙනස් උනාට, මෙයාලගේ වාචාල කටවල් වෙනස් වෙනවා යැ (ස)
මේ චැනල් ඔක්කොම අහන්න රේඩියෝ කීයක් එක ගෙදරට ඕනිද ?? (ස)
අපෝ මෙච්චර චැනල් ගොඩක් , ඇහුවෙත් අදයි , මොනවා උනත් මේක තමයි දියුණු රටවල් වල ක්‍රමය , අපිත් ඉස්සරහට යන්න ඕනි(ස)
දැන් කී දෙනෙකුට මීටරේ හරියට අහුනොවී ඇද්ද? නේද? (නි)
කාලෝචිත හොඳ වැඩක්. (ස)
මේක විතරයි අඩුවට තිබුනේ. මෙන්න මගෙන් නම් ටිකක් - බලු එෆ් එම්, එළු එෆ් එම්, තඹ එෆ් එම්, මලකඩ එෆ් එම්, හැබැයි චීන එෆ් එම් එක ගැන පොඩ්ඩක් සැකයි .මෙයාලා දැනටම රට අල්ලන්ඩ ප්ලැන් එක දාල ඉවරයි.(ස)