දෙහිවල සිසුන් දෙපිරිසක් අතර අඟහරුවාදා රාත්‍රී ඇති වු ගැටුමකින් පසු මොරටුව ව්ශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා තොරතුරු තාක්ෂණ ආයතනය තාවකාලිකව වසා දැමු බව මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය.
විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ හා තොරතුරු තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවද උප කුලපතිවරයා සදහන් කළේය.
තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකුගේ යතුරු පැදියක් ඉංජිනේරු පීඨයේ සිසුවකුගේ ඇගේ හැපීම ගැටුමට හේතුව බව අනාවරණය වී තිබේ.
ගැටුමෙන් යතුරුපැදියට හානි වී ඇතැයි මොරටුව පොලීසිය කියයි.
මොරටුව හා ගල්කිස්ස පොලීස් නිලධාරීන් ව්ශ්ව විද්‍යාලයටපැමිණ ගැටුම සමථයකට පත්කර තිබේ.
ගල්කිස්ස පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්ෂණය මත මොරටුව පොලිස් ස්ථානාධිපති එම්.නූර්ඩීන් මහතා ඇතුළු නිලධාරී හු පරින්ෂණ පවත්වති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම, ඔයා ඉන්ජිනියරින් කරපු කී දෙනෙක් විශ්ලේෂණය කරලද එයාලා අධිමානසිකයි කියන තක්සේරුවට ආවේ? (නි)
ආනන්ද 2013 මෙය විනය පිළිබද ගැටලුවක්ම නෙවෙයි.. ජන ආර්ථික පදනම මත විශ්ව විද්‍යාලයට තෝරා ගත් පිරිස සහ සුදුසුකම් ඇතත් මේ අවස්ථාව නොලබපු නිසා තාක්ෂණ විද්‍යාව හැදෑරීමට ගිය පිරිස අතර ප්‍රශ්ණයක්..!(නු)
අයියෝ සල්ලි
අපරාදේ අපේ සල්ලි! රටට මෙයාලගෙන් කිසිම වැඩක් වෙන්නෙ නැහැ. (නි)
ගයාන්, ලංකාවේ වැඩිදෙනෙක් උපාධි ලබා නොමැත. ඔවුන් සියල්ලට හීනමානයක් ඇතිබව සිතන සහ කියන ඔබ වැනි පුද්ගලයන් ප්‍රදර්ශනය කරන්නේ අපගේ ( ඔබ විශ්ව විද්‍යාල සිසුවෙක් හෝ උපාධිලත් කෙනෙක් නම් ) විශ්ව විද්‍යාල පද්ධතියේම අසමර්ථ බවයි. (නි)
ආනන්ද මල්ලී, මෙතන නැත්තේ විනය. විනය කඩෙන් ගන්න බැහැනේ. ඉතින් මක්කරන්නද? (නි)
සේනක, දැනට පරිණත වියේ සිටින මා සහ මගේ මිතු කැළ එදා සරසවිය තුළ කළ කී දෑ විශ්ලේෂණය කරලයි මම එහෙම කියන්නේ. (නි)
මමත් මොරටුව ඉංජිනේරුවරු එක්ක වැඩ කරලා තියෙනවා.. එයාලා විශ්වවිද්‍යාලයකට ගිය අයද කියලා කණගාටුයි.. දම්මගේ කතාව හරි... එයාලා සියල්ල දන්නවා කියලා හිතාගෙන ඉන්නවා.. ඇත්තටම කණගාටුයි.. අපි ඔක්කොම ශිෂ‍්‍යයෝ.. මනුෂ්‍යයෝ කියන එක අදුන්නෙ නැහැ.. ඒකට පේරාදෙණියෙ අය.. මෙහෙම නැහැ ස්වාධීනයි..!(නු)
උගත්කම එකක්. විනයගරුකකම තව එකක්. මෙතන නැත්තෙ මොනවද කියලා හැමෝටම පැහැදිලියිනේ. (නි)
මුතු සහ ජනක වෙත... මොළෙත් නැහැ ඉගෙනගෙනත් නැහැ කියලා කිවුවා නමි ඉවරයිනේ. (නි)
ගැටුම ඇති වුයේ ඉංජිනෙරු පීඨයේ සිසුන් හා "තාක්ෂණ ආයතනයේ" සිසුන් අතර වේ. දන්න සිංහලෙන් කියනවනම් Engineering සහ NDT අතර. තොරතුරු තාක්ෂණ පීඨය(Faculty of Information Technology) සහ Faculty of Architecture සාමාන්‍ය පරිදි අධ්‍යන කටයුතු වල නිරත වේ. (ස)
ඉගෙනගත්තට මොලේ නෑ කියන්නේ ඕක තමයි (ස)
ගොඩින් විසදා ගන්න (දී)
සන්සුන් වෙන්න මිනිසුනේ (දී)
මොනවාද මිනිසුනේ මේ වැඩ වල තේරුම (දී)
ඔයාලා දන්නේ මොනවද මමනේ හැප්පුනේ (ස)
ඔන්න ආයෙත් සරසවි යන්න බැරිවුණ අයට හොඳ අවස්තාවක් තමන්ගෙ හීනමානය හොඳකරගන්න. (නි)
මෙම ගැටුම් වලින් හැගීයන්නේ සරසවිය තුළත් පාතාලයක් ඇති බව නොවේද? (නි)
ජනකට පොඩ්ඩක් ඉරිසියාවයි වගේ. (ස)
මොලේ නැතුව නෙමෙයි . සරසවි ගිහාම ඔලුව ඉදිමෙනවා (ස)
ඉංජිනේරු පීඨයේ අයගේ අධීමානය තමයි ගැටුමට හේතුව. (ස)
මොලේ තිබුණත් ඉගෙන ගෙන නෑ කියන්නේ ඕකයි (ස)