ඉන්දියාවේ රාජාස්ථානයේ බහාරත්පූර්හි වෙසෙන බබ්ලූ ජතාව් රික්ෂෝ කරුවෙකි. ඔහු තම වෘත්තියේ නියැලෙමින් දිනකට ඩොලර් හයක පමණ ආදායමක් ලබයි. මෙයට මාසයකට පෙර ඔහුගේ බිරිඳ ශාන්ති කුළුඳුල් දරු ප‍්‍රසූතියේදී මිය ගියාය. බබ්ලූ තම බිළිඳා සමග මෙලොව තනිවිය. එහෙත් ඔහු ඔහුගේ මසක් වයසැති දියණියට අසීමිතව ආදරය හා රැකවරණය ලබාදෙයි. කිසිදු විටෙක බබ්ලූ මව අහිමි තම දියණිය තනිකර දමා කොතනකවත් නොයයි. පසුගියදා බබ්ලූ තම සුපුරුදු වෘත්තියට නැවතත් අත තැබුවේ ජීවත් වීමට අන් මගක් නොමැති නිසාය. බබ්ලූ තම එක අතකින් රික්ෂෝව පදින අතර තුර කරේ එල්ලාගෙන සිටින තම කුඩා දියණිය අනෙක් අතින් ආරක්ෂා කරයි. ඔහු මෙලෙස තම වෘතියේ නියැලෙන අතර තුර (බීබීසී) බි‍්‍රතාන්‍ය ගුවන් විදුලිය කැමරාවට මෙම අරුම පුදුම පියසෙනෙහස හසුවිය. බබ්ලූ නැමැති ආදර්ශමත් උතුම් පියා ගැන ලෝකයේම අවධානය යොමු වෙයි. ඒ අතර සිටින ධනපතියෝ මෙම පියාටත් දියණියටත් උදව් කිරීමට සූදානමින් සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ..!(නු)
මේකෙ නැගලා යන අය යන්නේ මොන හිතකින්ද? කීයක් හරි දිලා ඒ මනුස්සයාව අස්වසන්න බැරිද?(නු)
අම්මා කියන්නේ කාටද අද අම්මේ..!(නු)
නුඹටත් මට මෙන් තනිකම දැනෙනවාද දුවේ..!(නු)
හිතක් පපුවක් ඇත්නම් කීයක් හරි දෙනවා මිසක් ඔහොම යන්න පුළුවංද?(නු)
යහපත් මිනිසුන්ට දෙවියොත් වදිනවා කියන්නේ මේකට තමයි.. දරුවො මමග දමා යන අධම දෙමව්පියන්ට හොද ආදර්ශයක් මේ උත්තමයා..!(නු)
මවකගෙ උණුසුම නොලබා සැපට නිදන දුවේ..!(නු)
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.. කියන එක මේ වගේ පියවරු නිසා බොරු වෙනවා. ඔබ වැනි පියවරු ලෝකයට වාසනාවක්..!(නු)
නරුමයන්ට ආදර්ශය.. මේ තමයි දෙවිවරු..!(නු)
උත්තරීතර පියෙක් ඔබට දීර්ඝායුෂ..(නු)
පිය සෙනෙහස ආදරය අපූරුයි නමුත් මෙය අනාරක්ෂිතයි.. ළමයා අනතුරේ රෝගී වෙන්න ඇති අවස්ථා වැඩියි.. ඔහු වහා විකල්පයක් සෙවිය යුතුයි..! නැත්නම් දෙදෙනාම අමාරුවේ..!(නු)
ගැහැණු තරම් පිරිමි දරුණු නැහැ ලෝකේ. (නි)
ලැබුවා උතුම් පින මේ ලොව දකින්නට අද අහිමියි අනේ මව් සෙනෙහස දුවට එනමුදු පියා නොමදෙයි දුක දැනෙන්නට හොඳ නිදසුනකි කිරි දරුවන් පාරේ දා යන අයට (නි)
අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ..?(නු)
දැං ලෝකය කරන දේවල්අනුව මේ අහිංසක පියාටත් දියණියටත් තැරුව්කරුවන් නොමැතිව ඒ ආධාරය ලැබේවා යන්න මගේ පැතුමයි..!(නු)
අම්මා වරුන් පමණද මතු බුදුවන්නේ...? ධාරක ප්‍රේමය ඇති පියෙක්..!(නු)
අම්මා කියන්නේ කාටද අද අම්මේ... (නි)
ඉසුරු පිරි හෙට දිනක් ඔබට සහ ඔබේ දියණියට නොපමාවම ලැබේවා.. ඔබට දෙවි පිහිටයි..!(නු)
දරඅවන් මහ මග දමා යන අම්මලාට ඉතා හොද පාඩමකි.. ඔහුට දෙවි පිහිටයි..!(නු)
උතුම් ක්‍රියාවක්..!(නු)
මේ දරුවව බාරගන්න පවුලේ අනිත් අය නැද්ද?(නු)
ඔබ මට වීරයෙක්..!(නු)
පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී (අ)
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.... (නි)
ඔබ රත්තරං පියෙක්..!(නු)
දරු සෙනෙහසක අපූරුව.... (නි)
පිය සෙනෙහස..... (නි)
පිය සෙනෙහස දෙන්න පුළුවං හොදම උදාහරණයක් තමයි මේක.. ඔබට සහ දියණියට ජය නියතයි..!(නු)
පුදුම බැදීමක්.... (නි)
නුඹ වැනි පියවරු වත්මන් ලෝකයට මහත් ආදර්ශයක්..!(නු)
ආදරේ අගෙයි.. එහෙත් අනතුරු වැඩියි.. බබාගේ සෞඛ්‍යය පිරිහෙයි..!(නු)