IMG-LOGO

යතුරුපැදි ගැටුම දුර දිග යයි

දෙහිවල සිසුන් දෙපිරිසක් අතර අඟහරුවාදා රාත්‍රී ඇති වු ගැටුමකින් පසු මොරටුව ව්ශ්ව විද්‍යාලයේ  ඉංජිනේරු පීඨය හා තොරතුරු තාක්ෂණ ආයතනය තාවකාලිකව වසා දැමු බව මොරටුව විශ්ව විද්‍යාලයේ  උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය.

විශ්ව විද්‍යාලයේ  වාස්තු විද්‍යා පීඨයේ හා තොරතුරු තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවද උප කුලපතිවරයා සදහන් කළේය.

තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවකුගේ යතුරු පැදියක් ඉංජිනේරු පීඨයේ සිසුවකුගේ ඇගේ හැපීම ගැටුමට හේතුව බව අනාවරණය වී තිබේ.

ගැටුමෙන් යතුරුපැදියට හානි වී ඇතැයි මොරටුව පොලීසිය කියයි.

මොරටුව හා ගල්කිස්ස පොලීස් නිලධාරීන් ව්ශ්ව විද්‍යාලයටපැමිණ ගැටුම සමථයකට පත්කර තිබේ.

ගල්කිස්ස පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්ෂණය මත මොරටුව පොලිස් ස්ථානාධිපති එම්.නූර්ඩීන් මහතා ඇතුළු නිලධාරී හු පරින්ෂණ පවත්වති



අදහස් (0)

යතුරුපැදි ගැටුම දුර දිග යයි

අතුල Thursday, 03 January 2013 09:26 AM

අයියෝ සල්ලි

:       0       0

අනුර Thursday, 03 January 2013 09:34 AM

ආනන්ද 2013 මෙය විනය පිළිබද ගැටලුවක්ම නෙවෙයි.. ජන ආර්ථික පදනම මත විශ්ව විද්‍යාලයට තෝරා ගත් පිරිස සහ සුදුසුකම් ඇතත් මේ අවස්ථාව නොලබපු නිසා තාක්ෂණ විද්‍යාව හැදෑරීමට ගිය පිරිස අතර ප්‍රශ්ණයක්..!(නු)

:       0       0

සකු Wednesday, 02 January 2013 04:14 PM

මොනවාද මිනිසුනේ මේ වැඩ වල තේරුම (දී)

:       0       0

තිලාන් Wednesday, 02 January 2013 05:16 PM

සන්සුන් වෙන්න මිනිසුනේ (දී)

:       0       0

හිල්ම් Wednesday, 02 January 2013 06:29 PM

ගොඩින් විසදා ගන්න (දී)

:       0       0

සේනක Wednesday, 02 January 2013 06:26 PM

ධම්ම, ඔයා ඉන්ජිනියරින් කරපු කී දෙනෙක් විශ්ලේෂණය කරලද එයාලා අධිමානසිකයි කියන තක්සේරුවට ආවේ? (නි)

:       0       0

මලින්ද Wednesday, 02 January 2013 07:30 PM

ගැටුම ඇති වුයේ ඉංජිනෙරු පීඨයේ සිසුන් හා "තාක්ෂණ ආයතනයේ" සිසුන් අතර වේ. දන්න සිංහලෙන් කියනවනම් Engineering සහ NDT අතර. තොරතුරු තාක්ෂණ පීඨය(Faculty of Information Technology) සහ Faculty of Architecture සාමාන්‍ය පරිදි අධ්‍යන කටයුතු වල නිරත වේ. (ස)

:       0       0

සංජීව Wednesday, 02 January 2013 07:56 PM

මුතු සහ ජනක වෙත... මොළෙත් නැහැ ඉගෙනගෙනත් නැහැ කියලා කිවුවා නමි ඉවරයිනේ. (නි)

:       0       0

ආනන්ද Wednesday, 02 January 2013 08:18 PM

උගත්කම එකක්. විනයගරුකකම තව එකක්. මෙතන නැත්තෙ මොනවද කියලා හැමෝටම පැහැදිලියිනේ. (නි)

:       0       0

සමන් Wednesday, 02 January 2013 08:35 PM

මමත් මොරටුව ඉංජිනේරුවරු එක්ක වැඩ කරලා තියෙනවා.. එයාලා විශ්වවිද්‍යාලයකට ගිය අයද කියලා කණගාටුයි.. දම්මගේ කතාව හරි... එයාලා සියල්ල දන්නවා කියලා හිතා‍ගෙන ඉන්නවා.. ඇත්තටම කණගාටුයි.. අපි ඔක්කොම ශිෂ‍්‍යයෝ.. මනුෂ්‍යයෝ කියන එක අදුන්නෙ නැහැ.. ඒකට පේරාදෙණියෙ අය.. මෙහෙම නැහැ ස්වාධීනයි..!(නු)

:       0       0

ජනක Wednesday, 02 January 2013 12:35 PM

ඉගෙනගත්තට මොලේ නෑ කියන්නේ ඕක තමයි (ස)

:       0       0

ධම්ම Wednesday, 02 January 2013 11:41 PM

සේනක, දැනට පරිණත වියේ සිටින මා සහ මගේ මිතු කැළ එදා සරසවිය තුළ කළ කී දෑ විශ්ලේෂණය කරලයි මම එහෙම කියන්නේ. (නි)

:       0       0

මුතු Wednesday, 02 January 2013 01:15 PM

මොලේ තිබුණත් ඉගෙන ගෙන නෑ කියන්නේ ඕකයි (ස)

:       0       0

ධම්ම Wednesday, 02 January 2013 01:17 PM

ඉංජිනේරු පීඨයේ අයගේ අධීමානය තමයි ගැටුමට හේතුව. (ස)

:       0       0

සම්පත් Wednesday, 02 January 2013 01:19 PM

මොලේ නැතුව නෙමෙයි . සරසවි ගිහාම ඔලුව ඉදිමෙනවා (ස)

:       0       0

මුතුකුඩ Thursday, 03 January 2013 12:13 AM

ආනන්ද මල්ලී, මෙතන නැත්තේ විනය. විනය කඩෙන් ගන්න බැහැනේ. ඉතින් මක්කරන්නද? (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 02 January 2013 01:38 PM

ජනකට පොඩ්ඩක් ඉරිසියාවයි වගේ. (ස)

:       0       0

බණ්ඩාර Thursday, 03 January 2013 02:00 AM

ගයාන්, ලංකාවේ වැඩිදෙනෙක් උපාධි ලබා නොමැත. ඔවුන් සියල්ලට හීනමානයක් ඇතිබව සිතන සහ කියන ඔබ වැනි පුද්ගලයන් ප්‍රදර්ශනය කරන්නේ අපගේ ( ඔබ විශ්ව විද්‍යාල සිසුවෙක් හෝ උපාධිලත් කෙනෙක් නම් ) විශ්ව විද්‍යාල පද්ධතියේම අසමර්ථ බවයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 02 January 2013 02:21 PM

මෙම ගැටුම් වලින් හැගීයන්නේ සරසවිය තුළත් පාතාලයක් ඇති බව නොවේද? (නි)

:       0       0

ගයාන් Wednesday, 02 January 2013 02:21 PM

ඔන්න ආයෙත් සරසවි යන්න බැරිවුණ අයට හොඳ අවස්තාවක් තමන්ගෙ හීනමානය හොඳකරගන්න. (නි)

:       0       0

දනන්ජය Wednesday, 02 January 2013 02:34 PM

ඔයාලා දන්නේ මොනවද මමනේ හැප්පුනේ (ස)

:       0       0

කුමාර Thursday, 03 January 2013 05:38 AM

අපරාදේ අපේ සල්ලි! රටට මෙයාලගෙන් කිසිම වැඩක් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site