සෞදි අරාබියේ උම්මුල් හාමමන් පෙදෙසේදී අරාබි කතුන් ඇතුළු පිරිසකට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ ශ්‍රි ලාංකිකයකුට සෞදි උසාවියකින් කසපහර 100ක් ද වසරක සිරදඬුවමක් ද නියම කර ඇත.
පදියතලාවේ පී.ටී. තුංගසිරිට එම දඬුවම් නියම විය.
රියැදුරකු ලෙස එහි ගිය ඔහු සෞදි නිතියට පටහැනිව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළැයි නඩු පැවැරූ බව සෞදි රජයෙන් රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත. දඬුවමින් පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට ද නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වැදීම යකදුරු ක්‍රියාවක් නම් සෞදි අරාබියේ අදහන ආගමත් ලංකාවෙදි යකදුරු ක්‍රියාවක් විය යුතුයි.(නදී)
බුදුන් වැන්ද නිසා මරණ දඬුවම හිමි උනා කියා අසත්‍ය ප්‍රචාර කලේ ඇයි? බොදු බල සේනාවත් මෙය පිළිගත්තා නේද?(නදී)
ඇයි, ලංකාවෙ ඉන්නෙ අරාබි ගුරුකම් කරන අය.ඉතින් මොකද අපේ එකෙක් ගිහින් එහෙ ගුරුකමක් කළාම.!!!(නු)
අරාබි කාන්තාවන් මොහු කල කී දේ පිළිගත්තේ ඔවුන්ට ඔවුන්ගේ දෙවියන් කෙරේ විශ්වාසයක් නොමැති නිසා නේද? මොකද එයාලට දෙන දඩුවම..!(නු)
මේක බොරුවක්.. තුංගසිරි කොහොමද සෞදියෙ කාන්තාවන්ට මන්තර කරන්නේ.. එම කාන්තාවන්ට තමන්ගේ ස්වාමියා හැර අන් අය මුණ ගැසීම තහනම්.. ඒ වගේම සෞදියෙ හොල්මන් ගුරුකම් නැහැ කියන අයට මට ඒබව පෙන්වන්න පුළුවං.. සෞදියෙ අයත් ගුරුකම් කරනවා.. මම වැඩකරන්නෙත් සෞදියෙම තමයි.. මම ඉන්න ගොඩනැගිල්ලෙ එහා පැත්තෙ තියනවා යකුන් වැහුණ අයට ගුරුකම් කරන තැනක්. මම ඉන්නෙ රියාද්වල. තුංගසිරිට තියෙන එකම වරද තමයි ඔහු බුද්ධාගම වීම. මෙහෙ අයට බෞද්ධයන් පේන්න බැහැ..!(නු)
මොහොමඩ්ගෙ අදහස හරි.. මැද පෙරදිග අය තාම ඉන්නෙ ගල් යුගයෙ...(නු)
එහමනම් කියමු බලන්න බුදු දහමට පටහැනි විදිහට හලාල් කවන එකට ලංකාවේ මොනදේද කල යුතුව ඇත්තේ කියලා. ඔය මැදපෙරදිග වෙනත් කිසිම ආගමක් හෝ විශ්වාසයකට ඉඩ නැත .එම රටවල ඔව්න්ගේ ආගමට විරුද්ද දෙයක් කලොත් ඉතින් මරණ දඩුවම හෝ මෙවැනි කස පරවල්ම තමා. ඒ විදිහට ඔවුන් තමන්ගේ ආගම රකින්නට නීති හදාගෙන තියන්නේ. අපේ රට බෞද්ද රටක්! ඒක රකින්ටවත් නීති හදාගන්න බැරිවී තියන්නේ?(නු)
මෙයා රටවල ඉන්න අපේ අය මොනවා කරලා හරි ඉක්මනට සල්ලි හම්බකරන්න ඕන පස්සෙ දුක්වෙන්නෙ නැතිව(නු)
මෙහි මොහමඩ් නමින් අදහස් දල තියෙන්නේ මුස්ලිම් සහෝදරයෙක් නොවෙන බවයි හැගෙන්නෙ..!(නු)
ඇමරිකන් කාරයෝ ඉදිරියේ සවුදිකාරයට මලපහවෙනවා. අපේ අහිංසකයා ට කසපාර . ඇමෙරිකාව හා ඊශ්‍රායලය ගෙනියන සටන දිනේවා !(නදී) !
මෙය කරලා තියෙන දේ හරියට නොදැන කට්ටි වටේ ගිහින් වගේ. මෙයා කරපු එකම දේ බුදු පිළිමයක් තියාගෙන ඒකට හදුන් කූරු දල්වපු එක. මේක දැකපු ගෑණු ටිකක් පොළිසියට පැමිනිලි කරලා එයාව අල්ලගෙන ගියේ ඒ වරදට. චෝදනාව බුදු පිළිම / හඳුන්කූරු තියාගෙන හූනියම් කරා කියලා. ෂරියා නීතිය යටතේ ඔප්පු කරේ කොහොමද දන්නේ නැහැ තුංගසිරි හූනියම් කරා කියලා(නදී) .
එහමනම් කියමු බලන්න බුදු දහමට පටහැනි විදිහට හලාල් කවන එකට ලංකාවේ මොන දේද කළ යුතුව ඇත්තේ කියලා? ඔය මැදපෙරදිග වෙනත් කිසිම ආගමක් හෝ විශ්වාසයකට ඉඩ නැත .එම රටවල ඔවුන්ගේ ආගමට විරුද්ධ දෙයක් කළොත් ඉතින් මරණ දඩුවම හෝ මෙවැනි කස පරවල්ම තමා. ඒ විදිහට ඔවුන් තමන්ගේ ආගම රකින්නට ගන්න නීති හදාගෙන තියන්නේ. අපේ රට බෞද්ධ රටක්! ඒක රකින්ටවත් නීති හදාගන්න බැරිවී තියන්නේ කාගේ වරදින්ද? (නි)
මම මේ සිද්ධියේ ඇත්ත හරියටම දන්නේ නැහැ. අච්චර හොද රටවල් ලෝකෙ තියෙද්දි ඇයි මේ අරාබියටම යවන්නේ.(නදී)
අයියෝ අයියෝ හොද වැඩක් නෙ කරන්න ගියේ.. මොකද මේ වගේ දඩුවමක් දෙන්නෙ.. අනේ පව්..!(නු)
මේක තමයි තුංගසිරිගෙ කතාවෙ සත්‍යය.. මෙය සිදුවී දින කිහිපයකින් මැදපෙරදිග පුවත් පතකින්ද මේ ආරංචිය දුටුවා..!(නු)
මේ රටවල් තාමත් සිටින්නේ මිලේච්ඡ ගල් යුගයේ. බලවත් රටවල් ටික එකතු වෙලා මොනවා හරි කරලා මේ රටවල මිලේච්ඡ සංස්කෘතිය වෙනස් කලේ නැත්නම් මොවුන් ලෝකෙටම තර්ජනයක් වෙනවා.(නු)
මනුස්සයෙක්ගෙ ගෙල සිඳිනකොට ඒ දේ පොරකකා බලනවා නම්, ගල් ගහලා මරන්න නියම වෙච්ච ගෑනියෙකුට ගහන්න ගල් ගන්න පොර කනවා නම් එතන තියෙන්නෙ ම්ලේච්ඡත්වය මිසක් වෙන දෙයක් නෙවෙයි. විදෙස් ශ්‍රමය, අර ශ්‍රමය මේ ශ්‍රමය කියලා සුරංගනා කතා කියලා අපේ මිනිස්සුන්ව මිනීමරු රටකට යවන එක තහනම් කරන්න දැන්වත් අදාල බලධාරීන් පියවර ගැනීම අත්‍යාවශ්‍යයි. මේ සිදුවීම සාධාරණීකරණය කරලා තියෙන ඇත්තන්ගෙන් මට අහන්න තියෙන්නේ තමුන්ගේ පියාට, මවට, සහෝදරයෙකුට, සහෝදරියකට, පුතෙකුට, දියණියකට, එහෙමත් නැතිනම් තමාටම මෙහෙම දෙයක් වුනොත් මොනවාද හිතෙන්නෙ කියලා. කරුණාකරලා මෝඩයෝ වගේ හැසිරෙන්න එපා. (නි)
කෝ අනේ යකැදුරාගේ දෙවියෝ, ඇයි මොහුව බේරා ගන්න බැරි, අපේ රටේ මුලාවෙන් මුදල් ඉපයූවට සවුදියේ දී ඒවා කළ නොහැකියි.(ස)
යක්කු ටික යන්න ඇති අනේ මොකදට කියලා හිතලා අනාගතය සරැ කරගන්න ඕනෙ නේද?(නු)
මෙහෙ මිනිසුන් රවටනවා වගේ එහෙත් රවටන්න ගියාද?(නු)
හොද වැඩේ.. මිනිසුන්ට බොරැ කරලා සල්ලි ගන්න ගියාට.. හිතන්න ඇති මෙහෙ වගේ ඕන සෙල්ලමක් එහෙත් දාන්න..!(නු)
මන්ත්‍ර ගුරුකම් ආදිය බුදුන් වහන්සේ විසින් තිරස්චීන විද්‍යාවක් ලෙසට ප්‍රතික්ෂේප කළ දෙයක්. (නි)
යකැදුරන් කරන්නේ බොරැවක් කියලා ඒකෙන්ම පේනවා.. එහෙත් අපේ රටේ වගේ කාන්තාවො ටිකක් ඉදලා තියෙනවා..!(නු)
අනේ මන්දා කලිං කිව්වෙ මෙයා කාමරේ බුදුන් වැන්දා කියලා නේද?(නු)
මේ මොන බොරුවක්ද අද වෙනකොට විදේශසේවා නියුක්ති කාර්‍යාංශය පවා පිළිගෙන තිබෙනවා මොහු මේ කියන ආකාරයේ ගුරුකම් කලා නොව,ඔහු බුදුන් වැන්දා කියා මේ දඩුවම ලබන්නේය. (නු)
කාමරයේ 'බුදුපිලිමයක් තිබියදී අල්ලපු ගෙදර ගෟහ සේවිකාවට වදින්න ගියාට කස පහර 100යි. ගෙහිමියන්ව වශීකර දී මුදල් ගැරුවාට වසර 1යි. (නි)
සෞදියේ ඌරුමස් සහ විස්කි විකුණන්න තියෙනව එව ඔවුන්ට අල්ලන්න බැ අමරිකානුවන් විනෝද වෙන්නේ පුදුම ලෙසට. සෞදියෙ නිති සේරම දුප්පත් අයට විතරයි ඇමරිකෙන් හමුදාවෙන් කාන්තාවන්ට ගහන්නෙ පයින්. මම අවුරුදු 10ක් හිටිය (ස)
අපේ අහින්සක ජනතාවගේ සල්ලී කී දාහක් මොහු හුරන්කන්න ඈත්ද? (ස)
මෙවැනිම දඬුවම් ලංකාව තුල සිටින සියළුම ජාතිවාදීන්ටද ලබා දිය යුතුයි..(ස)
ඒ අතිං සෞදිය හොදයි.. අපේ රටේ වගේ මිත්‍යා දෘෂ්ඨිකයෝ නැහැ.. සෞදියෙ එකම දෙවියා අල්ලා.. හොද වැඩේ මෙයාට අනවශ්‍ය වැඩ කරනවාට..!(නු)
ඒක් ඒක් රටවලට අාෙවිනික නීතිරීති ඒ ඒ රටවල පවතිනවා.විෙද්ශ රැකියා සදහා යන උදවිය ෙමි සමිබන්ධව දැනුවත්වීම ඉතා වැදගත්. (ස)
ඇත්තටම මේ යන්තර මන්තර ගුරැකම් වැඩ ලංකාවට වඩා පුදුම විදිහට පිටරට තියෙන්නෙ.. ගොඩක් ලංකාවෙ අය තමයි මේ වැඩ කරන්නෙ.. අනේ මන්දා මේ කිසිම කෙනෙකුට ලංකාවෙ තියෙන අපරාධ රැල්ල නවත්තන්න බැහැනේ..!(නු)
මේවා කරලා ඇයි දුක්වෙන්නෙ..!(නු)
වෙනුර කට තිබුණ පලියට බොරු කියන්න ඒපා. මේ සිද්ධියට ඔයත් හවුල් කියලා දැන් හොයාගෙන යනවා. සෞදියට දෙපැත්ත කන ඔයාලා වගේ අයගෙන් වැඩක් නැහැ.(නදී)
අනේ අනිච්චං! මේ ළගදී අපේ නයි නංගිට කරදර කරපු අරාබිකාරයට මොකද කළේ? තවම ඔය හොදට ඉන්නේ. (නි)
දැං ඉතිං මන්තර බලෙන් බේරෙමුකො.. මිත්‍යා දෘෂ්ඨිකයන්ට මේවා හොද පාඩම්.!(නු)
මෙන්න ලංකාවෙ පත්තර පිටු පුරෝලා දෑන්වීම් දාන ,යකැදුරනට අභියෝගයක්. මුහුදු හතෙන් එහා, හාම්පුතා වසගකර දෙමි, හැරගිය අය ගෙන්වා දෙමි, නඩු හබ ජයගන්වමි, වශීකර ලෝකෙ කොහේ හිටියත් ගෙන්වා දෙමි..... අපේ රණවිරුවෝ නොවෙන්න ප්‍රභාකරන්ව පිස්සු වට්ටලා කවුද ගෙන්නුවේ? උපන් දිනය , ඡායාරූප කොපමණ තිබුනද? මිනිසුන්ව මුලාකරලා මුදල් උපයන අයට හොද දඩුවමක්. අනේ අපේ ලංකාවේ යකැදුරන්ටත් ,චීවරයේ ඉදන් දැන්වීම් දාලා ගුරුකම් කරන අයටත් කසපාරවල් 100 නෙමේ 10ක් වත් දෙන්න නීතියක් එනවා නම්........ (නි)
මහසොහොනා, පෙරේතයෝ, භූතයෝ ඉන්නෙ ලංකාවෙ විතරයි.. පිට රට යන්න එයාලට වීසා නැහැ.. අන්න එතැන තමයි යකැදුරාට වැරදුනේ..!(නු)
බුදුපිළිමයකට වැන්ද නිසා අත් අඩංගුවට ගත්ත කියල නේද කලින් රාවය ගියෙ.(නු)
බුදුන් වැන්දා කියලා මරන්න නියම වෙලා තියෙනවා කිව්වෙ මෙයාව නේද? එතකොට ඒ කතාව බොරැවක්ද?(නු)
දැංවත් තේරෙනවා නේද ගුරැකම්, මන්තර, යක්කු භූතයෝ කියලා දෙයක් නැහැ කියලා. (නු)
රියදුරා රියදුරුකම කරන් ඉන්නේ නැතුව මොකටද යකදුරුකම කරන්න ගියේ.(නදී)
තායිලන්තයේ ගෘහසේවිකාවකට අතවරයට ලක්කරන්න ගිහිං මෙයා වරද පිළිගෙන තියෙනවා..!(නු)
ගුරැකම කරගන්න ගිය අරාබි කතුන්ට කස පහරවල් කීයක් ගසාවිද දන්නෙ නැහැ..!(නු)
ලංකාවේ වගේ නිදහසක් මේ ලෝකේ වෙන රටක නැතුව ඇති. අපේ අයත් දැන දැනමනේ ඕවා කරන්නේ. ඒකට ඒ රටේ නීතියට බැනලා වැඩක් නැහැ.(නදී)
සෞදියෙදි මුලාකිරිම් කළ නොහැකිය.. ඒවා ලංකාවෙ පමණයි..!(නු)
මේ මනුස්සයා බුද්ධ ප්‍රතිමාවක් තියාගෙන බුදුන් වැන්ද එකට තමයි "යන්ත්‍ර මන්ත්‍ර" කරනවා කියලා දඬුවම් නියම කරලා තියෙන්නේ. එහෙම නැතුව මෙයා හදි-හූනියම් කරන්ඩ ගිහින් නෙමෙයි. ප්‍රතිමා වන්දනාව කියන්නේ සෞදි නීතියට (දැඩි ක්ශරියා නීතියට) අනුව "යක්ෂයා" (ෂේයිතාන්) වැඳීමට සමාන වෙනවලු. ඉතින් මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ සවුදි බලධරයන්ගේ මතය, නමුත් ඇත්ත තත්වය නෙමෙයි.(නදී)
තුංගසිරි කාටවත් වරදක් කරලා නැහැ.. ජීවිත හානියක්, හොරකමක් වෙලා නැහැ, මිනිස්සුන්ගේ විශ්වාවසලට තැන දෙන්න ඕන..මේකෙන් කාටවත් හානියක් වෙන්නෙ නැහැ.. කස පහර සීයක් කොහෙත්ම අවශ්‍ය නැහැ.. පව් අහිංසකයා...!(නු)
සවුදියේ මීට වඩා ලොකු අපරාද වෙනවා. වැඩි කරමක් කරන්නේ සවුදි ජාතිකයින්මයි. ඒවා ගැන සොයා බලන්නැහැ. දුප්පත් අහිංසකයා තමයි හැමදේටම අල්ලා ගන්නේ. (ස)
මමත් ඉන්නේ සෞදිවල. හොයලා බලන්න කී දෙනෙක් මෙහෙ තම තමන්ගේ ආගම ධර්මය අදහනවද කියලා.(නදී)
අරාබි කාන්තාවක් යාලු කරගන්නද ගුරුකම් කරල තියෙන්නේ, ඇයි එයා දන්නෙ නැත්ද සවුදියේ අන්‍යාගම් හා ගුරුකම් තහනම් බව(ස)
ඇත්ත කියනකොට මොහොමඩි නැතුව මොහොමඩ් අප්පුහාමි වෙන්නද කියන්නේ.(නදී)
ඇත්තෙන්ම මෙයා ලංකාවේ කන්තාත්වන් මෙන්ම සෞදි අයටත් මන්තර ගුරුකම් කරලා සල්ලි ගන්න මනුස්සයෙක්. ඒ ව්‍යාපාර කරන්නේ නගරයේ සුපමර්ක්ට් එකක් ලග. නමුත් අහුවෙලා තියෙන්නේ කාන්තාවකට මතුරපු සුරයක් දෙන්න ගිහින්. මේ විස්තරය මැදපෙරදිග පුවත් පතකත් මා දුටුවා. ඒ වගේම දමාම් සිටින බ්ලොග් ලියන කෙනෙකුත් කියා තිබුනා. (නු)
බුදුන් වැන්ද කියලා කාවවත් මරන්නෙ නැහැ.. සෑම ලාංකිකයෙකුගෙම කාමරේ බුදුපිළිමයක් තියෙනවා.. උදේට පිරිත් අහනවා.. කිසිම අවහිරයක් මම දුටුවෙ නැත..!(නු)
මේ මගෙ සහෝදරයා ඇත්ත දැනගෙන දාන්න ව්දෙස සේවා එක කියක් දේවල් කිව්වද ,නම වැරදි,මිට වඩා වෙනස් දඩුවමක් නියම උනේ.(නු)
පැමිණිල්ල ලියන්නේ සෞදි පොලිසියෙන්.. ඒකට පිටින් කාටවත් යන්න බැහැ.. සෞදියෙදි..!(නු)
මොනවද ඔය වැඩ කරන්න ගියේ (දී)
මේ අසත්ය පුවතක්. මේ දඩුවම දීල තියෙන්නෙ බුදුන් වැන්ද කියල නෙමෙයි.(නදී)
ආගමික නිදහස ඉතාම වැදගත්..(නු)
සිංහල උනත් මුස්ලිම් උනත් නැති එකාට තමයි ඔක්කොම. සල්ලි කාරය ඕන බලු වැඩක් කරලා බේරෙනවා. (නදී)