අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට රාගම ක‍්‍රිකට් සමාජය, එස්.එස්.සී. සහ යුද හමුදා යන කණ්ඩායම් තුන අතර තියුණු තරගයක් ඇතිවී තිබේ.
තරගාවලියේ පළමු වටයේ අවසන් දින තරග අද (02) පැවැත්වෙන අතර එම කණ්ඩායම් තුනෙන් දෙකක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නියමිතය. ඒ සඳහා කණ්ඩායම්
තුනම අද තරගය ජය ලැබිය යුතු අතර රාගම පිලට ජයග‍්‍රහණය පමණක් ප‍්‍රමාණවත් වන අතර සෙසු කණ්ඩායම් දෙක අතිරේක ප‍්‍රසාද ලකුණ ද සමග ජය ලැබිය යුතුය.
එස්.එස්.සී. සහ ගුවන් හමුදාව අතර තරගය කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී ද, රාගම පිල සහ නාවික හමුදා පිල අතර තරගය වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී ද, යුද හමුදා පිල සහ ලන්කන් පිල අතර තරගය පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී ද, අද (02) පැවැත්වේ.
‘ඒ’ කාණ්ඩයෙන් එන්.සී.සී. සහ කෝල්ට්ස් යන කණ්ඩායම් මේ වන විටත් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටින අතර අද තරගවල ප‍්‍රතිඵල අනුව ස්ථානය තීරණය වේ.
අවසන් පූර්ව තරග දෙක මේ මස 4 සහ 5 දෙදින පැවැත්වීමට නියමිත අතර අවසන් මහ තරගය මේ මස 7 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2025 දෙසැම්බර් මස 04
753
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාගම - එස්.එස්.සී. - යුද හමුදාව ස්ථාන දෙකකට තියුණු සටනක
තබීල් Wednesday, 02 January 2013 11:08 PM
ඉතා හොදයි. (නි)