IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රග්බි සංවර්ධනයට වසරකට මිලියන 75 ක්

රග්බි කී‍්‍රඩාවේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමය වසරකට රුපියල් මිලියන 75 ක පමණ මුදලක් වැය කරන බවත් මේ වන විට ශ්‍රී ලංකාවෙන් 90% පමණ ප‍්‍රදේශයක රග්බි ක‍්‍රීඩාව ව්‍යාප්ත කර ඇති බවත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම වසරේ රග්බි කාලසටහන සහ ආසියානු දෙවැනි කොටසේ රග්බි තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරිම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී රග්බි සභාපතිවරයා මෙසේ ද පැවසීය.

‘‘මෙවර කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියට පෙර දේශිය තරගාවලි දෙකක් කොළඹ සහ නුවරඑළිය යන ප‍්‍රදේශවල පැවැත්වීමට සැළසුම්කර තිබෙනවා. ඒ වගේම උතුර, නැගෙනහිර ප‍්‍රදේශවල රග්බි ක‍්‍රීඩාව දියුණු කරන්නත් අපි පියවර ගන්නවා’’
කොළඹ තරගාවලිය ජූනි මස 15 සහ 16 දෙදින ද, නුවරඑළිය තරගාවලිය ජූනි මස 29 සහ 30 දෙදින ද පැවැත්වීමට නියමිතය.

මෙවර අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය නොවැම්බර් මස 8 වැනිදා ආරම්භ වන අතර ජනවාරි මස 12 වැනිදා අවසන් වීමට නියමිතය. දෙවැනි වටය ජනවාරි මස 17 වැනිදා ආරම්භ වී මාර්තු මස 16 වැනිදා අවසන් වේ.
මෙම වසරේදී ශ්‍රී ලංකා රග්බි පිල සත් සාමාජික රග්බි තරගාවලි හතරකට සහභාගි විමට නියමිතය.

ඩයලොග් ආයතනයේ ජ්‍යෙෂ්ඨ අළෙවි කළමණාකරු රිස්වි ෆාරුක් මහතා විසින් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව. ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් රිස්වි ඉල්ලියාස්, ප‍්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණරත්න (වමේ), උප සභාපති ලසිත ගුණරත්න සහ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු (දකුණේ) යන මහත්වරු ද මෙහි වෙති.

 



අදහස් (0)

රග්බි සංවර්ධනයට වසරකට මිලියන 75 ක්

වරුණ Monday, 18 February 2013 01:10 PM

රගර් වලට වියදම් කරන්න අනුග්‍රාහකයෝ වැහි වහලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 65 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site