IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


‘‘යාපනය අපට සිහිනයක්’’

අශෝක හඳගමගේ නිර්මාණය කළ ”ඉනියවන්” චිත‍්‍රපටයේ රංගනයට එක්ව සිටින දමිළ ශිල්පිණියන් දෙදෙනා වන  සුභා සහ නිරංජනී ගැන අද සිනමා ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනා කතා කරන බව කිව හැකියි. මේ දෙදෙනාගේම කුළුදුල් සිනමා රංගනය මෙය වුවද මුහුකුරා ගිය චරිත රංගනයක යෙදීම ඊට හේතුවය. ”ඉනියවන්” සමග ශ්‍රී ලාංකීය සිනමාවට ආ මේ දමිළ ශිල්පිනියන් දෙදෙනා සමග අපි පිළිසඳරකට එක්වෙමු.

 

”ඉනියවන් සමග සිනමාවට ආ සුභාෂිනී සහ නිරංජිනී”

 

නිරංජනී ෂන්මුගරාජා

 

නම් ගම් නැති චරිත කීපයක් වටා ගොඩනැගී ඇති ”ඉනියවන්” චිත‍්‍රපටයේ භාව ප‍්‍රකාශනයක් අපූරුවට ඉදිරිපත් කරන නිරංජනීගේ ගම නුවරය. නුවර පාසලකට ගියද එහි ගත කළ ඇය දැන් පදිංචිව සිටින්නේ වත්තලය. ඇයට සිටින්නේ මව සහ අක්කා පමණි. තාත්තා ජීවතුන් අතර නැත. වයස අවුරුදු විසිතුනක් වන නිරංජනී රැකියාව කරන්නේ ජාතික රූපවාහිනියේ දමිළ වැඩසටහන් අංශයේ නිවේදිකාවක ලෙසය. සිනමාවට අලූත්  මුහුණක් වුවද ළමා නාට්‍ය වේදිකාව සහ යොවුන් නාට්‍ය  වේදිකාව මෙන්ම ජාතික නාට්‍ය වේදිකාවට ඇය අමුත්තියක නොවෙයි. එම අංශ නියෝජනය කරමින් සම්මාන රැසක් ලැබූ ශිල්පිනියකි. චිත‍්‍රපටයක රඟපෑමට සිහිනයකින් නොසිතූ  ඇයට මෙම අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකන්නීය.

”මෙහි රඟපාන චරිතය සඳහා එතරම්ම දෙබස් නැහැ. අපි ගන්නා සුසුමක සිට බැල්මක සිට සියල්ල හැගීම් වෙතින් ප‍්‍රකාශ කළ යුතු වුණා. වේදිකාවේදී හයියෙන් ශබ්ද කරලා කෑ ගහලා කළ රංගනයට වඩා මට මෙය අපූරු අත්දැකීමක් වුණා. ඇත්තටම මට මෙය රංග පාසලක් වුණා”

ඉනියවන් චිත‍්‍රපටයේ චරිතය ගැන එසේ කියන ඇයට වඩාත් ඉහළ ප‍්‍රතිචාර ලැබී ඇත්තේ සිංහල කතා කරන සිංහල සමාජයෙන් බවත් පවසන්නීය.
මම හිතන්නේ දමිළ සමාජයේ බොහෝ දෙනාටත් මෙය අපූරු අත්දැකීමක්. මොකද එයාලා සිංදු දෙකයි, ෆයිට්  දෙකයි. විහිළු ටිකකුයි, නැටුම් දෙකකුයි එක්ක චිත‍්‍රපට බලන්න පුරුදුවෙලා හිටියේ. මේ චිත‍්‍රපටය එයාලා වෙනස්ම තැනකට ගෙන ගිය බව මගේ හැඟීමයි.

මෙසේ පවසන නිරංජනී, සිංහල චිත‍්‍රපට කලාවේ ”ගාමිණී - මාලනී” යුවලට වඩාත් කැමතිය. නිරෝෂා විරාජිනී ගයන ”දුහුල් මලක මල් පෙත්තක” ගීතය ඇයගේ ප‍්‍රියතම ගීතයයි දමිළ ජාතික තැනැත්තියක වුවද ඇය යාපනයට ගොස් ඇත්තේ මෙම චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට පිංසිදු වන්නටය. යාපනයේ නල්ලූර්කෝවිලට යාම සිහිනයක් වූ බවත් එය ඉටු කරගත් බවත් නිරංජි පවසන්නීය.

 

සුභාෂිනී බාලසුබ‍්‍රමනියම්

 

සුභාෂිණීට කොළඹ අමුතු තැනැක් නොවේ. ඇය ඉපදී ඇත්තේ කොළඹදීය. යහපත් එෙඬ්රාගේ කන්‍යාරාමය සහ ශාන්ත අන්තෝනි බාලිකාවෙන් අධ්‍යාපනය හදාරා ඇත. අම්මා - තාත්තා, අයියා සහ මල්ලී ඇයගේ පවුලේ සාමාජිකයන්ය. සුභාෂිනීද ක්ෂේත‍්‍රයට පිවිස ඇත්තේ රූපවාහිනී නිවේදිකාවක ලෙසය. ”නේත‍්‍රා ටී. වී.  සහ පසුව නාලිකා ගණනාවක වැඩසටහන් මෙහෙයවා ඇති ඇය මේ දිනවල, වසන්තම් සහ සී. සී. එෆ්. ටී. වී. චැනලයට සම්බන්ධ බව පවසන්නීය. ඊට අමතරව දමිළ වැඩසටහන් හඬ කැවීම් ශිල්පිණියක ලෙස කටයුතු කරන ඇය ”යා ටී. වී.” ආයතනයට ගොස් සිටි මොහොතක මේ ”ඉනියවන්” චිත‍්‍රපටයේ රගපෑමට අවස්ථාව විවර වූ බව සඳහන් කරන්නීය.

”යා ටී. වී. එකේ මගේ මිතුරකු තමයි මට මේ අවස්ථාව ගැන  මුලින්ම කිව්වේ. ඇත්තටම නිරංජනී මෙහි රඟපාන බව දැන ගත්තෙ පසුවයි. ඊට කලින් මම නිරංජිව දන්නවා. නේත‍්‍රා ටී. වී. එකේ සම්මුඛ පරීක්ෂණයට අපි දෙන්නා සහභාගී වුණේ එකම දවසේදීයි. ඒ හඳුනා ගැනීම තිබුණා. ඒ නිසා පළමු චිත‍්‍රපටයේ දෙදෙනාට රඟපාන්න ලැබීම ගැන ගොඩාක් සතුටු වුණා.

”ඉනියවන්” චිත‍්‍රපටයට දායක වූ සුභාෂිනී ද නිරංජනී  මෙන් යාපනයට ගොස් ඇත්තේ පළමු වතාවටය. ඒ මෙහි ?ගත කිරීම් වෙනුවෙනි.
මේ චිත‍්‍රපටයට දායකවීම නිසා ලැබුණු දේ බොහෝ යැයි පවසන ඇය නල්ලූර් කෝවිලට යාම සහ යාපනයට යාමට ලැබීම මහත් පිනක් සේ සලකන්නීය.
”ඒ  විතරක් නොවෙයි, අවුරුදු හතරක් නිවේදිකාවක ලෙස කැමරාව ඉදිරියේ හිටපු මට ඉනියවන් රඟපෑම නිසා චිත‍්‍රපට රංගනය මොකක්ද කියලා හරියටම  දැන ගන්න ලැබුණා.

ඉනියවන් දෙබස්  අඩු චිත‍්‍රපටයක්. එවැනි චිත‍්‍රපටයක රඟපෑ යුතු විදිය අධ්‍යක්‍ෂවරයා අපූරුවට අපට  කියලා දුන්නා.”
මේ විදියට පවසන සුභාෂිනී මෙන්ම නිරංජනී වයස අවුරුදු 23 සීමාවේ සිටින තරුණියන් දෙදෙනෙකි. ශ්‍රී ලාංකීය චිත‍්‍රපට කලාවට මෙලෙසින් පැමිණි මේ දෙදෙනා රංගනයෙන් බොහෝ දුර යා හැකි දක්ෂතා ඇති ශිල්පිණියන් දෙදෙනෙක් බව වටහා ගත් අශෝක හඳගමට ස්තුති පුද කිරීමට අමතක කළේද නැත.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 



අදහස් (0)

‘‘යාපනය අපට සිහිනයක්’’

පිටිගල Wednesday, 23 January 2013 11:49 PM

ටෙලි නිළි "මැඩම්ලාට" නම් අහුවෙන්න එපා. (නි)

:       0       0

වාසල Tuesday, 22 January 2013 02:13 PM

මේක කෑලිවලට කඩා බෙදාගත යුතු රටක් නෙමෙයි. හැමෝම එකතුවෙලා සමගියෙන් බදාගත යුතු රටක්. දෙදෙනාටම සුභ අනාගතයකට සුභපැතුම්.. (ස)

:       0       0

දුමින්ද Friday, 25 January 2013 11:09 AM

සුභ අනාගතයක්! (නි)

:       0       0

නිශාන්ත Thursday, 24 January 2013 04:35 PM

ඔක්කොම හොදයි. දෙන්නම ලස්සනයි. ඒත් මේ දෙන්නා වෙන වෙනම හදුනාගන්න අපිට දිවැස් නැහැනේ. (නි)

:       0       0

මාටින් Thursday, 24 January 2013 10:40 AM

මෙයාලා නිලියොද ??? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 155 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 301 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 650 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site