IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ හත්වැනි ජයත් ලබති

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය අතර ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 40 කින් පරාජය කරමින් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය කී‍්‍රඩකයෝ තම හත්වන ජයග‍්‍රහණයත් ලබාගැනීමට සමත්වූහ. 

ජයග‍්‍රහණයේ නියමුවා වූ රිච්මන්ඞ් විද්‍යාලයේ සිතාර ගිම්හාන් පන්දු 162 කදී නොදැවී ලකුණු 153 ක් ලබාගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 19 ක් සහ හයේ පහර 2 ක් අන්තර්ගත විය. 

පළමු කඩුල්ල වෙනුවෙන් කැලූම් නානායක්කාර (60) සමඟ ලකුණු 136 ක සබඳතාවයක් ගොඩනැගූ ගිම්හාන ඒ. කේ. ටිරෝන් (44) සමඟ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක්ද චමෝද් පියුමාල් (16) සමඟ සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක්ද වන පරිදි සබඳතා පිහිටුවමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙනගියේය.

දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 150
(සුපුන් ජයසේකර 38, හශාන් හේවානායක 32, මහේෂ් පීරිස් 29, වරුණ දේශප‍්‍රිය 4/35, සවීන් නානායක්කාර 29/3, ඒ. කේ. ටිරෝන් 20/2)

රිච්මන්ඞ් විද්‍යාලය පළමු ඉනිම කඩුලූ 4 කට 300
(කැලූම් නානායක්කාර 60, ඒ. කේ. ටිරෝන් 44, චමෝද් පියුමාල් 16, සිතාර ගිම්හාන් නොදැවී 153, හෂාන් හේවානායක 118/2)

දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 110
(මහේෂ් පීරිස් 33, හෂාන් හේවානායක 33, සවීන් නානායක්කාර 16/4, තිසර භානුක 19/3, චමෝද් පියුමාල් 20/2)

 

(**)

 



අදහස් (0)

රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ හත්වැනි ජයත් ලබති

කලන Saturday, 09 February 2013 08:03 PM

නියමයි.(නදී)

:       0       0

දේශාන් Saturday, 09 February 2013 10:34 PM

අති විශිෂ්ටයි! ලොකුම ඉලක්කය මෙවර බිග් මැච් එක විය යුතුයි.(නදී)

:       0       0

අනුර Sunday, 10 February 2013 12:06 AM

ඔහොම යන්......ඔහොම යන්......ඔහොම යන්....මහින්දය පරදනකල්. (නි)

:       0       0

ඇතීනා Sunday, 10 February 2013 02:47 AM

නියමයි. අපේ පුතාල ඔහොම යං. තුනුරුවන්ගේම පිහිටයි. රිපන් බාලිකාවකගෙන් සුබ පැතුම්. (නදී)

:       0       0

නිපුණ Sunday, 10 February 2013 07:45 AM

මීට අවුරුද කීපයකට කලින් නම් රිච්මන්ඩ් කණ්ඩායම මැච් එකක් දිනාගත්තෙත් අමාරුවෙන්. දැන් මැච් 7ක්. රිච්මන්ඩ් ක්‍රිකට් ටීම් එක දැන් ස්වර්ණමය යුගය පසු කරමින් ඉන්නෙ. මට මතක ඇති කවදාවත් මෙච්චර හොදට සෙල්ලම් කරලා නැහැ. අවුරුදු 50 කට පස්සෙ බිග් මැච් එක දිනන්න අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site