ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදල් වංචාවක් සිදු කර පොලීසිය මගහරිමින් සිටි බව කියන තිදරු මවක හොරණ වනගත ආරණ්‍යයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ විශේෂ විමර්ශන අංශය කියයි.
ඊශ්‍රායෙලයේ මෙහෙකාරියක ලෙස රුපියල් ලක්ෂ හතරක මාසික වැටුපක් දෙන බව පවසමින් සැකකාරිය යක්කල කිහිපදෙනකු රවටා වරින් වර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බව පොලීසිය කියයි.
මේ අතර යක්කල ප්‍රදේශයේ කාන්තාවක් විසින් තමන්ට ඊශ්‍රායලයේ රැකියාවක් ලබා දෙන බව පවසා සැකකාරිය විසින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා ගත් බවත් පසුව ඇය අතුරුදන්ව ඇති බවත් ගම්පහ පොලීසියට පැමිණිලි කළාය.
ගම්පහ කොට්ඨාෂ භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ සුදා මේකටත් සම්බන්ධද?(නු)
නියම බිස්නස් එකක්නේ කරලා තියෙන්නේ (ස)
අද කාලේ ලක්ෂ 10ක් කියන්නේ මොකක්ද? (නි)
අනේ පව්. ඔක්කොම එපා වෙලා මෙහෙණි සාසානයට අතුළු වෙන්න යන්න ඇති. පොලීසියට තිබුණේ එයාට අවස්ථාවක් දෙන්න මේ නොදැන කරපු දේවල් වලින් මිදිලා සතර අපායෙන් ගොඩ වෙන්න. (ත)
මේ වගේ දේවල් කොච්චර පත්තර වලින් කිවුවත් අපේ අය හැමදාම මේවට අහුවෙනවා. (නි)
ඉශ්‍රාලයේ මෙහෙකාර රැකියා නැහැ තියෙන්නෙ සාත්තු සේවය විතරයි.ලක්ෂ 4ක් වැටුප් දෙන්නෙත් නැ (ස)
මෙයාටත් ජීනා මැඩම්ගේ පිහිටයි. (ත)
ලක්ෂ 10ක් තියෙනවා නම් මොකට රට යනවද? (නි)
ඊස්ට්‍රයල් වලට ලක්ෂ 10 දීල ආවාට කිසිම පාඩුවක් නොවෙ හරි විදියට ඉන්නවානම් (දී)
අන්ජු හරි. සාත්තු සේවක සේවිකා රැකියා ඇබැර්තු නම් මේ රටේ තිබෙනවා. ලියාපදිංචි ඒජන්සි මගින් මෙරටට එන්න පුළුවන්. බොරුකාරයන්ට අහු වෙන්න එපා. ලක්ෂ තුනහමාරක් විතර යන්නේ කියලා රජයෙන් කිවුවාට, ඒජන්සි කරුවන් ලක්ෂ 8 සිට ඉහළට අයකරනවා, සාත්තු සේවක සේවිකාවකගේ අවම වැටුප රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්නයි. (නි)
පොලීසියට අපගේ ස්තූතිය . ඒ වගේම හොර ඒජන්සි කරුවන්ට දඩුවම් දෙන්න (ස)
කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වැඩ කරන් නිසා තමයි මේ වගේ විපත් වලට මුහුණ දෙන්න වෙන්නේ (ස)
ලක්ෂ දහයක් ගෙවලා ගිහින් කරන රස්සාව මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ. (ත)
මේක හරිම වැරදි වැඩක්. හොරෙන් රැකියා දුන්නා මදිවට එම රැකියා සියල්ලම ව්‍යාජයක්. හොරෙන් රැකියා දුන්නට කමක් නැහැ කියමුකෝ ඒවා හරි රැකියාවල් නම්.(ස)
නිසි දඩුවම් දෙන්න (ස)
මිනිස්සු ඇයි මේ තරම් රැවටෙන්නේ (දී)