(බී.ජි. චතුරංග)

මරදංකඩවල පෙරියකුලම විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙමින් තිබියදී, බඹර කූඩයක් ඇවිස්සී, එහි විභාග රාජකාරියේ යෙදී සිටි ශාලාධිපතිවරයාට , ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියාට සහ නිලධාරිනියට බඹරුන් දෂ්ට කර ඇති බව මරදන්කඩවල පොලිසිය පවසයි.

බඹරුන්ගේ දෂ්ඨ කිරීම නිසා ශාලාධිපතිවරයා, පොලිස් නිලධාරියා සහ පොලිස් නිලධාරිනියගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නැතැයි කියයි.  විභාගය අවසන් වූ පසුව, වනජීවී නිලධාරීන් පැමිණ බඹර කූඩය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.