IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘රජය පොරොන්දු කැඩුවා‘

දැනටපෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනයට පැමිණ ඉන්නා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තිස්ස අත්තනායක මහතා ලංකාදීප එසැණ පුවත් වෙත විශේෂ සකාච්ඡාවක් ලබා දෙමින්කියා සිටියේ ජිනීවා ප්‍රශ්නයේදී තම පක්ෂය සැමවිටම " රට සහ ජනතාව"පැත්තේ බවයි.

එක්සත්ජාතික පක්ෂය කිසිවිටෙකත් ශ්‍රී ලංකාව හෝ අපේ ජනතාව අපහසුතාවයකට පත් කෙරෙන මොනමවැඩපිළිවෙලක් හෝ අනුමත නොකරන බව කී ඒ මහතා එවැනි දෙයකට තම පක්ෂයේ සහායනොලබෙනබවද අවධාරණය කළේය.

"ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නය අපි හොඳින් වටහාගැනීම ඉතාම වැදගත්. ගිය වසරේ ජිනීවා සම්මේලනයේදී සම්මතකරගත් යෝජනාවලීයට එහි ගිය ජී.එල්.පීරිස් සහ මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් අත්සන්කලා. ඒ මගින් එදා ඔවුන් පොරොන්දුවුයේ රජය මගින්ම පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවටයි. 

ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබාදී තිබුනා. රජය පොරොන්දුවූ පරිදි එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කළේ නැහැ.

ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබාදී තිබුනා. රජය පොරොන්දුවූ පරිදි එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කලේ නැහැ.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් හොඳ අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මකවීම ඉතාම වැදගත්. අද ඉතාම කනගාටුවෙන් කියන්න ඔනෑ අධිකරණයේ විශ්වාසනීත්වය බිඳ වැටිලා. මානව හිමිකම් උල්ලංඝනය ගැන මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම ගැන රජය දුන් ප්‍රතිඥා ක්‍රියාත්මක කර නැහැ.

 

දැනටපෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනයට පැමිණ ඉන්නා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තිස්ස අත්තනායක මහතා ලංකාදීප එසැණ පුවත් වෙත විශේෂ සකාච්ඡාවක් ලබා දෙමින්කියා සිටියේ ජිනීවා ප්‍රශ්නයේදී තම පක්ෂය සැමවිටම " රට සහ ජනතාව"පැත්තේ බවයි.

එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙකත් ශ්‍රී ලංකාව හෝ අපේ ජනතාව අපහසු තාවයකට පත් කෙරෙන මොනමවැඩපිළිවෙලක් හෝ අනුමත නොකරන බව කී ඒ මහතා එවැනි දෙයකට තම පක්ෂයේ සහායනොලබෙනබවද අවධාරණය කළේය.

"ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රශ්නය අපි හොඳින් වටහාගැනීම ඉතාම වැදගත්. ගිය වසරේ ජිනීවා සම්මේලනයේදී සම්මතකරගත් යෝජනාවලීයට එහි ගිය ජී.එල්.පීරිස් සහ මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් අත්සන්කලා. ඒ මගින් එදා ඔවුන් පොරොන්දුවුයේ රජය මගින්ම පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවටයි. 

ඒ සඳහා අවුරුද්දක කාලයක් ලබාදී තිබුනා. රජය පොරොන්දුවූ පරිදි එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කළේ නැහැ.

යුද්ධය පැමිණි සමයේ මානව හිමිකම් උල්ලංඝනය  කිරීම සිදු වු බවට විවිධ චෝදනා ඉදිරිපත් කෙරුණා.මේවා ගැන පරීක්ෂණ පවත්වන්න ජාත්‍යන්තර සංවිධාන වලට ඉඩ දෙන්න අවශ්‍ය නෑ.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් හොඳ අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මකවීම ඉතාම වැදගත්. අද ඉතාම කනගාටුවෙන් කියන්න ඔනෑ අධිකරණයේ විශ්වාසනීත්වය බිඳ වැටිලා.

මානව හිමිකම් උල්ලංඝනය ගැන මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම ගැන රජය දුන් ප්‍රතිඥා ක්‍රියාත්මක කර නැහැ.



අදහස් (0)

‘රජය පොරොන්දු කැඩුවා‘

ජනක Monday, 25 February 2013 04:40 PM

ප්‍රථම චිත්‍රපටියත් කඩවුණු පොරොන්දුවනේ (දී)

:       0       0

වරුණ Tuesday, 26 February 2013 08:00 AM

ඕවා ඉතින් පාලකයින්ගේ වැරදි නොවේද?(නදී)

:       0       0

තිලක් Monday, 25 February 2013 05:07 PM

එතකකොට ඇයි යාපනයට ගිහිල්ලා සත්‍යක්‍රියා කරන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

පිටිගල Monday, 25 February 2013 05:35 PM

අපි කවුරුත් වියදම් කරන්නේ මැදපෙරදිග කාන්තාවන්ගේ දහඩිය සල්ලි බව අමතක කරන්න එපා. (නි)

:       0       0

හේරත් Wednesday, 27 February 2013 06:20 AM

පරණ ඒවා කැඩුවට කමක් නැහැ. ඇයි අලුතින් දෙන පොරොන්දු? (නි)

:       0       0

අනුර Monday, 25 February 2013 05:40 PM

මටනම් ලැජ්ජයි අහන්නත් (දී)

:       0       0

ඉෂාණි Tuesday, 26 February 2013 08:17 AM

මේ අය යන්නේ රටට වින කිරීමටද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ශෙහාර් Monday, 25 February 2013 05:43 PM

ඔබ ඇත්තෙන්ම මහත්මා දේශපාලකයෙක් (නි)

:       0       0

ඉෂාර Tuesday, 26 February 2013 08:18 AM

කට්ටිය චෙස් අදියි. ඉස්සෙල්ලම කැපිලා යන්නේ අපි වගේ අසරණයෝ තමා.(නදී)

:       0       0

සුමති Wednesday, 27 February 2013 07:15 AM

ඔය ජිනීවා කියන කියන පලියට අපි නටන්න ඕනේ නැහැ. අපිටත් පුළුවන් වෙන්න ඕනේ අපේ නිදහසට කාරණා කියන්න. ඕවාට ඕනවට වැඩිය ඔයාලා උඩගෙඩි දෙන්න එපා. ඔහොම ඉන්න.(නදී)

:       0       0

මානෙල් Monday, 25 February 2013 06:12 PM

මහත්තයෝ, මේ වෙලාවේ රට ගැන හිතන්න. පරිසසමින් අදහස් පලකරන්න.(නදී)

:       0       0

සේන Tuesday, 26 February 2013 08:37 AM

මානෙල් මේ දැන් පාලකයෝ අපි ගැන හිතනවද? ඒ නිසා අපි මොකටද එයාලා ගැන හිතන්නේ. කාගෙන් හරි මට්ටුවෙච්ච දෙන්.(නදී)

:       0       0

සාලිය Monday, 25 February 2013 06:25 PM

ඕවා ඔහොම තමයි, අපි කවුරුත් මිනිස්සුනේ (දී)

:       0       0

ලාල් Monday, 25 February 2013 07:11 PM

අපි තමයි ඕවා කියන්න ඕනේ (දී)

:       0       0

ලාල් Monday, 25 February 2013 07:11 PM

එච්චර ගණන් ගන්න එපා (දී)

:       0       0

සමීර Tuesday, 26 February 2013 05:03 PM

පොන්සේතකා මහත්තයව එක්කගෙන ගියානම් හොද නැද්ද?(නදී)

:       0       0

රත්නායක Tuesday, 26 February 2013 10:31 AM

ලංකාවේදී නම් ඔහොම කිවුවාට කමක් නැහැ. හැබැයි පිටරටකට ගිහිල්ලා නම් කියන්න එපා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 27 February 2013 10:48 AM

පොරොන්දු දෙන එක වෙනම කතාවක්. ඉටු කරන නොකරන එක ‍තවත් කතාවක්. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 25 February 2013 09:11 PM

මමනම් කියන්නේ කමක් නැහැ (දී)

:       0       0

සුභසිංහ Tuesday, 26 February 2013 10:45 AM

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සුද්දට බැන්නට මොකද පොඩ්ඩ බැරිවෙන්න දුවන්නේ එතනටමයි.(නදී)

:       0       0

සහන් Monday, 25 February 2013 09:35 PM

අනේ මන්දා (දී)

:       0       0

සුපුන් Monday, 25 February 2013 10:26 PM

අපේ රටේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සුද්දන්ට බණින අය කිඹූහුමක් ගියත් දුවන්නේ සුද්දන්ගේම රටවල් වලට. (නි)

:       0       0

ගාමිණී Monday, 25 February 2013 10:28 PM

ඔය කතා අහන්න යූඑන්පී යේ අය නම් සමහරවිට කැමති ඇති. (නි)

:       0       0

හේරත් Monday, 25 February 2013 10:56 PM

අපි කාටත් අන්තර් ජාතකයේ සරණයි! (නි)

:       0       0

ධර්මසේන Tuesday, 26 February 2013 12:18 AM

ත්‍රස්තවාදීන් කුඩා ළමුන් මැරුවා. අහිංසක මිනිස්සු අමු අමුවේ මැරුවා. බෝම්බ තිබ්බා. ජිනීවා කතා එතනින් පටන් ගන්නකෝ මහත්තයෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site