ගාල්ල රිච්මන්ඞ් විදුහල් ක‍්‍රීඩකයෝ වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. රිච්මන්ඞ් විදුහල් පිල පානදුරේදී පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ ආනන්ද විදුහල එරෙහිව ලකුණු 9 ක තියුණු ජයක් ලැබීය.
මෙහිදී රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ නායක, පිට දඟ පන්දුයවන කවිඳු එදිරිවීර ලකුණු 13 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.
රිච්මන්ඞ් විදුහල ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 123
(සඳුන් මෙන්ඩිස් 22, සහන් විමුක්ති 14, ආදිත්‍ය සිරිවර්ධන 14, සහන් විමුක්ති 14, චාමික ගුණසේකර 8/3, අෂේන් ද සිල්වා 18/2, දමින්ද රොෂාන් 25/2)
ආනන්ද විදුහල ඕවර 46.5 කදී 114
(දුෂාන් හෙට්ටිගේ 19, තුෂාර සන්තුෂ 14, ඞී. රොෂාන් 30, කවිඳු එදිරිවීර 13/5, කෝසල හිරාන් 23/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ගාල්ලේ කොල්ලන්‍ට (ස)
නියමයි.(නදී)
ආනන්දෙ කණිෂ්ක රනතිලකගේ දැම්මා නම් අනිවාර්යයෙන්ම දිනනවා. හොදම ආරම්භක පිතිකරු මෙන්ම තුන් ඉරියව්වෙන්ම දක්ෂයි. (නදී)
කණිෂ්ක රනතිලකගේ ඇත්තටම දක්ෂයෙක් තමා . සුභ පැතුම්.. රිච්මන්ඞ්(නු)
තරග පැවැත්වුණේ පානදුර ශාන්ත ජාතික පාසල් ක්‍රිඩාංගනයේ නෙමෙයිද? (නි)
අපේ පුංචි පැටවුන්ට 'ජයෙන් ජයම වේවා'! (නි)