ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ සමස්ත ශූරයා බවට පත්වීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප‍්‍රල් ලක්ෂ්මන් විජේරත්න ක‍්‍රීඩකයා පෙරේදා (10) සමත් විය. ඒ සඳහා ඔහු වැය කළ කාලය පැය අටයි විනාඩි 24යි. තත්පර 32කි.
ඒ අනුව ශ්‍රී ලංකා පාපැදි ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට වැඩිම ත්‍යාග මුදලක් සහිත සුපිරි මෝටර් රථය හිමිකර ගැනීමට ඔහු සමත් විය.
අදියර තුනකින් සමන්විත වූ මෙම තරගාවලිය ඉකුත් 08 වැනි දින මඩකළපුව පුස්තකාලය අසලින් ආරම්භ විය.
පළමු අදියර අවසන් වූයේ සියඹලාණ්ඩුවෙනි. දෙවැනි අදියර සියඹලාණ්ඩුවේ සිට තිස්සමහාරාමය දක්වා පැවැති අතර තෙවැනි අදියර තිස්සමහාරාමයේ සිට මාතර දක්වා පැවැත්විණි.
සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප‍්‍රල් දිලීප ප‍්‍රභාත් (පැය 8 වි. 24 තත්. 45) ද, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේම සාමාන්‍ය සෙබල සමීර චතුරංග (පැය 8 වි. 24 තත්පර 50) ද හිමිකර ගත්තේය.
සිවුවැනි ස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ සුදීර නිලංග (පැය 8 වි. 24 තත්. 51) ද, පස්වැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කුමාර අබේසිංහ (පැය 8 වි. 24 තත්. 52) ටද හිමි විය.
කිලෝ මීටර් 365කින් සමන්විත වූ සමස්ත තරගයේ අවුරුදු 23න් පහළ යොවුන් ධාවකයා ලෙස සම්මාන දිනා ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සමීර චතුරංගය.
තිස්සමහාරාමයේ සිට මාතර දක්වා පැවැති තෙවැනි අදියරේ ප‍්‍රථම ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න දිනා ගත්තේය. දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ දුසාන් සඳකැලූම් ද, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කුමාර අබේසිංහ ද හිමිකර ගත්තේය.
ජයග‍්‍රාකයන්ට ජය සංකේත ප‍්‍රදානය කිරීම යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේමාල් ගුණසේකර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, දකුණු පළාත් සභා මන්ත‍්‍රී කාංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම තරගාවලියේ සමාප්තිය දැක බලා ගැනීමට මාතර ප‍්‍රධාන බස් නැවතුම්පොළ අසලට විශාල ජනකායක් ඒකරාශී වී සිටියහ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙය සංවිධාන කර තිබුණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදයි.