IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


යොවුන් පාපැදි සවාරියේදී දිලීප පෙරමුණ ගනියි

සියඹලාණ්ඩුව නගරයේ සිට තිස්සමහාරාම නගරය දක්වා කිලෝමීටර 131 ක දුරකින් පැවැති ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ දෙවැනි අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ අද (9) සමත්විය. දෙවැනි අදියර නිම වීමත් සමග සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට පළමු අදියර ජයගත් යුද හමුදාවේ දිලීප ප‍්‍රභාත් සමත්ව සිටියි. දිලීප අදියර දෙක අවසානයේදී පැය 5 යි. විනාඩි 54. 19 ක කාලයක් වාර්තා කර තිබේ. තරගකරුවෝ 75 දෙනෙක් සහභාගි වු දෙවැනි අදියරේදී දිලීපට හිමි වුයේ 35 වැනි ස්ථානයයි. යුද හමුදාවේම සමීර චතුරංග පැය 5 යි. විනාඩි 54. 24 ක කාලයක් වාර්තා කරමින් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොලිසියේ සුදීර නිලංග පැය 5 යි. විනාඩි 54. 28 ක් ලබා එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි. තරගකරුවන් පොකුරක් අතුරින් තියුණු සටනකින් පසුව ජීවන් ජයසිංහ දෙවැනි අදියර ජය ගත්තේ පැය 3. විනාඩි 1 යි. 53 ක කාලයක් ලබමිනි. ගුවන් හමුදාවේම නවීන් රුචිර සහ නාවික හමුදාවේ ජානක හේමන්ත කුමාර එම කාලයම වාර්තා කරමින් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබුහ. ජයග‍්‍රාහී ජීවන් ජයසිංහ ට පළමු අදියරේදී 22 වැනි ස්ථානය හිමි වු අතර සමස්ත තරගයේ ඔහුට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි. තිස්සමහාරාම නගරයෙන් හෙට (10) ආරම්භ වන පාපැදි සවාරියේ අවසන් අදියර (කිලෝමීටර් 111) මාතරින් අවසන් වීමට නියමිතය. ශ්‍රී ලංකා පාපැදි කී‍්‍රඩා ඉතිහාසයේ පළමු වරට ශූරයාට වටිනා මෝටර් රථයක් පිරිනමන මෙම තරගය ජාතික තරුණසේවා සභාව සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්‍ෂණයෙන් සංවිධානය කරනු ලබයි. තරගකරුවෝ පෙකුරක් ලෙස දෙවැනි අදියරේ අවසානයට ළගා වෙමින්.....



අදහස් (0)

යොවුන් පාපැදි සවාරියේදී දිලීප පෙරමුණ ගනියි

කුමාර Friday, 09 December 2011 11:00 PM

මේවගේ වටින තෑගි දෙන්න ඕන. මේ ක්‍රීඩාව නගා සිටුවන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 620 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1718 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site