ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය අතර ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 40 කින් පරාජය කරමින් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය කී‍්‍රඩකයෝ තම හත්වන ජයග‍්‍රහණයත් ලබාගැනීමට සමත්වූහ.
ජයග‍්‍රහණයේ නියමුවා වූ රිච්මන්ඞ් විද්‍යාලයේ සිතාර ගිම්හාන් පන්දු 162 කදී නොදැවී ලකුණු 153 ක් ලබාගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 19 ක් සහ හයේ පහර 2 ක් අන්තර්ගත විය.
පළමු කඩුල්ල වෙනුවෙන් කැලූම් නානායක්කාර (60) සමඟ ලකුණු 136 ක සබඳතාවයක් ගොඩනැගූ ගිම්හාන ඒ. කේ. ටිරෝන් (44) සමඟ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක්ද චමෝද් පියුමාල් (16) සමඟ සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක්ද වන පරිදි සබඳතා පිහිටුවමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙනගියේය.
දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 150
(සුපුන් ජයසේකර 38, හශාන් හේවානායක 32, මහේෂ් පීරිස් 29, වරුණ දේශප‍්‍රිය 4/35, සවීන් නානායක්කාර 29/3, ඒ. කේ. ටිරෝන් 20/2)
රිච්මන්ඞ් විද්‍යාලය පළමු ඉනිම කඩුලූ 4 කට 300
(කැලූම් නානායක්කාර 60, ඒ. කේ. ටිරෝන් 44, චමෝද් පියුමාල් 16, සිතාර ගිම්හාන් නොදැවී 153, හෂාන් හේවානායක 118/2)
දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 110
(මහේෂ් පීරිස් 33, හෂාන් හේවානායක 33, සවීන් නානායක්කාර 16/4, තිසර භානුක 19/3, චමෝද් පියුමාල් 20/2)
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.(නදී)
අති විශිෂ්ටයි! ලොකුම ඉලක්කය මෙවර බිග් මැච් එක විය යුතුයි.(නදී)
ඔහොම යන්......ඔහොම යන්......ඔහොම යන්....මහින්දය පරදනකල්. (නි)
නියමයි. අපේ පුතාල ඔහොම යං. තුනුරුවන්ගේම පිහිටයි. රිපන් බාලිකාවකගෙන් සුබ පැතුම්. (නදී)
මීට අවුරුද කීපයකට කලින් නම් රිච්මන්ඩ් කණ්ඩායම මැච් එකක් දිනාගත්තෙත් අමාරුවෙන්. දැන් මැච් 7ක්. රිච්මන්ඩ් ක්‍රිකට් ටීම් එක දැන් ස්වර්ණමය යුගය පසු කරමින් ඉන්නෙ. මට මතක ඇති කවදාවත් මෙච්චර හොදට සෙල්ලම් කරලා නැහැ. අවුරුදු 50 කට පස්සෙ බිග් මැච් එක දිනන්න අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)