
(අංජුල මහික වීරරත්න)
දැනට යුද, ගුවන් සහ නාවික හමුදාව යටතේ පවතින සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.
එලෙස ඒකාබද්ධ කිරීමෙන් එම කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවිය හැකි බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වර්තමාන ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා ආරක්ෂක අංශ නවීන තාක්ෂණය සමග වේගයෙන් ඒකාබද්ධ වීමේ සහ නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ආරක්‍ෂක අංශ සාමාජිකයින්ගේ වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සහ නව දැනුම අත්පත් කර ගැනීම වෙනුවෙන් විදේශ පුහුණු අවස්ථා සඳහා වෙන් කරන ප්‍රතිපාදන ඉහළ නැංවීම පිළිබඳවද සාකච්ඡා විය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ මෙහෙයුම් කටයුතු පිළිබඳව මෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් ආරම්භ කිරීම සහ ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd