රත‍්‍රං නිධි ටොන් 700ක් රැගත් රුසියා නැවක් නාවිකයන් නව දෙනකු ද සමග මහා වැසි සමග ඇතිවූ අයහපත් කාලගුණය මැද්දේ ඔක්හොට්සක් මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදී ආගිය අතක් නැතැයි මොස්කම් නුවරින් වාර්තා වෙයි. තෙරාන් සිට ඔක්හොට්සන් මුහුදේ පෙල්ඩිස්ටෝ දිවයින බලා යාත‍්‍රා කරමින් සිටියේය. පොලිමෙටල් රන් ආකර සමාගම එහි වටිනාකම කෙතෙක් දැයි නොකියයි. නැව වෙනදා යාත‍්‍රා කරන මුහුදු මාර්ගයේ ගමන් කළ බව ද සමාගම කියයි. අතුරුදන්වූ නැව සෙවීමට දියගොඩ යාත‍්‍රාවක් ද, නැව් තුනක් ද හෙලිකොප්ටරයක් ද යැවූ නමුත් නැවක සුන්බුන් සොයා ගත නොහැකි විය. මුහුදේ දැඩි රළු ස්වභාවය නිසා මෙහෙයුම් කටයුතු නතර කැරිණි. එම පෙදෙසේ මුහුදු රැල්ල මීටර් හතරක් (අඩි 13ක්) පමණ උසට නැගුණ බව සහන සේවකයෝ කියති. නැව ඉරිදා සවස ආධාර ඉල්ලා ඇතත්, ඊට ප‍්‍රතිචාර ලැබී නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බලන අපිටත් පිස්සු වගෙයි. (නි)
කොහොමද එහෙම උනේ
රත්තරන් නම් ඉතිං අහන්න දෙයක් නැහැ.. අදාල පැතිවලට ගහගෙන ගිහිං ඇති..!(නු)
දැනටමත් ටොන් ගණනාවක් හෙට්ටිවීදිය පැත්තට ඇවිද්ද දන්නේ නෑ (ස)
අර අහවල් ස්ථානයෙන් පොඩ්ඩක් අහලා බැලුවොත් නරකද ආයුබෝවන්ඩ? (නි)
කොහෙට පාත් වුණාද මේක (ස)
ඔය බොරු කවදාවත් ඇත්ත ටොන් ගාණ දාන්නේ නෑ (ස)
මම හිතන්නේ දියකිඳුරියෝ රන්චුවක් එකතුවෙලා නැව ගිල්වන්න ඇති. ඒගොල්ලොත් රත්තරන් වලට ආසයි අපි වගේම (ස)
ඔයකියන සාගර කලාපය ලංකාවට අයිතියි නේද? (නි)
ඔන්න කොල්ලනේ,ඕස්ට්‍රේලියා ගිහින් වැඩක් නැහැ. මාලු බෝට්ටු ඔක්කොම අරන් ගිහින් රත්තරන් හොයාපල්ලා. (නි)
අපේ කවුරුහරි ඔහේ ගියාද? (නි)
සෝමාලියාවේ ඇති සමහරවිට. (නි)
අයියෝ! මට පිහිනන්න බැහැනේ. (නි)
අනේ අහල වත් නැති නම් නේ...නැත්නම් කට්ටිය ඕස්ට්‍රේලියා යන එක නවත්තල එහෙට පදීවි. (අ)
මේ නැව ලංකාවටවත් ගොඩගැහුවා නම් රන් මිළවත් අඩුවෙයි කියලා හිතෙනවා. (නි)
ඔන්න චාන්ස් එකක් . ඉතාලිය , ඕස්ට්‍රේලියාව වගේ රට වලට සල්ලි හොයන්න හොරෙන් පනින අය නරකද මේක හොයාගන්න උත්සාහ කරොත් (ස)
රත්තරං නිධි ටොන් 700ක්? (නි)
වටිනාකම අනුව නම් ටයිටැනික් නැවට වැඩිය වටිනවා. (නි)
මම දන්නවා. ඒත් කියන්නෙ නැහැ. භාගෙට භාගයක් දෙනවා නම් කියනවා. (නි)
ලංකාව පැත්තට ආවොත් ගොඩම තමයි. (නි)