
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දිස්ත්‍රික්කයේ දැඩි ගෑස් හිගයක් පවතින අතර ෙ මාතර ගාලු පාරේ ලිට්රෝ බෙදා හැරීමේ නියෝජිත ආයතනය ඉදිරිපිට අද දහවල් දිගු පෝලිමක් දක්නට ලැබිණි.
එම අවස්ථාවේ දී රැගෙන ආ ගෑස් තොගය පෝලිමේ සිටි පාරිභෝගිකයින්ට බෙදා දුන් අතර තවත් පිරිසකට ගෑස් නොමැතිව හිස් අතින් යාමට සිදු විය.
මාතර දිස්ත්‍රික්කයේ දැනට සති දෙකකට වැඩි කාලයක් තිස්සේ ලාෆ් ගෑස් මිලදී ගැනීමට නොමැති නිසා ගෑස් පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජාතිය ලොකයේ මන් දැකපු විදිහට ඉක්මනින් අනුන්ගේ දේවල් වැළද ගන්නට කැමති ජාතියක් හරි වැරද්දක් ඛලනිනෙ නැතිව රැල්ලට යනවා,,, අපිට ඕන තරම් දර තියෙද්දී ගෑස් වලට මාරු උනා දැන් ආණ්ඩුවට ඛනිනව,,,අපිට සොබාදහමින් නිකන් ලැබෙන හිරු එළියෙන් වැඩ ගන්නෙ නෑ,,ඔය ගෑස් වලට වියදම් කරන මුදල සොලා පැනල් එකකට වියදම් කරානම් අදටත් නොමිලේ කරන්ට් එකෙන් උයනවා,,, තවමත් පරක්කු නැත. ශ්‍රීනාත්
වසන්ත සමරසිංහ ප්රමුඛ ගොබ්බ මාලිමා සෙට් එකට ඕක පෙනෙන්නේ පරණ පෝලිමක් ලෙසට වෙන්න ඇති.
ශ්‍රීනාත් මහත්මයාගේ අදහසට මමත් එකග වෙනවා , නිවෙස් වල වහලවල් මත සෝල පැනල සවි කර අපට අවශ්‍ය විදුලියෙන් 50% හෝ ඊට වැඩියෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන් , එහෙම කලොත් විදුලි බිල 30%-40% අඩු කරගන්න පුළුවන් , නමුත් මේක කරන්න නවීන විදුලි බෙදාහැරීමේ පද්දතියක් (ග්‍රිඩ් එකක් අවශ්‍ය වෙනවා ) අපේ ග්‍රිඩ් එක නවීකරණය කරගන්න ඇමරිකන් ඩොලර් බිලියන 1,5 අවශ්‍ය බවට ගණන් බලා ඇත , නමුත් රජය සතුව මෙම මුදල් නැත ,එම නිසා පුද්ගලික ආයෝජන ලබාගෙන විදුලිබල මණ්ඩලය කොටස් 5 කට කඩා කරන වැඩපිළිවෙලක් IMF විසින් යෝජනා කර ඇත , රාජ්‍ය විසින් මේ වැඩපිළිවෙල යම්කිසි දුරක් දක්වා කරගෙන ගියත් දුෂිත විදුලි ඉංජිනේරුවන්ගේ සහ කර්ය මණ්ඩලේ විරෝධය නිසා අතර මග නවතා දමා ඇත , එම නිසා නොමිලේ ලැබෙන සුර්ය සම්පතින් ප්‍රයෝජන ගැනීමට මුළු රටේම පුරවැසියන්ට නොහැක
රාජපක්ෂලා පෝලිමට හිටගෙන ඉන්නවා මම දැක්කා... අම්මපා.
කවුද දන්නේ මේවා අරක්කු බෝතලයටයි, බත් පාර්සල් එකටයි. ඇතිවන පෝලිමක්ද කියලා... ඇයි මේ පෝලිම අනිත් පළාත්වලට නැත්තේ...?
ආණ්ඩුවේ ගෑස් වැඩිවෙනවද මන්දා?
මාතර පැත්තේ විතරද ගෑස් අඩුවෙලා තියෙන්නේ?
ගෑස් හිගයි කියන්නේ ... නොසෑහෙන්න ගෑසි මිල වැඩිවෙයිද දන්නේ නැහැ...
අනාගත කාලයේ ගෑස්, ඉන්ධන හිගවෙනවා කොහොමත්
කොරෝනා කාලවලත් එක එක හිගවල් තිබුණනේ... හාල් හිග, සීනි හිග වගේ...
ස්වභාවිකව ගෑස් නිපදවන පද්ධති රට තුළ ගොඩනගන්න.
මගේ ගෙදර ගෑස් ටැංකියත් දැන් ඉවර වේගෙන එන්නේ. මොකක් වෙයිද දන්නේ නෑ. දැන් අලුත් එකක් ගන්නේ කොහොමද?
ඉන්ධන හා ගෑස්වලට හොදම පිළියම විදුලි බලයයි.
ගෑස්වලට වඩා වෙන ආරක්ෂාකාරී විකල්ප ක්‍රමවේද හදාගන්න ඕනෑ.
වත්මන් රජය මූලික පියවර ගතයුතුයි. ගෑස් හිගයෙන් ජනතාව මුදාගත යුතුයි.
ජෙබයියන්ගේ උත්තර කියෙව්වම හිනා යනවා. සෝලා ගැන එකෙක් කතා කරනවා. තවකෙක් විකල්ප ගෑස් ගැන කතා කරනවා. තවකෙක් මේක අරක්කු බෝතලේ පෙන්නලා හදපු පෝළිමක් කියනවා. ඇත්තටම මුන් මේ ලෝකේ පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු වෙන්න නම් බැහැ. ආණ්ඩුව දැන් නාගන්නෙත් ඔය ටයිප් එකේ අපරිණතකම් නිසයි.