
(සුනිල් එස්.තන්ත්රිආරච්චි )
දකුණු පයාගල ප්රදේශයයේදී අද පෙරවරුවේ ගාලු කුමාරි දුම්රියේ ගැටී අනතුරට පත් කැබ් රියේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනා ගෙන දෙදෙනකු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මෙසේ මිය ගොස් ඇත්තේ මහියංගනයේ පදිංචි විහඟ රුක්ෂාන් බණ්ඩාර කරුණාරත්න සහ රඹුක්කන පදිංචි පසිඳු සුපුන් රණසිංහ (අවු.22) යන දෙදෙනායි.
කැබ් රථයේ රියැදුරුවූ බුලත්සිංහල , පරගොඩ පදිංචි අයකු රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
-----------------------------------------------------------
(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)
බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය පයගල දී මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් තිදෙනකු රෝහල් ගතකර ඇති බව පයාගල පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් රියදුරු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.
පයාගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අනතුර සිදුව තිබේ.
දුම්රියේ ගැටුන මෝටර් රථය මීටර් 200 ක් පමන දුරකට ඇදීගොස් ඇති අයුරු දැකගත හැකිවිය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd