කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් අතර පැවැත්වෙන 134 වැනි වාර්ෂික මහා ක‍්‍රිකට් සංග‍්‍රාමයට අනුග‍්‍රහය දැක්වීමේ අවසරය එටිසලාට් ශී‍්‍ර ලංකා සමාගම විසින් දිනාගනු ලැබ ඇත. ලෝකයේ දෙවැනි පැරණිතම කි‍්‍රකට් තරගය ලෙසින් සැලකෙන රාජකීය - සාන්ත තෝමස් මහ කි‍්‍රකට් තරගය මේ වසරේ මාර්තු මස 7, 8 සහ 9 යන දින වල කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ පිටියේදී පැවැත්වීමට නියමිතය.
‘නිල් මහ සටන’ යනුවෙන් හැදින්වෙන මෙම කි‍්‍රකට් තරගය ඞී. එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙයි.
මෙම කි‍්‍රකට් තරගයෙන් අනතුරුව මාර්තු මස 16 වැනිදා කොළඹ සිංහල කී‍්‍රඩා සමාජ පිටියේදීම රාජකීය සහ ශාන්ත තෝමස් විදුහල් අතර ‘මස්ටැන්ග්ස් කුසලානය’ වෙනුවෙන් එක්දින කි‍්‍රකට් තරගයක්ද පැවැත්වීමට නියමිතය. එය මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ 38 වැනි වරටයි.
2012 වසරේ පැවති මෙම නිල් මහා සටන ජය ගැනීමට විදුහල් දෙකම අසමත්වූ අතර එය ජය පරාජයෙන් තොරව අවසන් විය. එවර ‘මස්ටැන්ග්ස් කුසලානය’ වෙනුවෙන් පැවැති එක්දින තරගයෙන්ද දෙපිලම සම ජයග‍්‍රාහකයෝ බවට පත්වූහ.
2010 වසරේ සිට මේ දක්වා සිව් වතාවක්ම මෙම තරග දෙක සඳහා නිළ අනුග‍්‍රාහකත්වය ලබාදීමට එටිසලාට් ලංකා සමාගම කටයුතු කළ අතර 2015 වසර දක්වාත් එහි අනුග‍්‍රාහකත්වය දැරීමේ අවස්ථාව එටිසලාට් සමාගම හිමිකරගෙන තිබේ.
මහ කි‍්‍රකට් තරගයේ අනුග‍්‍රහක අවසරය දිනාගත් එටිසලාට් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී දුමින්ද්‍ර රත්නායක මහතා විසින් අනුග‍්‍රහක චෙක්පතේ සංඛ්තයක් විදුහල් දෙකෙහි විදුහල්පතිවරුන් වන උපාලි ගුණසේකර මහතාටත් (රාජකීය විදුහල) මහාචාර්ය ඉන්ද්‍රා ද සොයිසා මහතාටත් පිරිනමන ලද අවස්ථාව. මහ තරග සංවිධායක කමිටුවේ සභාපති සේනක ද ෆොන්සේකා මහතා සහ සා. තෝමස් සහ රාජකීය විදුහලේ කි‍්‍රකට් නායකයෝ දෙදෙනාද ඡයාරූපයේ වෙති.
ඡයාරූපය : සුමින්ද සුදර්ශන පතිරණ
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රජකීය - සා. තෝමස් අනුග‍්‍රහ අවසරය එටිසලාට් සමාගමට
චමිලා Thursday, 14 February 2013 08:17 AM
අයියෝ සල්ලි! අනේ අපේ පාසල? (නි)
අනුර Thursday, 14 February 2013 02:00 PM
අනේ අපේ බිග් මැච් වලටත් ඔය වගේම උදවු කරන්නකෝ. (නි)