නව වසරට සෙත්පතා භික්ෂූන් වහන්සේලා සියක් නමක් අද (01) පෙරවරුවේ කඩවත නගරයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වූහ. කඩවත ව්‍යාපාරික සංගමය සංවිධානය කළ මෙම පින්කමට නාරංවල බෝධිරුක්ඛාරාමාධිපති, මහර ශාසනාරක්ෂක බළමණ්ඩලයේ සභාපති ඌරුවල විනීත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය කඩවත නගරය මැදින් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සාදු, දකින්නත් ආසයි. ඇහැට මනස්කාන්ත දර්ශනයක්... සාදු සාදු සාදු...!(ස)
ඒත් මේනක, දැන් හුගක් අයට මනස්කාන්ත දර්ශනයක් වෙලා තියෙන්නේ ලැම්බොගිනි කාර් රේස්. (නි)
කඩවත නගරය මධ්‍යයේත් ලැම්බොගිනි රේස් එකක් තිබ්බා නම් එහේ දුප්පත්කමත් නිකන්ම නිවිලා යාවි. (නි)
කොළඹ කච්චේරියට ගිනිතියපු අය අල්ලන්න කියලා බලකරලා ඔබවහන්සේලාට මුකුත් කරන්න බැරිද? (නි)
හරිම ලස්සනයි ,මේ නව වසර කිසිම විපතක් නොවේවා, දුක හිතෙන දෙයක් අහන්න නොලැබේවා. (ස)
හොද පුරවැසියන් ඉන්න රටකට ඕනෑ හාමුදුරුවනේ සෙත් පතන්න. මේ රටේ වැඩිපුරම ඉන්නේ ස්ත්‍රී දුෂකයෝ, අපරාධකාරයෝ, මිනීමරුවෝ, කුඩුකාරයෝ..... ඉතින් තව මොන කතාද? (නි)
සදු !!සාදු !!සාදු !!! (ස)
පිඬුසිඟා වැඩීමෙන් කොහොමද රටට සෙත් පතන්නේ කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවාද ? (ස)
යහපත් සාමයක් ගොඩනගා ගත හැක්කේ යහපත් ක්‍රියා තුළිණි. යහපත් ක්‍රියා දැකීමෙන්ම සිත පහන් වේ. (නි)
කළ යුත්තේ බුදුන්ගේ පරමාර්ථ ධර්මය අවබෝද කරගෙන ගම් නියම් ගම් සිසාරා ගොස් නැවත නියම බුදු සාමය ප්‍රතිස්ථාපනය කිරීමයි. ඒ සඳහා ඥානවන්ත භික්ෂුන් පෙරට පැමිණ කටයුතු කළ යුතුයි. වැසී ඇති බුදුන් දෙසු නියාම දහම නැවත ප්‍රතිස්ථාපනය කෙරීමට කටයුතු කළයුතුයි. දුසිල් භික්ෂුන් ශාශනයෙන් නෙරපා මහණ වීමේ නියාම අර්ථය භික්ෂුන්ට අවබෝධ කිරීමට වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි. එතකොටයි භික්ෂුන් වහන්සේලාට නියාම අධ්‍යාත්මික ශක්තිය මුදා හැරීමට හැකි වන්නේ. රටට සෙතක් වන්නේ. (නි)
සාදු !! සාදු !! සාදු !! (ස)