දෝෂාභියෝගයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය සටන අවුල් කරමින් ජනතාව මුලා කිරීමට ක්‍රියා කළේ ආණ්ඩුවෙන් ලැප්ටොප් හා කාර් මිලදී ගැනීමට ණය ගත් මාධ්‍යකරුවන් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයෙන් ඔප්පුවූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති බව යැයි ද, රටේ කිසිදු නීතියක් අද නැතැයි ද, නීතියක් නොමැති රටක් ඉදිරියට යන්නේ කෙසේදැයි බරපතල ප්‍රශ්නයක් මතුවන්නේයැයි ද මහින්ද රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීම සදහා පාරට බැස සටන් කළ යුතු කාලය එළැඹ ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීවේය.
ඔහු මේ අදහස් පළ කළේ ජාතික නීතීඥ සංගමය සමග රාජගිරියේ පැවති සාකච්ඡාවකදී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අව නිතිය රජ වෙලා (දී)
පාරට බැහැලා වැඩක් නැහැ (දී)
එයාලා කොහොමත් පාරේ තමයි. (නි)
ඔබතුමා ඉතින් දැන් අවුරුදු ගානක් තිස්සේ කරන්නේ ඕකනේ. (නි)
ඕක ඉතින් එතුමා හැමදාම කියනවනේ. (නි)
ඔය කතාව කියන්න පටන් අරගෙන කොච්චර කල්ද? බාලගිරි වගෙයි. (නි)
මේ ප්‍රකාශය සාදාරන නම් ඒ වෙනුවෙන් යමක් කල යුතුයි. (දී)
දැනවත් කට වහගෙන ඉන්නකෝ. (නි)
කී පාරක් ඔය වගේ පාරට බැස්සද ? (ස)
දැන් බස් එක ගියානේ. (නි)
කාගේ කාගෙත් කාල වල නීතිය තිබුණේ වල් වැදිලා තමයි (ස)
කොයිතරම් පාරට බැස්සත් යුද්ධය ගැන මතක තියෙන කෙනෙක්නම් ආයි ඔබතුමන්ලාගේ පැත්ත බලන්නෙ නැහැ. (නි)
ඔබතුමාලා පාරේ හිටියට වෙනසක් වෙන්නෙ නැහැ. ඡන්ද දාසලා තමා වැරදි කාරයො.... (නි)
ගිය නොවැම්බර් වලත් ඔය කතාව කිවුවා නේද? (නි)
කවදාද දැන් බහින්න ඉන්නේ? (නි)
දැන් කීපාරක් නම් බැස්සද? (නි)
ඇත්ත කතාව ඇත්ත (දී()
පාරට බහින්න එන්න පුලුවන්. හැබැයි වළං පොලවෙ ගසන්න, නලා පිඹින්න, කරත්ත වල යන්න නම් බැහැ හොදේ. මොකද බුද්ධිමත් මහජනයා අවදියෙන්. (නි)
දැන් ඔක්කොම හරි. අපේ විපක්ෂ නායක තුමාට තේරිලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය වල්වැදිල කියල. ඇති යන්තම්. අපි බලාගෙන ඉන්නෙ තමුන්ණාන්සෙ ඒ ගැන මොකක්ද කරන්න යන්නෙ කියල. එකක් කියන්නම්- පහුගිය කාලෙ වගේ මෝඩ වැඩනම් කරන්න එපා. (ස)
දැන්වත් නිවැරදි මාවතට යොමුවීම ගැන සතුටුයි. (නි)
ඔබ තුමා හරි (දී)
මහත්තයෝ අපි පාරේ ඉන්නේ (දී)
දැන් ඉතින් පාරට හරි බහින්න පුලුවන් ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න. (නි)
මේ වගේ දේවල් විසදා ගන්න පාර සුදුසු නැහැ. (දී)
ජය වේවා! 2014ට තව කල් තියෙනවා. (නි)
කොන්ද පණ ඇති විපක්ෂයක් නොමැතිව ජනතාව දුක් විදිනවා. (නි)
ඔබ තුමා කතා කරන්නේ දැන් වෙච්ච වැඩක් වගේ (දී)
රටකට යන කලක්... (නි)
අපි ඔබ තුමා සමග සැමදා ඉන්නවා (දී)
මෙහෙම ගියොත පාරෙම තමයි ඉන්න වෙන්නේ (ස)
මේවා විසදා ගන්න ඕනේ සාමදානයෙන්. (දී )
ඔහොම කරන්නේ කොයි කාලෙ ඉදලද මහත්තයෝ? (නි)
කතාව ඇත්ත (දී)
අපි කොහොමත් වැටිලා තියෙන්නේ (දී)
ශක්තිමත් විපක්ෂයක් තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)
බහින්න දෙයක් නැහැ අපි පාරේ ඉන්නේ (දී)
බලමු මේ පාරවත් හරි යයිද කියලා. (නි)
ආවු ආවු... දැන් රැඩිකල් වෙලා නේද ටිකක්? (නි)
අද එකක්... හෙට තව එකක්... (නි)
නීතියක් තියෙන්නෙ කොහොමද මහත්තයෝ, පුස්සෝ සුදුස්සෝ වෙද්දී? (නි)
හැමදාම පාරට බැස්සත් වැඩක් තියෙයි කියලා හිතනවද? (නි)
දැන්ද මේ මහත්තයාට ඕක මතක් වුණේ? (නි)
අපි දැනටත් පාරෙම තමයි (ස)
එහෙනම් ටිකකට කලින් කිව්වේ ඇයි උසාවියට බැහැ ආණ්ඩුව පෙරලන්න කියලා? (නි)
අමුතුවෙන් පාරට බහින්න දෙයක් නෑ නේද ? (ස)
අපිනම් ඕක දැනගෙන ගොඩාක් කල් (දී)
අපිටනම් ඕක කල් තියලා තේරුණා නිසා අපි කලින්ම පාරට බැස්සා (දී)
දැන් කොයි කාලෙක ඉඳන්ද ඔය පාරට බැහැල සටන් කරන්න ඕනි කිය කියා ඉන්නෙ?ඕව මේ කවදාවත් කෙරෙන වැඩ නෙමෙයි. (ස)
අයියෝ සල්ලි (දී)